Wednesday, April 12, 2017

La La Land - 2016



සමහර දේවල් නොලියා නොකියා ඉන්නතාක් මරු. තමන් ඇතුළෙම ඒක පැසවද්දී, පිච්චෙද්දී හරිම රොමෑන්ටික්. 'ලා ලා ලෑන්ඩ්' කියන්නෙත් ඒ වගේ පීස් එකක්. ලියන්න ගියොත් ෆීල් එක මිස් වෙවි කියල මෙච්චර කල් හිටියේ. ඒත් දැන් ඒක තනියම රහ විඳපු කාලේ ඇති. දැන් වමාරන්න ඕනී. ඊට පස්සේ වෙන රහක් හම්ඹවෙන්න පුලුවන්. ජීවිතේ එහෙම වෙලා තියනවා. මේ එහෙම වෙන රහක් හොයා ගන්න හදන පුංචි ට්‍රයි එකක්.

'ඔබ මලකට ආදරේනම්, මල කඩන්න එපා. මන්ද කැඩුණු මල ඉක්මනින්ම පරවෙනව. මලට ආදරේ නම් මලට මල විදියටම තියන්න. ආදරය කියන්නේ අයිති කර ගැනීම ම නෙවෙයි. ආදරය කියන්නේ අගය කිරීමක්.'

ආදරය ගැන ඕශෝ එහෙම කියනවා. 100% ක් එකඟ නැති වුණාට මම හරි ආසයි ඒ ක්වෝට් එකට. පරණ ක්‍රශ් දකිද්දී හරි මතක් වුණාම හරි හිතෙනවා එහෙම. ඒ හැම කෙනෙක්ම (ක්‍රශ් වගේම හිටපු පෙම්වතියන් ද) අද වෙන වෙන ලෝකවල් වල. ජීවිතේ හොයාගෙන ඔවුන් යනවා. මට පවා අද ඔවුන් (එක් කෙනෙක් හැරුනම) මතක් වෙන්නේ බිව්වම, සිංදුවක් ඇහුවම හෝ ඒ සම්බන්ධ ඉන්සිඩන්ට් එකක් වුනාම. ජීවිතේ අපි ප්‍රාර්තනා කරපු දේවල් එහෙම ම අවසන් වෙලා යනවා. හැබැයි ඒ අවසානය වෙනත් දෙයක ආරම්බයක්. ඒ ආරම්බය ඊට වඩා පොඩ්ඩක් හරි විශාල වුණු පරාසයක තමයි විහිදෙන්නේ. ඒ නිසා අපි ඒ ඒ අවසානය මොහොතවල් ගැන පස්සේ කාලේක ආස කරන්න පටන් ගන්නවා. ඒ නොස්ටැල්ජික් සතුට අපි දැන් මේ තැන ඉන්නේ ඒ කැපකිරීම නැත්නම් අහිමි වීම නිසා කියලා. හැමවිටම වෙලා තියෙන්නේ කලින් එකට වඩා හොද දෙයක් හමුවීම.

එහෙම අහිමි වුණු කෙනෙක් පසු කාලෙක මතක පිරිණු තැනකදි හමු උනෝතින් ලේයර්ස් ඔක්කෝම කඩාගෙන පටන්ගනිපු තැනටම ආයේ අපි යනවා. මට සාපේක්ෂව වඩාත් සුන්දරම ඒක. එකල අපේ හමුවේ තිබූ ආදරනීය බව දැනෙනව හරිම සුන්දර විදියට. ඒ 'ඇත්ත අපිට' ආදරය කරපු කෙනා නැත්නම් මිනිස්සූ නිසා. දැන් අපේ විවිද වෘතීය සම්බන්ධතා අස්සේ මීට් වෙන අයට වඩා ඒ අය හෘද්‍යාංගමයි. ඒ වගේම මේ මොහොතේ අපේ පවතින රිලේශන්ශිප්ස් සැටිස් නැත්නම් කොහොමත් ඒ මතකය ඔස්සේ එකල ආදරය අතපත ගාන්න බලනවා. ඒ 'වෙන්වීම'  සිදු නොවුනානම් වගේ දෙයක් එනවා. නැත්නම් ඒක වෙනස් කරන්න තිබ්බනම් කියල එකක් එනවා. හැබැයි ඒ මොහොත වෙනස් කරන්න අපි දැං කැමතිත් නෑ. 'ලා ලා ලෑන්ඩ්' මට පටන් ගන්නේ එතැනින් එකෙන්.

සෙබස්තියන්ගේ හෝන් එක,

ඒක පටන් ගන්නේම ඇරියස් එකකින්. හැබයි පටන් ගන්න ඕනිම තැනින්. තරහින්, නොහිතන වෙලාවක නැත්නම් ප්ලෑන් නොකර කරන දේවල් ගොඩක් වෙලාවට වැඩ කරනවා හිත්නවත් බැරි තරම් හොඳින්. අහම්බය කියන දේට අකමැති වුණත් ජීවිතේ අහම්ඹෙන් හරියන දේවල් තියනවා ඕනි තරම්. ජීවිතේ හැම දේම අහම්බයට පවරල පැත්තකට වෙන්න පුලුවන් කියන එක නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ.

හිච්කොක්ගේ 'බර්ඩ්ස්' බැලුව ලඟකඳි ආයේම. ප්‍රේමයෙන් ආතුර වෙන හදවතක් ගැන තියන හොඳම සිම්බොලයිස් කිරීම තියෙන්නේ බර්ඩ්ස් වල. කුරුල්ලන්ව යූස් කරල ගොඩ නඟන ඒ මෙටෆර් එක මරු. ඒ තරම් ඩෙප්ත් එකකට යන්නේ නැතිව වුනත් ලා ලා ලෑන්ඩ් අස්සේ හරිම හියුමන් විදියට කතාව ගොඩ නැඟෙනවා. සුන්දර ආදර කතාවක හැඟීම අපිට අත්දකින්න පුලුවන් වෙන විදියට. අපිත් ආදරය කරන්න පටන් ගන්නවා. පළවෙනි පාර දකින වෙලාව, පස්සෙන් යන කාලේ කට්ට කාල නම අනම් මනම් හොයා ගන්න වගේ දේවල් ඔක්කොම මතක් වෙනවා. ඒ වගේම ඒ කෙල්ලට වෙන කොක්කක් තියනව කියල දැන ගන්නත් ලැබෙනවා. ඒ කොක්ක අපිට වැඩිය ෆෝවර්ඩ් කියල විතරක් අපිට පේනවා. ඉතිං අපි පසු බහින්න නැතුව ඉදිද්දී හිමීට දෙන්නා අතර කනෙක්ශන් එකක් බිල්ඩ් වෙනවා. කැමැත්ත අහන්න විඳින දුක, අන්තිමට කොහොම හරි කියා ගන්නවා. ආයේ අතින් හරි අල්ලන්න තියන බය. ඔක්කොම අපිට වෙනව ෆිල්ම් එකේ.

එහෙම තියන ආදර කතා ගමන් කරන්නේ එකිනෙකාගෙ මුල් පිහිටුම් වලට කැමැත්තෙන්. ඒත් පස්සේ කාලෙක වෙනස් වෙන්න බලනවා අපි. අප්ඩේට් වෙන්න. ඒත් ඒ අප්ඩේට් එකත් එක්ක ලව් එක පුස් කනවා. නැත්නම් ලව් එක අස්සට අනවශ්‍ය දිලීර ගමන් කරන්න පටන් ගන්නවා. ජීවිතේ කියන්නේ ප්‍රාර්තනා කරන දේවල් ඒ විදියටම වෙන එක නෙවෙයි. වෙන දේ පිලිගන්න එක. ඉතිං ඔවුන්ගේ ඒ සම්බන්ධය මැදට දිලීර ආසාදනය නිසා සම්බන්ධතාව ඩිස්කනෙක්ට් වෙනවා.

මං කැමතියි මේ වෙන් වීමට. ඔවුන්ගේ සම්බන්ධතාව එහෙමම තිබුන නම් ලා ලා ලෑන්ඩ් කියල එකක් නෑ අද බලන්න. ඒ නිසා මේ වෙන් වීමට මං ආදරේ කරනවා. අපිට නොස්ටැල්ජික් ෆීල් එක එන්නේ ඒ වෙන් වීමේ සාධක නිසා. ආයෙ මුල් ටිකම, ෆිල්ම් එක එන්ඩ් වුණු තැන කියන්නේ මට ෆිල්ම් එක පටන් ගන්න තැන. 'ලා ලා ලෑන්ඩ්' සරල ආදර කතාවක සරල නොවූ හැඟීමක්. එක් නොවූ පෙම්වතුන්ට හොඳ ඖෂධයක්. ගීතාංජලියෙන්ම මේක අවසන් කරන්නම්.

"එහෙත් දීමට හැකි වූ දේට වඩා මට ලැබුණි.
දැන් දිනය උදා වී ඇත.
මගේ අඳුරු කුටිය එළිය කළ පහන නිවී ඇත.
ඇරයුමක් ලැබ තිබේ.
ඉඳින්, මගේ ගමනට මා සූදානම්‍ ය."
-ගීතාංජලී

-තරිඳු ජයරත්න-

3 comments:

  1. ලා ල ලෑන්ඩ් බලද්දී ඒක ගැන ගොඩක් අය කිව්ව පට්ට මෙව්ව එක මට දැනුනේ නෑ.

    මම හිතුවේ ම එක්කෝ මගේ ෆිල්ම් සෙන්ස් එකේ මොකක් හරි අවුලක් ඇතිවෙලා ඇති කියලා.

    ඒත් මේ ලිපිය !

    මේ ලිපියෙන් පස්සේ ල ල ලෑන්ඩ් ආයේ නිවාඩු වෙලාවක, ළමයින්ගේ සද්ද බද්ද නැති වෙලාවක, හෙඩ් සෙට් ගහගෙන වචනෙන් වචනේ, බැල්මෙන් බැල්ම ජජ් කර කර බලන්න හිතෙනවා.

    තව මාස 2කින් විතර පස්සේ ගෙදර කස්ටිය නිවාඩුවට ලංකාවට ගියාම කරන්න පුලුවන් වේවි.

    ඉන් පස්සේ ඇවිත් කොමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා.
      බලල ආයේ කතා කරමු.

      Delete
  2. මන් බලපු හොඳම drama,romantic ච්ත්‍රපටියක්. Good review mchn. D

    ReplyDelete