Tuesday, September 12, 2017

Amour - 2012


ප්‍රේමය ගැන අර්ථ දැක්වීමක්...

‘As we know, Love needs re-inventing’
-Arthur Rimbaud

බදියුත් එක්ක නිකොල්ස් ට්‍රොන්ග් ආදරය ගැන හරි අපූරු සංවාදයකට යනවා In praise of Love පොතත් එක්ක. ඒ පොත පටන් ගන්නේ එහෙම ක්වෝට් එකකින්. පොත සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා කෞශල්‍ය සහ විදුර, 'ප්‍රේමය පසසනු වස්' නමින්. කෞශල්‍ය සහ විදුර ඒක ට්‍රාන්ස්ලේට් කරනවා මෙහෙම;

'අප දන්නා පරිදි ප්‍රේමය යළි නිපදවීම අවැසිව ඇත.'
-ආතර් රිම්බෝර්ඩ්


ප්‍රේමය ගැන පොඩි ඩිස්කශන් එකක්..

පහුගිය දවසක ඔ‍ෆිස් එකේ මිතුරියක්, සිගරට් එකක් බිබී චැට් එකක් දාන ගමන් මරු කතාවක් කිව්වා. ඇය නියොජනය වෙන්නේ නයිට් ක්ලබ් යන, කන බොන නිදහස් ජීවිතයක්. ඇයගේ බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක  මට ඒක සීරියස්ව දැනුනා. ඇය කියනවා, 

"දැන් මිනිස්සු ආදරය කරන්න දන්නේ නෑ. අෆය(ර්) එකත් බ්‍රේක් වුනත් 'සෝ වට්?' කියල පහුවදා වෙන කෙනෙක් එක්ක ඉන්නවා. ඒ වෙනුවෙන් විඳවන්නේ නෑ." 

වගේ අදහසක්. මිනිසුන්ගෙන් ආදරය/ජීවිතය ගිලිහෙන එක තමයි ඇයගේ අදහස විදියට එලියට එන්නේ. මට හම්බවෙලා තියන පට්ට මානවවාදී ගැඹුරු ‍ෆිලෝසො‍ෆිත් එක්ක ඉන්න ගැහැණියට වඩා ඇය සරලව අවංකව කියපු අදහස මරු. ඇය ඇයට අවංකයි. මමත් විශ්වාස කරන දෙයක් තමයි මේ මොහොතේ මිනිසුන්ගෙන් ආදරය ගොඩක් ඈත් වෙලා කියන එක. හැමෝම ඕල්ටර්නේටිව් එකක් තියාගෙන ඉන්න එක. ඒක මේ සිස්ටම එක ඇතුලේ ඕකේ වෙන්න පුලුවන්. ඒත් ආදරය වෙනුවෙන් දුක් විදිනවා කියන්නේ ඒ මනුශ්‍යයට ජීවිතයක් තිබිලා කියල දැනෙන්න පටන් ගන්නවා. ඒක මරු.


ප්‍රේමය ගැන සිංදුවක්...

සෝමතිලක ජයමහ ප්‍රේමය ගැන මෙහෙම කියනවා. මේ පෙම්වතා ජීවිතේ අවසාන කාලය ගත කරන්නේ. ඔහුට මෙහෙම දැනෙනවා ඇති.

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මඟ දකිනා...

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන

සියලු බැමි සිඳිනා...


ප්‍රේමය ගැන ‍ෆිල්ම් එකකට ප්‍රෝලොග් එකක්...

සොබාදහම විසින් ක්‍රියේට් කරපු ක්‍රියේටිව්ම කන්සෙප්ට් එක 'ප්‍රේමය' වෙන්න පුලුවන්. ඒක ඒතරම්ම ක්‍රියේටිව්ලි හැම ලේයර් එකටම ගිහින් තියනවා. සමහරු පොඩි කාලෙක ප්‍රේමයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම දුක් විඳිනවා, ඒක වෙනුවෙන්ම ජීවත් වෙනවා. තවත් කෙනෙක් අසම්මත පෙම් කතාවක් හිතෙ තියාගෙන පැසව පැසව ඉන්නවා. තවත් කෙනෙක් අහිමි පෙමක් වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ අතරෙ හිමි වුණු (විවාහ වුණු) දෙන්නෙක් ඒ හිමිවීම පිළිබඳ/ නොගැලපීම් පිලිබඳව පසු තැවෙනවා. මේ පසුතැවීම්-වේදනාත්මක ස්මර අස්සේ සමහර පෙම්කතා බාදක කරදර මැද ඔහේ ගලාගෙන යනවා. ජීවිතේ අවසාන කාලේ වෙනකම් එහෙම ප්‍රේමයක් ගලාගෙන ගිහින් ගඟ මුහුදෙන් කෙළවර වෙනවා වගේ එක්තරා නිමාවකට එනවා. එහෙම මහ මුහුද තරනය කරන්න ළං වෙන ප්‍රේමයක් ගැන 2012 ඔස්ට්‍රියන් ජාතිකයෙක් ‍ෆිල්ම් එකක් කරනවා. ‍ෆිල්ම් එක Amour. ‍ෆිල්ම් එක කරන්නේ මිචෙල් හැනෙකෙ.


‍ෆිල්ම් එකක් ගැන ප්‍රේමයක්...

ටේස්ටින් කියන කන්සෙප්ට් එකේ නැත්නම් ආර්ට් කියන කන්සෙප්ට් එකේ හරි වින්දනයක් දෙන දෙයක් විදියට මට උඩටම එන්නේ ‍ෆිල්ම්. (ෆෝර්ම් එකක් විදියට) ජීවිතේ ගොඩක් තැන්වලට එක්කගෙන ගියේ ‍ෆිල්ම්ස්. ආත්මය තුළ තිබ්බ කුණු ගොඩවල් හොයලා දුන්නේ ‍ෆිල්ම්ස්. 

එහෙම වුණු ‍ෆිල්ම්ස් වලත් උඩම ‍ෆිල්ම් එකක් විදියට "අමෝර්" එනවා. ජීවිතයේ තියන සුන්දරම හැඟීම ප්‍රේමය වෙද්දී, ඒ ප්‍රේමය පරිබාහිර හැඟීමක් විදියට මගේ ඉස්සරහට ගේන ‍ෆිල්ම් එකක් තමා අමෝර්.


අමෝර් ඇතුලේ ප්‍රේමය...

අමෝර් වචනේ තේරුම ලව්. ලව් ඇතුලේ කොහොමද ප්‍රේමයක් තියෙන්නේ. දෙකම එකයිනේ. ඉතිං අමෝර් කියන්නේ ආදරයමතමා. ඇතුළත් එළියත් දෙකේම සෙනෙහස. වසර ගානක ප්‍රේමයක් ඇතුලේ දෙන්නෙක් එකට ඉන්නව කියන්නේ දෙන්නගේ කෙමිස්ට්‍රි එක වැඩකරනවා හොදටම. හැබැයි අවුරුදු 40ක් 50ක් එකට ඉදල දැන් වෙන් වෙන්න ලඟ, මරණය ලඟම එන වයෝවෘද පෙම්වතෙකුයි පෙම්වතියෙකුයි. ජීවිතේ දෙන්නා එක්ක ගොඩක් තැන් වල ගිගින් අවසානයේ සීතල මරණය වෙත ඔවුන් ලඟා වෙන්නේ උණුසුමෙන් තුරුල් වෙලා. තව ටික කාලෙකින් උණුසුමින් ඈත් වෙලා සීතල වෙලා ගන්න වෙනවා දෙන්නට, තනි තනිවම. කොච්චර එකට හිටියත් දෙන්නට යන්න වෙන්නේ තනි තනිවම. ඉතිං මේ වෙන් වෙන්වීමේදී දෙන්නගෙන් එක්කෙනෙකු අතිශය වේදනාවෙන් පෙලෙනවා. මේ ඔවුනොවුන්ගේ ගැලවීමයි (යුතනෝසියා එකක්). හොදටම වැඩකරපු කෙමිස්ට්‍රි එක දැන් ප්‍රතික්‍රියාවකින් ලිහිහෙන්න යනවා. ප්‍රතික්‍රියාවට අවශ්‍ය ඔක්සිහාරක මරණය විසින් උරා ගනිද්දී, ප්‍රතික්‍රියාවට අවශ්‍ය බාහිර සාදක ‍ෆියන්සේ විසින් ලබා දෙනවා. මේ(අමොර්) ඒ ප්‍රතික්‍රියාවේ තුළිත නොවූ සමීකරණයයි. 


ආර්ට් එකක් ඇතුලේ ආර්ට් එකක්..

අමොර් ‍ෆිල්ම් එක ප්ලේ වෙන අපාර්ට්මන්ට් එකේ තැනින් තැන තියන පේන්ටින්ග්ස් 6ක් එක වෙලාවකදී ක්ලෝස්-අප් වලින් පෙන්නනවා. ඇට්මොස්පියර් සවුන්ඩ් ට්‍රැක් එකක් එක්ක පේන්නේ ඒ චිත්‍ර ටික විතරයි. 
ඒ චිත්‍ර ටික ප්ලේ වෙන්න පටන් ගන්නේ දෙන්නා අතර වයලන්ස් එකක් ස්පාක් වුණු මොහොතින් පස්සේ. ජෝර්ජ්, ඈන්ගේ කනට ගැහුවට පස්සේ. චිත්‍රෙන් චිත්‍රෙට විවිධ පැත්තට ඉන්ටප්‍රිට් කර ගන්න පුලුවන් නිසා පේන්ටින්ග්ස් ටික විතරක් මෙහෙම ගමු.








