Saturday, March 11, 2017

ප්‍රේමය නම් - 2017


මිනිහෙකුගේ දැවෙන ප්‍රශ්නයක්, මිනිහෙකුගේ ආත්ම ප්‍රකාශනයක් ෆිල්ම් එකක් හරහා එළියට එද්දී, ඒක සිනමැටොග්‍රැෆි, එඩිටින්ග්, වගේ ක්‍රාෆ්ට් අස්සේම ඇනලයිස් කරන්න යන එක අසාධාරනයි. අපි ඒක ගැන ඊටවඩා හියුමන් කෑල්ලක් අස්සේ කතා කරන්න ඕනි. මම ලියන්න මේ ගත කරන මොහොතත්, ඔබ මේ කියවන්න ගත කරන මොහොතත් ජීවිතේ වටිනා කියන වෙලාවෙන් කොටසක්. මේ ගෙවෙන්නේ ජීවිතේ. ඉතිං ඒ ජීවිතේ කියල හඳුන ගන්න කන්ටෙක්ස්ට් එක පොඩ්ඩක් ඩිස්ඕඩර් උනාම සිස්ටම් එකට අවුල් වෙනව ඒක.(මෙන්ටල් ඉශු එකක් ආවම) එහෙම ඩිලේ එකක් ආර්ට් පීස් එකක් හරහා යම් මට්ටමකට රිකවරි කරගන්න මිනිහෙක්ට පුළුවන් වෙනව. ඒක කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට වඩා වැඩ කරන්න පුළුවන්. මට ප්‍රේමය නම් දැනෙන්නේ ඒ විදියට. තමන් විසින් කර ගනිපු මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක්. 

'ප්‍රේමය නම්' කල්පන සහ වින්දනගේ පළවෙනි ෆීචර් එක. වින්දනගේ සහ කල්පනගේ සිනමාව පිළිබ්ඳව තියන දැනුමත් එක්ක මේ වගේ ට්‍රීට්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කියල තමයි මට දිගින් දිගටම හිතුනේ. ඒත් තමන්ව දිගින් දිගටම ප්‍රශ්න වෙන ප්‍රශ්නයක් ඇදල අරගෙන ඒකේ ඩීල් වෙන එක හරිම අමාරුයි. තමන්ව ෆිල්ම් එකේ දිය වෙන්න හරින එක. ඒ අතින් වින්දන සහ කල්පන සාර්තකයි. 

ප්ලොට් එකේ තියන ෆ්‍රෙශ් සුවඳ මුලු හෝල් එක පුරාම විහිදෙන්න පටන් ගන්නේ ෆිල්ම් එක ස්ටාර්ට් වෙලා පොඩි වෙලාවක් ඇතුළත. මෙඩිකල් ඩොක්‍යුමෙන්ට්‍රි එකක් විදියට තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ ලීක් වුණාට හරිම ඕලාරික ප්‍රේම කතා අස්සේ 'ප්‍රේමය නම්' කතා කලාවට අලුත් පේජ් එකක්. O.C.D වගේ ඉශූ එකක් ඕඩියන්ස් එකට පැහැදිලි කරන එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේ තැන් වලදි ඩොක්‍යුමෙට්‍රි ස්ටයිල් එකක් ගන්න වෙන එක නවත්තන්න අමාරුයි. එතැන, ඒත්... ? 

මට හිතාගන්න බැරි කොහොමද දෙන්නෙක් එකම ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්නේ කියල. කොයින් බ්‍රදර්ස්ගේ ඉදල ආරියවංශ සොයුරන් දක්වාම මට තියන ප්‍රශ්නයක් ඒක. වින්දනයි කල්පනයි සෙට් වුණු වෙලාවක මං ඒ ප්‍රශ්නේ ඇහුවා. දීපු උත්තරේට වඩා සාධනීය ආන්ස්වර් එකක් ෆිල්ම් එක බැලුවම පේනවා. මට හිතුනෙම ස්ක්‍රිප්ට් එකට එක සොහොයුරෙක් මහන්සි වෙද්දී ඩිරෙක්ශන් වලට අනෙකා මහන්සි වෙලා වගේ. ස්‍ක්‍රිප්ට් එකයි ඩිරෙක්ශනුයි ඩිවයිඩ් වෙලා. 