ආදරය වෙනුවෙන් අත්හැරීම...

ආදරය කියන්නේ හරිම ආර්මාර්ථකාමී හැඟීමක්. මතුපිටින් බැලුවම ආදරය කියන්නෙම අයිතිකර ගැනීමක්. ඒත් අනෙකාගේ යහපත/ආදරය වෙනුවෙන් අයිතිය කැපකරන්න පුළුවන් නම්? අනෙකාගේ වේදනාව අඩු කරන්න ඇය හෝ ඔහුව මරා දමන්න පුලුවන් නම්?
ආදර වැඩි නිසා ඇත්තටම පෙම්වතිය හෝ පෙම්වතා මරණ්න පුලුවන්ද?
අමොර්, ප්‍රේමණීය මරණයක් වෙත.

-තරිඳු ජයරත්න

Tuesday, July 18, 2017

වැලිකතර - 1971



-------------------------------------------------------------------------------------------------
පසුවදනක් නොමැතිව මව්බිමෙහි සති දෙකක් තිස්සේ පළ නොකළ මේ ආර්ටිකල් එක, යල්පැන ගිය පසු නැවත පෙරවදනක් නොමැතිව මෙසේ  පළ කරමි.
-------------------------------------------------------------------------------------------------

වැලිකතර ඩිජිටල් වලින් රී ටච් කරලා ආයේ රිලීස් වුණා. වැලිකතර මුලින්ම රිලීස් වෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වන 70 දශකයේ මුල. දැනට අවුරුදු 40 කටත් එහා. නිහාල්සිංහගේ පලවෙනි ෆීචර් ෆිල්ම් එක වගේම, ලංකාවේ පලවෙනි සිනමාස්කෝප් (වයිඩ් ස්ක්‍රීන්) ෆිල්ම් එක වැලිකතර.

වැලිකතර අස්සේ ඉන්නේ ජෝ විතරයි. එහෙන් මෙහෙන් තිස්සත් පෙනී නොපෙනී යනවා. අධ්‍යක්ෂක කතෘ වුණු සිනමාවක් මට හම්බවෙන්නේ හඳගමගෙන් පස්සේ. 70 දශකය සිනමාව කොයිතරම් ඉන්ඩස්ට්‍රියක් විදියට ඉහළින් තිබ්බත් ඒ හැම ෆිල්ම් එකකම වගේ ප්‍රධාන කැරැක්ටර් එකක් හරහා තමයි ෆිල්ම් එක ගොඩ දාගන්නේ, අධ්‍යක්ෂක්ගේ අයිඩියෝලොජි එකට වඩා. ඒ කාලේ අධ්‍යක්ෂකට බැහැ ප්‍රකාශනය ගොඩක් ප්‍රභලව ගේන්න නලුවා හෝ නිලිය ඉස්මතු නොවී. වැලිකතරෙත් අන්තිමට උනේ ඒක. ගාමිණී ඒ කාලේ ඕඩියන්ස් එකට වැඩ කරත් දැන් වෙද්දී හරිම නීරසයි ඒ එළැඹීම. ගාමිණී වගේ පීචං ඇක්ටින් කැපෑසිටි එකක් අස්සේ ජෝගේ ඒ එළැඹීම මරු. ඒක අදටත් වලංගුයි. මම බලපු ගාමිණීගේ හැම ෆිල්ම් එකකම වගේ ගාමිණී බැරි වෙනවා චරිතයට අනන්‍ය වෙන්න. ගාමිණී නලුකම ඇඟට සහ හිතට ගන්න නිසා චරිතය ඈතට ගිහින්. ජෝ නලුකම ඈතට යවන නිසා චරිතය ජෝට ඇවිත්. ඒ නිසා හැමදාම ජෝ, කලං ඉස්සරහ ගාමිණී අහෝසි වෙලා යනවා. ගාමිණී සිනමා සක්විති වෙන්නේ ඉංග්‍රීසි සක්විති (රණසිංහ) වගේ දෙයකින්. ඇත්තටම ගාමිණීගේ ඇක්ටින් මට එදා ඉදන්ම මෙලෝ රහක් නෑ.

70-80 සිනමාව කතන්දර කීමේ මාධ්‍යක් විදියට ගොඩක් එහා තැනක තියනවා. වැලිකතර වගේ එකක් ගත්තත් 'රාමායණය' ඉන්ස්පිරේශන් එකක් විදියට තියාගෙන අබේසේකර ගේන ස්ටෝරි එක මරු. රෙස්ටොරන්ට් එකේ සාරී කතාව වගේ මෝඩ ස්ටීරියෝ ටයිප් සීන්ස් සහ ඩයොලොග් කිහිපයක් හැරුනම ස්ක්‍රිප්ට් එකක් විදියට වැලිකතර දියුණුයි. හැමදාමත් ස්ක්‍රිප්ට් එකෙන් කතාව ගොඩ දාගන්න තිස්ස අබේසේකර කොහොමත් දක්ෂයි. ඒත් ඔහු ඩිරෙක්ට් කරන්න ගියාම නා ගන්නවා. කරුමක්කාරයෝ, විරාගය වගේ දේවල් වලට උනේ ඒක. වෙලාවට මේක නිහාල්සිංහ ඩිරෙක්ට් කරන නිසා මේ තරම් හරි බේරිලා තියනවා.

වීරයා හැමවිටම ජය ගන්න ස්ට්‍රක්චර්ඩ් සිනමාවක් තමා ගොඩක් වෙලාවට මාස් ඕඩියන්ස් එකට වැඩ කරන්නේ. හරියට සිඩ්ෆීල්ඩ් වගේ. ඉතිං මේක එහෙම මාස් ඕඩියන්ස් එකේ ප්ලේ වෙන්නේ කොහොමද කියන එක සෑහෙන කතා කලයුතු සහ මාස් ඕඩියන්ස් එකට ‍ෆිල්ම් හදන්න ඉන්න අලුත් සෙට් එක අල්ල ගන්න ඕනි දෙයක්. ඒ කියන්නේ වීරයා සහ ප්‍රතිවීරයා එකිනෙකා අතර දෝලනය කරන්නේ කොහොමද කියන එක සහ කියුරියෝසිටි එක ‍ෆිල්ම් එක පුරාම අරං යන එක. අන්තිමට ‍ෆිල්ම් එක වටේ අරං ගිහිල්ලා හීනෙන්වත් හිතන්නේ නැති එන්ඩ් එකකට ගෙනියනවා.

ආයෙත් ‍ෆිල්ම් එකට ආවොත්, ගෝරිං කියන්නේ ටාර්ගට්ස් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පොරක්. ඒ කියන්නේ මිනිහෙකුට ගන්න පුලුවන් පොසිටිව් ඉන්ස්පිරේශන් එකක් ගෝරිං මුදලාලි. හොද සහ නරක බෙදන්න වෙන්නේ ඒ ඒ සංස්කෘතියට අදාලව. මොකද හොද කියල පියෝ එකක්වත් නරක කියල පියෝ එකක් වත් නෑ. ඒක ඒ කාලෙට හා සංස්කෘතියට අදාල දෙයක්. ඉතිං ගෝරිං දුශ්ට කැ‍රැක්ටර් එකකට වඩා මට හම්බ වෙන්නේ සීරියස් හියුමනික් ක‍රැක්ටර් එකක් විදියට. ඇත්ත මිනිහෙක්, අපි වෙන්න ප්‍රාර්තනා කරන මිනිහෙක් ගෝරිං කියන්නේ.

හැබැයි වික්‍රම කියන්නේ සම්පූර්ණයෙන්ම ඔපසිට් කැ‍රැක්ටර් එකක්. යතාර්තයෙන් පැනලා දුවන, තමන් කැමති දේ සිස්ටම් එක නිසා ප්‍රතික්ශේප කරන පුද්ගලයෙක්. යුනිෆෝර්ම් එක කියන්නේ එහෙම මිනිහෙක්ට හොද පිටපොත්තක්. හරියට හාමුදුරුවෙක්ට සිවුරක් වගේ. මට පොලිසිය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය අතරේ ලොකු වෙනසක් නෑ. උන් තුන් දෙනාම වෙන ලීගල් ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී හිටින එක කරන්නේ. හමුදාව LTTE එකට ගහන තැන ඉදන්, ඊයේ පෙරීදා අන්තරේට ගහන තැන දක්වාම ඒ ගොල්ලෝ අතකොලු. මට LTTE එක ගැන තියන තරම්වත් අන්තරේ ගැන ප්‍රසාදයක් නැහැ. ඒත් මතවාදයක් පහර දීමකින් හෝ සමූල ලෙස ඝාතනය කිරීමකින් වහන එක මට එකඟ වෙන්න බැරි දෙයක්. ඒක ඊට වැඩිය මාතවාදීව ගොඩ නගා ගන්න ඕනි දෙයක්. එහෙම පහර දෙන ලේ පිපාසිත පොලීසිය සහ හමුදාව වගේම තමයි පන්සල් වල හාමුදුරුවරු. වෙන කෙනෙක් (ගෞතම) ගෙනා දියුණු දර්ශනයක් පුස්කාපු මොළ තියන එළුවන් වගේ පිරිසක් විසින් දැන් කියව කියව යනවා. මුලින් බණ පටන් ගන්නේ සියල්ල අත්හරින්න කියලා. ඒත් ඉවර කරන්නේ 'සිංහල ජාතිය' ‍රැකගෙන මිසක් අපි පස්ස බලන්නේ නෑ කියන අදහසින්. තමන් කරන්නේ මොකක්ද කියන අදහසක් නැති චීවරදාරී එළුවන් පිරිස සහ හමුදාව වෙනස් වන්නේ කවර ලෙසින්ද? ඒ වගේ ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් තමා වික්‍රම. තමන් වහගෙන තමන්ව දන්නේවත් නැති ගමනක් වික්‍රම යන්නේ. ඒත් ගෝරිං ඊට වඩා පොලොවේ පය ගහල ඉන්න කැ‍රැක්ටර් එකක්.

මම හැමතිස්සෙම කියන කතාවක් තමයි ඕල්ටර්නේටිව් නැත්නම් මේ සම්මත සමාජේට දරාගන බැරි කැ‍රැක්ටර්ස් ගොඩක් නිර්මාණ වල අවසානෙට මරල දානවා. ඒක ඒ නිර්මාණකරුවගේ යහපත වෙනුවෙන් කර ගන්න දෙයක්. නැත්නම් ඕඩියන්ස් එකට දරා ගන්න බැහැ ඒ කැ‍රැක්ටර් එක. මං හිතන්නේ ඒක නිර්මාණකරුවන්ගේ අසාර්ථකත්වයක්. ඔහුට බැහැ ඒ වෙනුවෙන් පෙනී හිටින්න. නිර්මාණකරුවත් අවසානෙට යෝජනා කරන්නේ වෙනස් උනොත් පවතින්න බෑ කියන පරනම අදහස. වැලිකතරේ ගෝරිංට වෙන්නෙත් ඒක. තිස්ස සහ නිහාල්සිංහ එකඟ වෙනවා ගෝරිං නැති කරන්න, වගේම ASP හාමුදුරුවෝ කියල පිටපොත්තෙන් වහන් ඉන්න වික්‍රමගේ සැබෑව එළිඋනු ගමන් මරලා දාන්න. හරිම ප්‍රාථමික සියදිවි නසා ගැනීමකින්. ලස්සනට වියපු ප්ලොට් පැදුර තමන් විසින්ම ආයේ ලිහල දානවා තිස්ස සහ නිහාල්සිංහ. අන්තිමට මම හෝල් එකෙන් එළියට ආවේ ඉවර වෙනකම් වියපු පැදුර වෙනුවට පන් ගස් ටිකක් විතරක් අරගෙන.

මං කියන්නෙ වැලිකතර වගේ පරන ආසියො ගහන එක දැන් ඇති. මොකද අලුතින් එන්න තියන ෆිල්ම් ලිස්ට් එක ගොඩක් දිගයි සහ ඒ ගොඩක් ෆිල්ම්ස් ඉහල මට්ටමක තියනවා. ඉතිං මේ පරණ වෙච්ච කාඩ් කූට්ටමක් තියාගෙන ඉන්නවට වඩා අලුත් පසල්ස් වලින් ගේම් ගහන තැනකට එන්න ඕනී. පරණ ‍ෆිල්ම් සෙට් එක ටොරෙන්ට්ස් හෝ DVD වලින් හරි එලියට දෙන්න. ආයේ ඒවා හෝල් වලට එනව කියන්නේ යාපනේ ගිහින් ෆ්‍රයිඩ් රයිස් කනව වගේ වැඩක්. සිනමාව 70 පහු කරගෙන දැන් ගොඩක් දුර ගිහින්. දැන් ඉතිං අලුත් සෙට් එකට හෝල් වල ඉඩක් දෙමු.


-තරිඳු ජයරත්න

Friday, July 7, 2017

4 Months, 3 Weeks and 2 Days - 2007



මම ටික කාලෙකට කලින් ෆිල්ම් එකක් බලනවා. ෆිල්ම් එක 4 Months 3 Weeks and 2 Days. 2007 පාම් දියෝ හම්බ වුණු ෆිල්ම් එක. ෆිල්ම් එකේ එක සීන් එකක් ගොඩක් වෙලා හෝල්ඩ් කරන් ඉන්නවා. ෆිල්ම් එකේ කට්ස් සෑහෙන අඩුයි. ටික වෙලාවක් යද්දී අපිත් ෆිල්ම් එකේ කැරැක්ටක් එකක් වෙන තරමට ඒක පවර්ෆුල්. අපිට අමතක වෙනවා අපි ෆිල්ම් එකක් බලනවා කියලා. ඉතිං මේ පවර්ෆුල් බැක්ග්‍රවුන්ඩ් එකට ගේන ස්ටෝරි එකත් ඒ වගේම පවර්ෆුල්. ඇබෝශන් බේස් වෙලා ගොඩක් ෆිල්ම් ලෝකේ කරලා තියනවා. ඒත් ක්‍රිස්ටියන් මුන්ගිව් (Cristian Mungiu) කරන මේ ෆිල්ම් එක වෙනස් වෙනවා ඇබෝශන් එකකට උදවු කරන කෙනෙක්ගේ තැනට. ෆිල්ම් එක තනි ලයින් එකකට ගත්තොත්; ඇබෝශන් කරගන්න කෙනාගේ යාලුවා ගැන තමයි ෆිල්ම් එක.

බයෝලොජිකලි ගත්තම සෙක්ස් කරනවා කියන්නේ, ජීවියෙක් බිහි කරන්න කරන ක්‍රියාවලියක්. හැබැයි ෆීලින්ග්ස් වගේ දෙයක් එද්දී ඒක (sex) ජීවියෙක් බිහි කරනවට වඩා එහා ගිය සුන්දර එක්ස්පීරියන්ස් එකක්. ඉතිං එහෙම සුන්දරත්වයක් එක්ස්පීරියන්ස් කරන කෙනෙක් ගැබ් ගත්තොත් ඇබෝශන් එකක් කිරීම මට සාපේක්ශව ඕකේ. ඒ කියන්නේ තවදුරටත් සාම්ප්‍රදායික බයෝලොජිකලි එන දේ පවතින්න ඕනි නැහැ, ඒක බිඳින්න ඕනී කියලා තමයි මම යෝජනා කරන්නේ. LGBT කියන දේටත් මේ මොහොතේ එකඟ වෙන්න වෙනවා කොන්දේසි විරහිතව. ඇබෝශන්ස් ලීගලයිස් වීමත් එක්ක ඊළඟට එන හ්‍යුමන් සහ එතිකල් ප්‍රශ්න එන්නේ ඒ බයෝලොගිකල් ටෘ එකට තියන බය නිසා. ෆ්‍රේම් වෙච්ච "ස්වබාදහමට" චැලේන්ජ් කරාම/ඒක බින්දම ඒ ප්‍රශ්න ටිකත් අහෝසි වෙලා යනවා. ආයේ ෆිල්ම් එකට එද්දී අපිට බැහැ මේ යතාර්තය වෙනුවෙන් පෙනී නොසිටින්න.

‍ෆිල්ම් එක පටන් ගන්නේ මරු ෆ්‍රේම් එකකින්. මේසයක් උඩ තියන පොඩි ටැංකියක හිර වෙලා වගේ ඉන්න මාළු දෙන්නෙක්. ටැංකියට එහා පැත්තේ ඈෂ් ට්‍රේ එකක සිගරට් එකක් පත්තු වෙනවා. ටික වෙලාවකින් අතක් ඇවිත් සිගරට් එක ගන්නවා. ෆ්‍රේම් එක ටික ටික වයිඩ් වෙන්න පටන් ගන්නවා. ඒ සිගරට් එක ගන්නේ තරුණියක්. තව තරුණියක් ඇය සමඟ ඉන්නවා. ෆ්‍රේම් එක ෆුල් වයිඩ් උනාම හරියට ඒ තරුණියන් දෙන්නත් අර ටැංකියේ ඉන්න මාළු දෙන්නා වගේ හැඟීමක් එනවා. ‍ෆිල්ම් එක හරියටම බේස් එක දාගන්නවා පළවෙනි ශොට් එකෙන්ම. අමුවෙන් බිව්වා වගේ.

‍ෆිල්ම් එක ස්ටෝරි එකක් විදියට බිල්ඩ් වෙනවා. තරුණියන් දෙන්නගේ මිශන් එක මොකක් හරි ජිලිබිලිස් වැඩකට යන්නේ කියල තේරෙනවා. ඒත් ඒ මොකක්ද කියල දැන ගන්නේ ‍ෆිල්ම් එකේ මැද හරියට එනකොට. මිශන් එක ඇබෝශන් එකක්. ඔට්ලියා(Anamaria Marinca) තමයි ෆිල්ම් එකේ ලීඩ් රෝල් එක කරන්නේ. ඒ කියන්නේ ඇබෝශන් එකට ලක් වෙන තැනැත්තියගේ මිතුරිය. එක තැනක හැර අනෙක් සෑම තැනකම කැමරාව ගමන් කරන්නේ ඇය වටා. එතකොට අපි අනන්‍ය වෙන්නේ ඔට්ලියාට. ඇය පෙම්වතා (Alexandru Potocean), මිතුරිය (Laura Vasiliu), ඇබෝශන් එක කරන පුද්ගලයා (Vlad Ivanov) වගේ කැරැක්ටර්ස් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ අතරේ දෝලනය වෙන තරුණියක්. ඔට්ලියාගෙන් කැමරාව මාරු වෙන එකම තැන වෙන්නේ ඇබෝශන් එක කරන පුද්ගලයා එක්ක සෙක්ස් කරන්න වුණු තැන. එතනදි කැමරාව මිතුරිය එක්ක යනවා. හැබැයි ඕඩියන්ස් එකම ඔට්ලියා ගැන තමා ෆෝකස් එකේ ඉන්නේ. කැමරාව ගැලවුනත් ඔට්ලියාගෙන් අපිට ගැලවෙන්න බැරුව යනවා. ඒ වොයේරිසම් ආශාවෙන් අපිට ගැලවෙන්න බැහැ. එය ඇය වෙනුවෙන් අපි තුළ තියන සංවේගයට වඩා ගැහැණිය (හෝ පිරිමියෙක්ගේ) තුළින් හොයන ලිංගික තෘප්තියට අපි ආස කරන නිසා.

ඔට්ලියා සහ පෙම්වතා අතර වෙන ඩයලොග් එකත් මිස් කරන්න බැහැ ‍ෆිල්ම් එකේ. ඒ කාලේ රුමේනියාවේ තිබ්බ සමාජ දේශපාලනික ප්‍රශ්නය එහෙම් පිටින්ම මේ මොහොතේ සහ මේ මොහොතට පෙර සිට ලංකාවේ කපල් අතර අඩු වැඩි වශයෙන් ඇති වෙන්නා වූ දෙයක්. ඒක 'සැකය' වචනයෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.

මුලු ‍ෆිල්ම් එකම අමුතු ට්‍රිප් එකක් අපිව එක්කගෙන ගිහිල්ලා වෙඩින් එකක් මැදින් අරං යනවා මාර කාම් තැනකට. ආයේ මට මතක් වෙන්නේ ස්ටාර්ට් කරපු සීන් එක. මාළු දෙන්නා. මේ එන්ඩ් ශොට් එකෙත් ඉන්නේ ඒ දෙන්නම. මාළු වෙනුවට තරුණියන් දෙන්නා රෙස්ටොරන්ට් එකේ මේසෙක දෙපැත්තේ වාඩි වෙලා. අන්තිමට (එන්ඩ් ශොට් එක) අපේ පැත්ත/ ස්පෙක්ටේටර්ස්ලගේ පැත්ත ඩිරෙක්ට් හැරිලා බලනවා ඔට්ලියා. මට එක සැරේටම මතක් වෙනවා මාත් මේ ‍ෆිල්ම් එකක් කියන ටැංකියක් දෙස නේද මෙච්චර වෙලා බලන් ඉදලා තියෙන්නේ. මට ‍ෆිල්ම් එකේ ටයිට්ල් චේන් එක යන ගමන් වටපිට බැලුනා. පොඩ්ඩක් වටපිට බලන්න, මාත්, කියවන ඔබත් මාළු ටැංකියක හිර වෙලා ඉන්නේ. ඒ ටැංකියේ ඔක්සිජන්, වතුර, ටැංකියේ ඉඩ වගේ ගොඩක් දේවල් අඩුයි. ඒත් අපිට තවත් මේ ටැංකියේ ඉන්න වෙනවා. පනින්න මුහුදක්, වැවක් හෝ ලොකු ජලාශයක් පේන හතර මායිමකවත් නෑ.

මේ ‍ෆිල්ම් එකේ පොඩි පොඩි දොරවල් ටිකක් අරින්න බැලුවේ. කෙළවරක ඉදන් ‍ෆිල්ම් එකක ඔක්කොම ලිහනවට වඩා මෙහෙම තැනින් තැන දොරවල් ජනෙල් ඇර ගන්න එක මරු. මොකද එතකොට ගොඩක් පැතිවලට තමන් කැමති දොරකින්, ජනේලයකින් එළියට යන්න පුලුවන්.

4 Months 3 Weeks and 2 Days නම මාස, සති සහ දවස් කියන වචන ටික පොඩ්ඩකට අමතක කරොත් ලියන්න වෙන්නේ, 4, 3, 2. ඒ කියන්නේ කවුන්ට්ඩවුන් එකක්. කවුන්ට්ඩවුන් එකක 2 න් පස්සේ කියන්නේ 1. එහෙනම් මම මෙහෙම කවුන්ට් කරනවා. 4, 3, 2, 1. අපි ෆිල්ම් එක බලමු.

-තරිඳු ජයරත්න

Friday, June 23, 2017

28 - 2014


මේ මාස දෙක තුන ඇතුළේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට ස්ට්‍රක්චර්ස් අතින් වෙනස් පාරවල් ගන්න ෆිල්ම්ස් තුනක් ආවා. ඒ,

1. නිම්නයක හුදෙකලාව
2. 28
3. නිනෝ ලයිව්

ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මේ මොහොතේ ආපූ දියුණු එළඹීම් වුනාට ඒ ෆිල්ම්ස් තුනම හදලා දැන් අවුරුදු ගානක් වෙනවා. හරිනම් එන්න තිබ්බේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඒත් ලංකාව වගේ රටක එහෙම වීම සාමාන්‍ය දෙයක් නිසා ඒක එහෙමම වෙනවා. අපිට අලුත් කියන්නේ සහ එහෙම කියන්න වෙන්නේ ටිකක් පරණ වෙන්න යනකොට එලියට එන දේවල් වලට. ඉතිං ලංකාවේ කන්ටෙක්ස්ට් එකට අලුත් කියල අපිට ඒවා බාර ගන්න වෙනවා. ඒක ෆිල්ම්ස් වලටත් අදාලයි.

සංකාරා සහ කර්ම කරපු ප්‍රසන්න ජයකොඩිගේ තුන්වෙනි ෆිල්ම් එක වෙන්නේ '28'. සංකාරා, ප්‍රසන්නගේ පළවෙනි ෆිල්ම් එක හරිම දියුණු ඊස්තටිකල් ඇප්‍රෝච් එකක් ගන්නවා. බෞද්ධ දෘෂ්ටි කෝණයේ මහායානික වෙනස සටහන් කරන ලංකාවේ ආපූ හොදම ෆිල්ම් එක මට සාපේක්ශව 'සංකාරා'. ඒ ටේස්ට් එකත් එක්ක තනිවෙන අපිව ප්‍රසන්න 'කර්ම' එක්ක ඊට වඩා වෙනස් ලේයර් එකකට අපිව අරං යනවා. ඉතිං 28 බලන්න යන්නේ ප්‍රසන්නත් එක්ක අලුත් සෞන්දර්‍යාත්මක ගමනක් යන්න. ඒත් ඒ ගමන හිතුව තරම් දුර ගියේ නෑ. සුද්දිගෙ ජීවිතය වගේ අපිත් කොහෙදෝ අතරමඟක අතර මං උනා.

28 කියන නමෙන් කියන්නේ ලොකු කතාවක්. චන්ද්‍ර මාසයකට දවස් විසි 28ක් වීම සහ ගැහැනියකගේ ඔසප් වීම දින 28කට වරක් සිදුවීම තමයි ෆිල්ම් එකේ නමට හේතුව වෙන්නේ. මේ ඉන්ටප්‍රිටේශන් එක හරි ගැඹුරු තැනකට ෆිල්ම් එක බලන්නත් කලින් අපිව එක්කගෙන යනවා. ඒත් ඉතිං ‍ෆිල්ම් එක බලද්දී වෙන්නේ ගැඹුරේ කිමිදිලා ඉදපු අපි ටික ටික මතුපිටට එන එක.

මට ෆිල්ම් එක පටන් ගන්නේ අපි ගර්භාෂයක් ඇතුලේ ඉන්නවා වගේ දැනෙන සීන් එකෙන්. එළියෙන් ලිංගිකත්වය ගැන කියන කතා ටිකක් ඇහෙනවා. ඒ ටීනේජ් වොයිස් එකක්. ස්ටාර්ට් එකේ අපිව හෝල්ඩ් වෙන්නේ එහෙම. අපේ ජීවිතය පටන් ගන්න තැන, යුක්තාණුව වැඩෙන තැන, අපේ චලනයන් පටන් ගන්න තැන වෙන්නෙ මේ ගර්භාෂය. ඉතිං මේ සියල්ල අවසානයේ අපි මේ ලෝකෙට එනවා, එන්නේ 'සුද්දිගේ' මරණය ගැන වෙන ආරංචියත් එක්ක.

ලංකාවේ සුද්දී කියන කැරැක්ටර් එක හැමදාම ආර්ට් වලදි හම්බවුනේ රැඩිකල් චරිතයක් විදියට. සයිමන්ගේ සුද්දීලාගේ කතාවේ ඉඳලා ප්‍රසන්නගේ 28 ඉන්න සුද්දී දක්වා ඒක වලංගුයි. 'සුද්දී' කියන සිග්නිෆිකේශන් එක ගමේ සංස්කෘතියට විරුද්ද වෙන, ලිංගික නිදහසක් හොයන, බඩුව කියල ගමේ ලේබල් එක වැටෙන කාන්තාවකට එන්නේ ලිබරල් විදේශීය කාන්තාවකට කියන හැඟවුම ඔස්සේ. විදේශීය කාන්තාවක් හොයන නිදහස ගමේ ෆ්‍රේම් එක ඇතුලේ කෙල්ලෙක් හොයද්දී බඩුව වෙන්න කලින් ඒ කාන්තාව සුද්දී වෙනවා. පස්සේ මූනට සුද්දී කියද්දී පස්සට බඩුව කියන ලේබල් එක නිකන්ම වැටෙනවා. ඊට කලින් අපිට මෙහෙම සූත්‍රයකට එන්න පුලුවන්.

ලිබරල් විදේශීය කාන්තාව = සුද්දී

ගණිකාවකට වඩා ගමේ සුද්දීගේ වෙනසක් තියනවා. 'ගණිකාව' වෘත්තියක් විදියට එද්දී 'බඩුව' කියන සිග්නිෆිකේශන් එක ඊට වඩා වල් වෙනවා. සුද්දී ගමට අනුව සල්ලාල වෙනවා. පිරිමිකෙනෙක් විවිද ගෑණු එක්ක ඉදිද්දී ඒ වෙනුවෙන් ලේබල් වෙන්නේ 'පොරක්' කියන සයින් එක. හැබැයී ඒ හැම මිනිහෙක්ටම මිස් වෙන කෑල්ල තමයි ලිංගික වෙනස නිසා තමයි පොරක් වීම සහ බඩුවක් වීම වෙන්නේ කියන එක. ඒ වගේම ඒ ලිබරල් නිදහස හොයාගන්න අමාරු, බය ගැහැණුත් ඇයව බඩු ලේබල් එකට දානවා. අන්තිමට එලියෙන් ඉදල බලන කෙනෙකුට පේනවා බඩුවක් වීමත් පොරක් වීමත් සයින් දෙකම ලිංගික ඊර්ෂ්‍යාවේ ප්‍රකාශමානී වචනය කියලා. බහුතරයක් මිනිස්සු මේ නිදහස් ලිබරල් කාන්තාව 'භාණ්ඩයකට' ආරෝපනය කරන එක වෙන්නේ මේ අවුල නිසා. එතකොට අපිට සමීකරණය තව සරල කරන්න පුළුවන් මෙහෙම.

බඩුව = ලිබරල් + නිදහස් + ගම
∴ ගමේ සුද්දී = ලිබරල් + නිදහස් + ගම

ඒ කියන්නේ 9 වසරේ සෞඛ්‍ය පාඩමට හොයාගන්න බැරි ජීවිතයක් ඇය හොයාගෙන, ගොඩක් දුර ගිහින්. ඒත් ලංකාව වගේ කන්ටෙක්ස්ට් එකක් සුද්දිලා වගේ කැරැක්ටර් එකකට පවතින්න බැහැ. එක්කෝ නෝමල් ගැහැණියක් විදියට ගමේ සංස්කෘතික ෆ්‍රේම් එකේම ඉන්න ඕනී. ප්‍රජනන පාඩම උගන්නන්න ප්‍රසන්න යෝජනා කරන්නේ සෙක්ස් කියන එක මැජික් එකක් නෙවේ කියල කියන එකත් එක්ක ඊට වඩා සුද්දීලාගේ ලිබරල් නිදහස කියන එක පවතින්න ඉඩ ලබා දිය යුතුයි කියන දේ. ඒ නිසා ප්‍රජනන පාඩම උගන්නන්න ඕනී සුද්දිලාගෙන් පරිබාහිර සමජයට මිසක් සුද්දිට නොවේ. ප්‍රසන්නට අමතක වෙන්නේ ඒක.

දැන් මම මේ ඉන්නේ අයිස්ක්‍රීම් එකක් කන ගමන් ඇවිදින තරමට සරල වුණු තැනක. අයිස්ක්‍රීම් එක ඉවර වෙද්දී තමයි ලොරියේ ඉන්න අබසිරි, මනී සහ ලෙනින් හමුවෙන්නේ. හැබයි ඒ වෙද්දී මට ‍ෆිල්ම් එක ඉවර වෙලා ගොඩක් කල්. ඒක හරිම සම්ප්‍රදායික එන්ඩ් එකක්. ගොඩක් වෙලාවට අසම්මත චරිත නිර්මාණයක මරලා දන්නේ අසම්මත චරිතයක් පැවතීම ඕඩියන්ස් එකට දරා ගන්න බැරි වීම වගේම නිර්මාණකරුවගෙත් අවිඥාණික ආශාවක් තියනවා මේ චරිතය නැති කරන්න. ඔහුත් කැමතියි මේවගේ චරිත බිහි නොවී ඉන්නවනම් කියල හිතන්න. කොහොම උනත් මම කැමතියි සුද්දිලාට පවතින්න බෑ කියල ඉවර වෙනවට වඩා සුද්දි වගේ චරිත පවතින්න පුලුවන් සහ පැවතීමේ අවශ්‍යතාවක් එක්ක ඉවර වෙනවනම්. එහෙම උනානම් සුද්දිට පුලුවන් අබසිරිගේ මරණය ගමෙන් නගරයට ගේන්න.

මං මේ ආර්ටිකල් එක අවසාන කරන්න මෙහෙම තැනකට එන්නම්. ප්‍රසන්න පෙන්නන ගම දැන් තියෙන්නේ සයිබර් අවකාශයේ, ඒ නිසා මේ වෙද්දී සුද්දිලාට මැරෙන්න වෙන්නේ සයිබර් අවකාශයේ. සමාජය එතෙන්ට විතැන් වෙලා ඉවරයි. ඉතිං ඒ සයිබර් මිනීමරුවන් අස්සේ කොටස් දෙකක් ඉන්නවා. සුද්දීව සෘජුවම මරණ සහ සුද්දී වෙනුවෙන් පෙනී සිටිමින් සුද්දිගේ පහස හොයන. පහුගිය කාලේ මෙලිසා ලෙයිච් නිසා ලංකාවේ සමාජ ජාල අතරේ ඇතිවුණු උනුසුම අස්සේ චාමර ගුරුගේ ලස්සන අදහසක් මතු කරනවා. 

"ගැහැනියකට පිරිමි ගොඩක් 'වෙසඟන' කියනකොටම. තව පිරිමි රොත්තක් කියනවා. 'නැහැ ඇය දෙවඟන' කියලා. ඉතිං ඇයට සිද්දවෙනවා මනුෂ්‍ය අඟනක් විදියට ඔය දෙජාතියෙන්ම පරිස්සම් වෙන්න." 

-තරිඳු ජයරත්න

Thursday, May 25, 2017

නිම්නයක හුදකලාව - 2016


මම මුලින්ම 'නිම්නයක හුදකලාව' බලන්නේ මීට අවුරුදු එක හමාරකට දෙකකට වගේ කලින්. සීමිත ප්‍රේක්ෂක දර්ශනයක. සිනමාවේ දිග පළල හොයන සහ හදාරන DFA ශිෂ්‍යයෙක් විදියට.

ඊටත් කාලෙකට පස්සේ මම ටොම් ටයික්වර්ගේ 'රන් ලෝලා රන්' බලනවා. ඊට පස්සේ වෙන්නේ 'නිම්නයක හුදකලාව' සහ 'රන් ලෝලා රන්' කම්පෙයා කරන/වෙන එක. ඒත් ඒක කර ගන්න බැරුව යනවා. අන්තිමට ඒ වැඩෙත් අතඇරලා ඒ හීනෙන් ඇහැරෙනවා.

කාලයක් ගෙවිලා යනවා.

'නිම්නයක හුදකලාව' හෝල් වලට රිලීස් වෙනවා. සීමිත දින ගනනකට. මම ආයේ ෆිල්ම් එක බලන්න යනවා. හැබැයි දැන් යන්නේ වෙනත් වෘත්තිකයෙක් විදියට.

බූඩිව මට මුලින්ම හම්බ වෙන්නේ 'මිල්ලේ සොයා' තුළින්. ගොඩක් කාලෙකට කලින්. මිල්ලේ සොයා එකේ තිබ්බ වෙනසට ඒ කාලේ ආශක්ත වෙනවා. නමුත් පස්සේ කාලෙක මාතා නිසා බූඩිව ඈත් වෙනවා. ඒ ඈත් වෙලා ඉන්න කාලේ තමයි 'නිම්නයක හුදකලාව' මුලින්ම බලන්නේ.

ලංකාවේ පටු කියවීම් අස්සේ ප්‍රසිද්ධ කතාවක් තියනවා තේරෙන්නේ නැත්නම් ඒක ආර්ට් හවුස් නැත්නම් NGO ෆිල්ම් එකක් කියල. ඒ තේරෙන්නේ නැති, ඉවර උනා කියල දන්නෙ නැති, වයිඩ් ශොට්ස් තියන ෆිල්ම්ස් ගැන එහෙම කතිකාවකට යද්දී ෆාස්ට් කට්ස් තියන, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප්ස් තියන ෆිල්ම් එකකුත් එන්ඩ් එකේ මිනිසුන්ට තේරෙන්නේ නැතුව යනවා. ෆිල්ම් එක ඉවර උනාද මුකුත් තේරුනේ නෑනේ වගේ තැනකට ස්පෙක්ටේටර්ස්ලා හිර වෙනවා. එහෙම හිර වෙන්නේ නිම්නයක හුදකලාව අස්සේ. බූඩී අපිව වංකගිරියක අතරමං කරල දානවා. දැන් මං මේ වංක ගිරියේ ඇවිදින්න පටන් ගන්නවා හරිම අපිළිවෙල විදියකට. බූඩී වගේම.

බූඩී දේශපාලනිකද?
ඔවු සහ නෑ. (සන්නගෙන් ඒක ඉස්සුවේ)

නිම්නයක හුදකලාව කියන්නේ අතිශය දේශපාලනික කෘතියක්. හැබැයි ෆිල්ම් එක ස්ක්‍රීන් කරන කාලේ වෙද්දී ඒ ගේන මතවාදය ටිකක් මිනිසුන්ගෙන් දුරස් වෙලා යන වකවානුවක්. LTTE එක සමූල ලෙස(?) ඝාතනය කරලා, කිරිබත් කාපු යුගය පසුකරගෙන කොඩියේ සිංහයා අව්වට වේලිලා පාංඩුව හැදුනු කාලයක්. ඒ පාංඩූ සිංහයට වටින් විට සේලයින් දෙන ගමන් තාමත් මිනීමරුවන් ගැන උදම් වන බහුතරයක් ඉන්න රටක ෆිල්ම් එක පෙන්නන්නේ. තාමත් මිනිසුන්ගේ හිත්වල තුවක්කු අනෙකාට මාන්නගෙන ඉන්නව පරන පුරුද්දට. ලේ සුවඳට. මේ සැරින් සැරේ මතු වෙන්නේ ඒවා.

හැමතිස්සෙම ID එක ඉල්ලන්නේ අපේ ඒ කාලය ගැන තියන හොඳම හැඟවුමක් විදියට. ඒත් ඒක ඊට වඩා දැනෙනවා අනන්‍යතාව පිළිබඳ අපි මේ මුහුණ දෙමින් යන අර්බුධය ගැන හිතද්දී. අනෙකාගේ අයිතිය නැතිකරලා, මේ ගොඩ නැඟෙන්නෙ අපිට ඉතුරු වෙන අනන්‍යතාවයද. ආයෙත් ඇහැරුනා.

ඉන්නේ සයිටම් එක ඉස්සරහ. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ප්ලේන්ටී එකක් බොන ගමන් සයිටම් එක දිහා බලාගෙන ස්වයං වින්දනය කර කර ඉඳපු රජයේ කැම්පස් එකක පොරක් එක පාරටම දුවගෙන යනවා. ඈතින්, නාල කරල, අලුත් විදියකට ඇඳගෙන එන කොල්ලො කෙල්ලො සෙට් එකක් සයිටම් එක ඇතුළට යනවා. මෙන්න මූ ආයේ එනවා. නිකන් නෙවේ. රජයේ කැම්පස් වලින් බිහිකරන සහ බිහිකරපු කුහක ඊර්ෂ්‍යාකාර හමුදාවක් එක්ක.

බූඩී උන් දිහා බලාගෙන බර කල්පනාවක්. පව් අසරණයො කියාගෙන චින්තා ත්‍රයිලෝකවිජය පත්‍රයක් රෝල් කරනවා. ආයේ ඇහැරෙනවා.

විමුක්ති සහ බූඩි මරණය ගැන එකිනෙකට වෙනස් වූ අර්තකථන ඉදිරිපත් කර ගන්නා මොහොතක්. ඒකත් හරිම ඉන්ට්‍රස්ටින්. මොකද බූඩී මරණය ගැන සහ පුනර්භවය ගැන හරිම මතුපිට ලේයර් එකක් ටච් කරන්නේ. ඒත් විමුක්ති ඊට වඩා දාර්ශනික හා ගැඹුරු මානයකට යනව තමන්ගේ කෘති හරහා. ඒ නිසා බූඩිගෙ ප්‍රකාශනයක් තුළ විමුක්ති පෙනී හිටීමම විමුක්ති නලුවෙක් ලෙස පෙනී සිටීනවට වඩා එහා ගියපු දාර්ශනික කාරනයක්. ෆිල්ම් එකේ ඇඩ් ඒජන්සියක සිටින ඔහු වෙනත් මානයක දී ඉන්නේ මෝටර් බයිසිකල් බාස් කෙනෙක් විදියට. ඒ එකම ෆිල්ම් එකේ. සුරංගා, ප්‍රෙග්නන්ට් ගෑණු (මරාගෙන මැරෙණ බෝම්බකාරියක්) කෙනෙක් වගේම පෙට්ටි කඩේකින් කිඹුලා බනිස් ගන්න දෙමල ගෑණු කෙනෙක්ගේ පෙනී හිටීමත් සිදුවෙනවා. අනික ලක්ශ්මන් මෙන්ඩිස්. හිඟන්නෙක්, මන්ත්‍ර හදි හූනියම් කාරයෙක් වගේම ගෙදර මිදුලේ බුදුන් වදින පොරක්.

සෞම්‍යට සජීවීව හමුවන කැරැක්ටස් ටික සෞම්‍යගේ ගන්ධබ්බ අවදියේ දී නැත්නම් කෝමා හෝ සිහිනමය තත්වයකදි එහෙම ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ සෞම්‍යගේ උතෝපියානු සිහිනද...? ආයේ ඇහැරෙනවා.

කිංස්ලී අනාවැකියක් කියමින් ඉන්නවා. TV ස්ටේශන් එකක. හරිම මොඩර්න් අනාවැකි කරුවෙක්. Tv ස්ටේශන් එකකට නෝමලි ගෙන්නවන කෙනෙක්ට වඩා වෙනස් කැරැක්ටර් එකක්. අනාගත අනාවැකිකරුවෙක්. සෞම්‍ය ජීවිතේ ගොඩක් දුර ගොස් ෆයිනෑන්ශියලි යම් ස්ථාවරත්වයක් ගොඩ නාඟාගෙන ඉන්නවා. ස්නේහයේ මංගල්‍යයේ සංගීතා ඔහුගේ බිරිද. හරිම සුන්දර සිහිනයක්. බොක්සර් ඇවිත් කකුල හපනවා. ආයෙත් ඇහැරෙනවා.

ජොබ් ඉන්ටර්විව් එකකට යන කොල්ලෙක්. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට. සිහින ගොඩක් ගොඩ ගහගෙන. මයිල්ස්ටෝන් කැරැක්ටර් කිහිපයක් පසු කරගෙන. උඩ දි අපිට අතරින් පතර හම්ඹ උනේ ඒවා. ඒත් ඒ සිහින ගොඩක උතෝපියානු යතාර්තයක් විදියට. ඒත් සමනලී එක පාරටම කොහෙන්ද එන්නේ. යතාර්තීය ඔෆිස් චරිතයක්ද. ඒත් තේ කඩේ තේ දාන රවින්ද්‍ර නම් ක්ලයන්ට් කෙනෙක්. කොහොමදඑහෙම වෙන්නේ. එතකොට සුපර්මාකට් එක. ජයලාල්.? සෞම්‍යයව සැරින් සැරේ එකම තැන එක්කගෙන ගිය තෙල් කරත්තය ඔහුගේ මේ සිහින ටික විසඳනව ද? ආයෙ ඇහැරෙනවා.

ෆිල්ම් එකේම කිංස්ලි මෙහෙම කියනවා, 
"මේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන අනාවැකි කියන්න බෑ. අඩුම තරමින් මටවත්."

‍ෆිල්ම් එකත් එක්ක තියන එකඟ වීම් ඒ පිළිබඳව තියන කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් මං ආසයි මේ ආකෘතිය හරඹයට.

බූඩි හරිම අපූරුවට වංකගිරියක මෙන්ටලි ට්‍රිප් එකක් ගෙනියනවා. ෆිල්ම් එක හරහා. 

බූඩී, හැට්ස් ඕෆ් මචං. 
cheers.

-තරිඳු ජයරත්න

Monday, May 15, 2017

තුන්වෙනි යාමය - 1983



90 දශකයට පෙර ලාංකික සිනමාව තුළ රැඩිකල් ඇප්‍රෝච් එකක් ගත්ත පිරිස එකල සිනමා ප්‍රතිශතයට සාපේක්ෂව හරිම සීමිතයි. මට සාපේක්ෂව ලෙස්ටර් ක්‍රාෆ්ට් එක වෙනස් කරපු පුද්ගලයා විතරයි. ඒත් ඒක ලංකාවට සාපේක්ෂව මරු වැඩක්. ලෙස්ටර්ගේ සිනමා භාවිතාව තුළ මාව ලොකුවට හොල්ලන්නේ නෑ. හරිම ඔඩ් ෆීල් එකක් ලෙස්ටර්ගේ ගොඩක් ෆිල්ම්ස් හරහා එන්නේ. ඒත් ලෙස්ටර්ගේ සිනමා මැදිහත්වීම සුළුකොට මම සලකන්නේ නෑ. අපි මේ දැන් ප්ලේ කරන්නේ ලෙස්ටර් මූලික වෙලා හදපු ග්‍රවුන්ඩ් එකේ. ඒ ගරුත්වය හැමදාම ඔහු වෙනුවෙන් තියනවා. ඔහුගෙන් පස්සේ ලාංකික සිනමාවේ ප්‍රභලම වෙනසක් සනිටුහන් කරන්නේ පතිරාජ සහ ධර්මසිරි. මට සාපේක්ෂව 90 ට පෙර සිනමාවේ ප්‍රභලම මැදිහත් වීම ඒ දෙන්නා. එයිනුත් පතී වාමාංශික දේශපාලන භාවිතා හරහා දේශපාලනික සිනමාවක් යෝජනා කරද්දී ධර්මසිරි ජීවිතේට ගොඩක් ළඟ සිනමාවක් ගේනවා. මම වඩාත් කැමති ධර්මසිරිට. ඔහුගේ සිනමාවට. පතිරාජ පසුකාලීනව නිර්මාණ වලිනුත්, සිය අයිඩියෝලොජි අතිනුත් වැඩ වලිනුත් අතිශය පරිහානියට පත්වෙද්දී ධර්මසිරි ඔහුගේ සුපුරුදු පොසිශන් එකේ ඉන්නවා. සමහර නිර්මාණකරුවෝ තරුණකාලේ තිබුනු රැඩිකල්කම වයසට යද්දී නැති වෙනවා. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ඒ අය අකල් මරණයකට මුහුණ දුන්නනම් මීට වඩා හොදයි කියල. කපුගේ සහ සේකර කියන්නේ එහෙම බේරුනු දෙන්නෙක්. ධර්මසිරි සහ අජිත් තිලකසේන කියන්නේ වයසට ගිහිනුත් තාම තරුණ වෙලා බේරිලා ඉන්න දෙන්නෙක්, පණ පිටින් මැරිල වගේ ඉන්න ප්‍රවීන නිර්මාණකරුවන් අතරේ. ධර්මසිරි ෆික්ශන් එකකට දෙදාහෙන් පස්සේ මැදිහත් වෙන්නේ නැත්තේ කරන්න පුලුවන් කාලේ කරපුවා ඇති නිසා වෙන්න ඇති. හැබැයි එහෙම ඉන්න එක වටිනවා. දැන් කරන්න ගිහිල්ලා නාගන්නවට වඩා.

ධර්මසිරි බණඩාරනායකගේ තුන්වෙනි යාමය ආයේ බැලුවා. ඒ ෆිල්ම් එකත් එක්ක තමයි මේ දේවල් ඔලුවෙ මෙහෙම පෙල ගැහෙන්නේ. ලංකාවේ ප්ලොට්ස් ඒ කාලේ කොච්චර ඉදිරියෙන්ද කියල හිතෙන්නේ මේ වගේ ෆිල්ම්ස් හරහා. ඒ සිනමා භාවිතාව ඇත්තටම දැනට සාපේක්ෂව ඒ කාලයට අනුව ගොඩක් ඉහල තැනක තියෙනවා. දැන් අපේ සිනමාවේ කතන්දර නැතුව වේලෙද්දී 70-80 කතන්දර කලාව දියුණු මාවතකට ගෙනියනවා. තුන්වෙනි යාමය ගැන ආයේ කතා කරන්න වෙන්නේ මේ කතන්දර කීමේ කලාවට එක් කළ වෙනසත් එක්ක. එකලට සාපේක්ෂව නැවුම් ආකෘතියක බිල්ඩ් වුණු 'තුන්වෙනි යාමය' මේ මොහොතේ බුඩීගේ 'නිම්නයක හුදෙකලාව' සමග කාලානුරූපි අරගලයක නිරත වෙනවා. හැබැයි 'තුන්වෙනි යාමය' කරපු ධර්මසිරිට බුඩීගේ 'නිම්නයක හුදෙකලාව' මිස් වෙනවා. දැන් කාලෙකට කලින් නිම්නයක හුදෙකලාව සීමිත දර්ශනයක් පෙන්නපු වෙලාවේ ධර්මසිරි කියනවා, ‍ෆිල්ම් එක විසිරෙනවා මට දැනෙන්නේ නෑ වගේ අදහසක්. බුඩී එක හරිම නිහතමානීව භාරගන්නවා. මට ඒ වෙලාවෙ ආපු ලොකුම ප්‍රශ්නේ උනේ තුන්වෙනි යාමය ස්ක්‍රිප්ට් එක, ඩිරෙක්ශන් වගේම එඩිටින්ග් සුපවයිසර්  වුනු ධර්මසිරිට නිම්නයක හුදෙකලාව මිස්වෙන්නේ ඇයි කියලා. ඒ ධර්මසිරි සහ බූඩීගේ කන්ටෙක්ස්ට් දෙකේ වෙනස නිසා වෙන්න ඇති ධර්මසිරිට 'නිමනයක හුදෙකලාව' හුදෙකලාවක් විදියට පේන්නේ.

මම ලංකාවේ ෆිල්ම්ස් නම් වලින් ආසම තුනක් තියනවා.

1.අක්ෂරය
2.සුළඟ එනු පිණිස
3.තුන්වෙනි යාමය

ඒ තුනෙනුත් 'තුන්වෙනි යාමය' තමයි ටිකක් ෆීස් කරවන නම නැත්නම් රොමෑන්ටික් නම. මේ ලියන්නෙත් රැයේ තුන්වෙනි යාමය ගෙවෙන මොහොතේ. මහ රෑ එළිවෙන්න කිට්ටුව කලින් දවස ගැන හිතත්දී දැනෙන්නේ, ජීවිතයේ සැදෑසමය ගෙවෙන මිනිහෙකුගේ අතීතාවර්ජනය වගේ දෙයක්. 

අපේ පටන් ගැන්ම, අපි ඉපදුනේ කොහොමද කියන එක පොඩි කාලේ ආපු ප්‍රශ්නයක්. කවුරු හරි ගෙනත් දුන්නා වගේ එකකට එහා යතාර්තයක් ඒ කාලේ හම්බ උනේ නෑ. ඒ එක්ක පාතාල සෙක්ස් එඩියුකෙශන් එකක් එක්ක ඒ ඒ දේවල් තේරෙන්න පටන් ගන්නවා. කොහොමද අපි එන්නේ, කොහොමද ඇති වෙන්නේ වගේ දේවල්. මම පළවෙනි පාරට පෝර්න් වීඩියෝ එකක් බලන්නේ 6 වසරෙදි වගේ. ඒ ඉස්කෝලෙදී 6-7 දෙනෙක් එකතුවෙලා. පොඩි ෆෝන් එකකින් බලපු පට්ට ලෝ කොලිටි 3GP වීඩියෝ එකක්. ඒක ඒ කාලේ 3D වගේ බැලුවේ. එච්චරටම ඉන්ට්‍රෙස්ටින්ග්. ඒ වීඩියෝ එකේ සීන්ස් ටික තාම මතකයි. සෙක්ස් කුතුහලය හොඳටම එන කාලයක් ඒක. ඊට පස්සේ සෙක්ස් දිහා බලන්න පටන් ගන්නේ ඒ වගේ එක්ස්පීරියන්ස් එක්ක. ඉපදෙන්නේ කොහොමද, ගැහැණු පිරිමි වෙනස් වෙන්නේ ඇයි, ඉපදෙන්නේ කොතනින්ද වගේ පොඩිම කාලේ ආපු ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නේ මේ පෝර්න් බලන්න පටන් ගැනීමත් එක්ක. ඒ අපේ එඩියුකේශන් සිස්ටම් එකේ තිබ්බ අවුල නිසා. සැකය නැතිවෙලා යනවා. සෞඛ්‍ය පාඩමේ ස්කිප් කරන සෙක්සුවල් එඩියුකේශන් අපි අවධිමත්ව ඉගන ගන්නේ ඒව තුළින්. 

ඉතිං තුන්වෙනි යාමය බලද්දී ආයේ රෝල් වෙන්නේ මේ අවුල නේද කියල් හිතුණා. අම්මයි තාත්තයි හොරෙන් සෙක්ස් කරනවා. හොරකමකට නැත්නම් වැරදි වැඩකට යනව වගේ ෆිල්ම් එකේ ඒ දෙන්නා සෙක්ස් කරන්න යන්නේ. ඉතිං ළමයට (පර්සිට) ඒ ගැන එන කුතුහලය වඩාත්ම සාධාරනයි. පර්සි යන්නේ ඒ කුතුහලය සන්සිදුව ගන්න. ඒකෙන් වෙන්නේ වැරද්දක් වගේ හැංඟිලා අම්මයි තාත්තයි සෙක්ස් කරන එක පුතා බලන් ඉන්න බව දකින තාත්තා අර්බුධයට යනවා. කුඩා පර්සිට තාත්තගේ පහරදීම් හමුවේ සෙක්ස් කියන දේ නිල් වෙනවා. ඒක හොදටම දැනෙන්නේ වසන්ත කොටුවැල්ල විසින් ඒ කැරැක්ටර් එක නිරූපනය කිරීමත් සමඟ. වසන්ත පර්සිට ආවේශවෙනවට වඩා වෙන්නේ පර්සි වසන්තට ආවේශවෙන එක. 

සෙක්ස් කියන්නේ පර්සීට කුණුහර්පයක්. ඒ වගේම භයානක මිශන් එකක්. ඒ මිශන් එක කොහොමද සක්සස් කරගන්නේ කියන දෙගිඩියාවෙන් තමයි ඔහු කසාද බඳින්නේ. ඒකයි හනිමූන් එකට ඈතම ජනශූන්‍ය ප්‍රදේශයකට ඔහු යන්නේ. මිශන් ෆේල්. ඔහුට බැරි වෙනවා ඒක. පොඩිකාලේ ආපු ගිල්ට් එකෙන් බෑ ඔහුට මිදෙන්න. ‍මුලු ෆිල්ම් එකේම යන්නේ මේ මෙන්ටල් ඉශු එකෙන් ගැලවෙන්න කරන අරගලය.

අපිව ආයේ හෝල්ඩ් වෙන්නේ කේමදාසගේ මියුසික් එක්ක. ප්ලොට් එක එකට එකතුකරලා ලොකු ඩෙප්ත් එකකට අපේ මනස ගෙනියන්න ඒ මියුසික් ගොඩක් උදවුකරනවා. මියුසික් නැත්නම් මේ ස්ට්‍රක්චර් එකෙන් කතාව කියන එක ධර්මසිරිට කරන්න අමාරුයි. ඒ වගේම ඇන්ඩෘ ජයමන්නගේ කැමරාව. මියුසික් සහ කැමරා වර්ක් එක තුන්වෙනි යාමයට බලපාන්නේ 'ලුණුමිරිසක' ලුණුයි මිරිසුයි වගේ. ඒ දෙක ලොකු දුරක් ‍ෆිල්ම් එක අරං යනවා.

-තරිඳු ජයරත්න.

Wednesday, April 12, 2017

La La Land - 2016



සමහර දේවල් නොලියා නොකියා ඉන්නතාක් මරු. තමන් ඇතුළෙම ඒක පැසවද්දී, පිච්චෙද්දී හරිම රොමෑන්ටික්. 'ලා ලා ලෑන්ඩ්' කියන්නෙත් ඒ වගේ පීස් එකක්. ලියන්න ගියොත් ෆීල් එක මිස් වෙවි කියල මෙච්චර කල් හිටියේ. ඒත් දැන් ඒක තනියම රහ විඳපු කාලේ ඇති. දැන් වමාරන්න ඕනී. ඊට පස්සේ වෙන රහක් හම්ඹවෙන්න පුලුවන්. ජීවිතේ එහෙම වෙලා තියනවා. මේ එහෙම වෙන රහක් හොයා ගන්න හදන පුංචි ට්‍රයි එකක්.

'ඔබ මලකට ආදරේනම්, මල කඩන්න එපා. මන්ද කැඩුණු මල ඉක්මනින්ම පරවෙනව. මලට ආදරේ නම් මලට මල විදියටම තියන්න. ආදරය කියන්නේ අයිති කර ගැනීම ම නෙවෙයි. ආදරය කියන්නේ අගය කිරීමක්.'

ආදරය ගැන ඕශෝ එහෙම කියනවා. 100% ක් එකඟ නැති වුණාට මම හරි ආසයි ඒ ක්වෝට් එකට. පරණ ක්‍රශ් දකිද්දී හරි මතක් වුණාම හරි හිතෙනවා එහෙම. ඒ හැම කෙනෙක්ම (ක්‍රශ් වගේම හිටපු පෙම්වතියන් ද) අද වෙන වෙන ලෝකවල් වල. ජීවිතේ හොයාගෙන ඔවුන් යනවා. මට පවා අද ඔවුන් (එක් කෙනෙක් හැරුනම) මතක් වෙන්නේ බිව්වම, සිංදුවක් ඇහුවම හෝ ඒ සම්බන්ධ ඉන්සිඩන්ට් එකක් වුනාම. ජීවිතේ අපි ප්‍රාර්තනා කරපු දේවල් එහෙම ම අවසන් වෙලා යනවා. හැබැයි ඒ අවසානය වෙනත් දෙයක ආරම්බයක්. ඒ ආරම්බය ඊට වඩා පොඩ්ඩක් හරි විශාල වුණු පරාසයක තමයි විහිදෙන්නේ. ඒ නිසා අපි ඒ ඒ අවසානය මොහොතවල් ගැන පස්සේ කාලේක ආස කරන්න පටන් ගන්නවා. ඒ නොස්ටැල්ජික් සතුට අපි දැන් මේ තැන ඉන්නේ ඒ කැපකිරීම නැත්නම් අහිමි වීම නිසා කියලා. හැමවිටම වෙලා තියෙන්නේ කලින් එකට වඩා හොද දෙයක් හමුවීම.

එහෙම අහිමි වුණු කෙනෙක් පසු කාලෙක මතක පිරිණු තැනකදි හමු උනෝතින් ලේයර්ස් ඔක්කෝම කඩාගෙන පටන්ගනිපු තැනටම ආයේ අපි යනවා. මට සාපේක්ෂව වඩාත් සුන්දරම ඒක. එකල අපේ හමුවේ තිබූ ආදරනීය බව දැනෙනව හරිම සුන්දර විදියට. ඒ 'ඇත්ත අපිට' ආදරය කරපු කෙනා නැත්නම් මිනිස්සූ නිසා. දැන් අපේ විවිද වෘතීය සම්බන්ධතා අස්සේ මීට් වෙන අයට වඩා ඒ අය හෘද්‍යාංගමයි. ඒ වගේම මේ මොහොතේ අපේ පවතින රිලේශන්ශිප්ස් සැටිස් නැත්නම් කොහොමත් ඒ මතකය ඔස්සේ එකල ආදරය අතපත ගාන්න බලනවා. ඒ 'වෙන්වීම'  සිදු නොවුනානම් වගේ දෙයක් එනවා. නැත්නම් ඒක වෙනස් කරන්න තිබ්බනම් කියල එකක් එනවා. හැබැයි ඒ මොහොත වෙනස් කරන්න අපි දැං කැමතිත් නෑ. 'ලා ලා ලෑන්ඩ්' මට පටන් ගන්නේ එතැනින් එකෙන්.

සෙබස්තියන්ගේ හෝන් එක,

ඒක පටන් ගන්නේම ඇරියස් එකකින්. හැබයි පටන් ගන්න ඕනිම තැනින්. තරහින්, නොහිතන වෙලාවක නැත්නම් ප්ලෑන් නොකර කරන දේවල් ගොඩක් වෙලාවට වැඩ කරනවා හිත්නවත් බැරි තරම් හොඳින්. අහම්බය කියන දේට අකමැති වුණත් ජීවිතේ අහම්ඹෙන් හරියන දේවල් තියනවා ඕනි තරම්. ජීවිතේ හැම දේම අහම්බයට පවරල පැත්තකට වෙන්න පුලුවන් කියන එක නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ.

හිච්කොක්ගේ 'බර්ඩ්ස්' බැලුව ලඟකඳි ආයේම. ප්‍රේමයෙන් ආතුර වෙන හදවතක් ගැන තියන හොඳම සිම්බොලයිස් කිරීම තියෙන්නේ බර්ඩ්ස් වල. කුරුල්ලන්ව යූස් කරල ගොඩ නඟන ඒ මෙටෆර් එක මරු. ඒ තරම් ඩෙප්ත් එකකට යන්නේ නැතිව වුනත් ලා ලා ලෑන්ඩ් අස්සේ හරිම හියුමන් විදියට කතාව ගොඩ නැඟෙනවා. සුන්දර ආදර කතාවක හැඟීම අපිට අත්දකින්න පුලුවන් වෙන විදියට. අපිත් ආදරය කරන්න පටන් ගන්නවා. පළවෙනි පාර දකින වෙලාව, පස්සෙන් යන කාලේ කට්ට කාල නම අනම් මනම් හොයා ගන්න වගේ දේවල් ඔක්කොම මතක් වෙනවා. ඒ වගේම ඒ කෙල්ලට වෙන කොක්කක් තියනව කියල දැන ගන්නත් ලැබෙනවා. ඒ කොක්ක අපිට වැඩිය ෆෝවර්ඩ් කියල විතරක් අපිට පේනවා. ඉතිං අපි පසු බහින්න නැතුව ඉදිද්දී හිමීට දෙන්නා අතර කනෙක්ශන් එකක් බිල්ඩ් වෙනවා. කැමැත්ත අහන්න විඳින දුක, අන්තිමට කොහොම හරි කියා ගන්නවා. ආයේ අතින් හරි අල්ලන්න තියන බය. ඔක්කොම අපිට වෙනව ෆිල්ම් එකේ.

එහෙම තියන ආදර කතා ගමන් කරන්නේ එකිනෙකාගෙ මුල් පිහිටුම් වලට කැමැත්තෙන්. ඒත් පස්සේ කාලෙක වෙනස් වෙන්න බලනවා අපි. අප්ඩේට් වෙන්න. ඒත් ඒ අප්ඩේට් එකත් එක්ක ලව් එක පුස් කනවා. නැත්නම් ලව් එක අස්සට අනවශ්‍ය දිලීර ගමන් කරන්න පටන් ගන්නවා. ජීවිතේ කියන්නේ ප්‍රාර්තනා කරන දේවල් ඒ විදියටම වෙන එක නෙවෙයි. වෙන දේ පිලිගන්න එක. ඉතිං ඔවුන්ගේ ඒ සම්බන්ධය මැදට දිලීර ආසාදනය නිසා සම්බන්ධතාව ඩිස්කනෙක්ට් වෙනවා.

මං කැමතියි මේ වෙන් වීමට. ඔවුන්ගේ සම්බන්ධතාව එහෙමම තිබුන නම් ලා ලා ලෑන්ඩ් කියල එකක් නෑ අද බලන්න. ඒ නිසා මේ වෙන් වීමට මං ආදරේ කරනවා. අපිට නොස්ටැල්ජික් ෆීල් එක එන්නේ ඒ වෙන් වීමේ සාධක නිසා. ආයෙ මුල් ටිකම, ෆිල්ම් එක එන්ඩ් වුණු තැන කියන්නේ මට ෆිල්ම් එක පටන් ගන්න තැන. 'ලා ලා ලෑන්ඩ්' සරල ආදර කතාවක සරල නොවූ හැඟීමක්. එක් නොවූ පෙම්වතුන්ට හොඳ ඖෂධයක්. ගීතාංජලියෙන්ම මේක අවසන් කරන්නම්.

"එහෙත් දීමට හැකි වූ දේට වඩා මට ලැබුණි.
දැන් දිනය උදා වී ඇත.
මගේ අඳුරු කුටිය එළිය කළ පහන නිවී ඇත.
ඇරයුමක් ලැබ තිබේ.
ඉඳින්, මගේ ගමනට මා සූදානම්‍ ය."
-ගීතාංජලී

-තරිඳු ජයරත්න-