Fade Out 

සමහර ආදර කතා තියනව, කවදාවත් ප්‍රකාශ කර නොගනිපු. ඒ වගේම ප්‍රකාශ කරත් කවදාවත් එක් නොවුනු කතාත් තියනවා. තවත් සමහර ආදර කතා තියනව මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු. හැබැයි ඒ ආදර කතාව වෙනස් වුණු පුද්ගලයගේ ජීවිතේ තියෙන්න ඇත්තේ ඉතාම පොඩි කාලයක් වෙන්න ඇති. හැබැයි ඒ පොසිටිව් හෝ නෙගටිව් ඉෆෙක්ට් එක මුලු ජීවිත කාලෙටම තියෙනවා. ආදරයකට, ඉතාම කුඩා සිදු වීමක් හරහා මිනිහෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ ආදරය දෙදෙනා අතර බිල්ඩ් වෙන පාලම නිසා. ඒ පාලම දෙදෙනාගෙම හැඟීම් හුවමාරු කරගන්න වගේම පාලම හරහා ජීවිතේ වෙනස් කර ගන්නත් පුළුවන් වෙනවා. 

සමහරු අපිව ගොඩක් දුර ගෙනල්ලා, ජීවිතේ ගොඩක් දේවල් පෙන්නල, අත හැරල යනව වේගයෙන්. ඒ අතරේ සමාධි, විශ්ව අතහැර යන්නේ, 'සමාධිව ගෙන්නව ගන්න' විශ්ව ඕනිම දෙයක් කරන්න ලෑස්තියි කියල සමාධි දන්න නිසා. සමාධි කරන්නේ ලිට්මස් ටෙස්ට් එකක් වගේ දෙයක්. ෆිල්ම් එක ස්ටාර්ට් වෙන්නේ එතනින්. මිනිහෙක් තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් වෙනස් වෙන එක අපි තාම සමහර ලේයර්ස් වලදි අර්ථ දක්ව ගන්නේ හරිම පටු විදියකට. ආදරය කරන කෙනා තමන් ට ආදරේ නම් ඒ ආදරේ තමාගේ සියල්ලටම මිසක් තමන්ව වෙනස් කරල හැදෙන, 'නව ජීවියට' නෙවේ කියන එක ජනප්‍රිය කතාවක්. ඒත් ආදරය වෙනුවෙන් මිනිහෙක් (ස්ත්‍රී-පුරුෂ) වෙනස් වෙන්න පුළුවන් නම් එතනත් තියෙන්නේ ඉන්ටර්ලෙක්චුවල් ලව් එකක්. සමාධි ගියාම විශ්වට ඕනි වෙන්නේ තමන්ගේ ගැලවුණු කොටස ආයේ ගෙනා ගන්න. දැන් ඇය ගෙනා ගන්න ප්‍රේමය වෙනුවෙන් ඔහු අරගල කරන්න පටන් ගන්නවා ඔහු එක්කම. 

Mix Cut 

ප්‍රේමයයි විරහවයි කියන්නෙත් OCD එකක් ම ද කියල හිතෙනව වෙලාවට. ඕසීඩී ම නොවුනත් වෙනත් මෙන්ටල් ඩිසෝඩර් සිටුවේශන් එකක් කියල. හැබැයි, ප්‍රේමයේ මෙන්ටල් ඩිස්ඕඩර් එකක් (ඒක පාර්ශ්වික නොවන ප්‍රේමයන් වල) වෙන්නේ දෙන්නටම. ඒකයි දෙන්නා එක විට ප්‍රේම කරන්නේ. හැබයි විරහව වෙද්දී ඒක බලපාන්නේ එක්කෙනාටයි. ඒ තනි වෙන කෙනාට. 

Mix Cut 

සමාධිගේ ලිට්මස් ටෙස්ට් එක හරි යනවා. මෙච්චර කාලයක් තිබ්බ අවුල විශ්ව ලිහා ගන්න බලනවා. සමාධි වෙනුවෙන් ජීවිතේ ගන්න බැරුව ඉදපු අමාරුම තීරණය ගන්නවා. ආදරය, අත්හැරයාම මිනිස්සු නෙගටිව් වගේම පොසිටිව් පැත්තටත් වෙනස් කරනවා. 

Fade In 

ෆිල්ම් එකේ ඕසීඩී ගැන තියන හඳුන්වා දීම් වගේ දේවල් නිසා ෆිල්ම් එකේ ප්‍රේමය එන්නේ සබ් සිටුවේශන් එකක. හැබැයි සබ් සිටුවේශන් එකක වුණත් හරිම ඩෙප්ත් තැනක ප්‍රේමය ගැන කතා වෙනවා. 

'Being deeply loved by someone gives you strength, 
while loving someone deeply gives you courage.' 
-Lao Tzu 

Laozi ප්‍රේමය ගැන අර්ථ දැක්වීමකදි එහෙම කියනවා. වින්දන සහ කල්පනගේ 'ප්‍රේමය නම්' අවසාන විග්‍රහයට අනුව විතැන් වෙන්නේ ඒ වගේ තැනකට. තමන් පිච්චෙන දෙයක් ෆිල්ම් එකක් හරහා එළියට එද්දී ඒක හැමෝගෙම කතාවක් කරන්න වින්දනයි කල්පනයි සමත් වෙනවා.

 -තරිඳු ජයරත්න

2 comments: