Tuesday, July 18, 2017

වැලිකතර - 1971



-------------------------------------------------------------------------------------------------
පසුවදනක් නොමැතිව මව්බිමෙහි සති දෙකක් තිස්සේ පළ නොකළ මේ ආර්ටිකල් එක, යල්පැන ගිය පසු නැවත පෙරවදනක් නොමැතිව මෙසේ  පළ කරමි.
-------------------------------------------------------------------------------------------------

වැලිකතර ඩිජිටල් වලින් රී ටච් කරලා ආයේ රිලීස් වුණා. වැලිකතර මුලින්ම රිලීස් වෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වන 70 දශකයේ මුල. දැනට අවුරුදු 40 කටත් එහා. නිහාල්සිංහගේ පලවෙනි ෆීචර් ෆිල්ම් එක වගේම, ලංකාවේ පලවෙනි සිනමාස්කෝප් (වයිඩ් ස්ක්‍රීන්) ෆිල්ම් එක වැලිකතර.

වැලිකතර අස්සේ ඉන්නේ ජෝ විතරයි. එහෙන් මෙහෙන් තිස්සත් පෙනී නොපෙනී යනවා. අධ්‍යක්ෂක කතෘ වුණු සිනමාවක් මට හම්බවෙන්නේ හඳගමගෙන් පස්සේ. 70 දශකය සිනමාව කොයිතරම් ඉන්ඩස්ට්‍රියක් විදියට ඉහළින් තිබ්බත් ඒ හැම ෆිල්ම් එකකම වගේ ප්‍රධාන කැරැක්ටර් එකක් හරහා තමයි ෆිල්ම් එක ගොඩ දාගන්නේ, අධ්‍යක්ෂක්ගේ අයිඩියෝලොජි එකට වඩා. ඒ කාලේ අධ්‍යක්ෂකට බැහැ ප්‍රකාශනය ගොඩක් ප්‍රභලව ගේන්න නලුවා හෝ නිලිය ඉස්මතු නොවී. වැලිකතරෙත් අන්තිමට උනේ ඒක. ගාමිණී ඒ කාලේ ඕඩියන්ස් එකට වැඩ කරත් දැන් වෙද්දී හරිම නීරසයි ඒ එළැඹීම. ගාමිණී වගේ පීචං ඇක්ටින් කැපෑසිටි එකක් අස්සේ ජෝගේ ඒ එළැඹීම මරු. ඒක අදටත් වලංගුයි. මම බලපු ගාමිණීගේ හැම ෆිල්ම් එකකම වගේ ගාමිණී බැරි වෙනවා චරිතයට අනන්‍ය වෙන්න. ගාමිණී නලුකම ඇඟට සහ හිතට ගන්න නිසා චරිතය ඈතට ගිහින්. ජෝ නලුකම ඈතට යවන නිසා චරිතය ජෝට ඇවිත්. ඒ නිසා හැමදාම ජෝ, කලං ඉස්සරහ ගාමිණී අහෝසි වෙලා යනවා. ගාමිණී සිනමා සක්විති වෙන්නේ ඉංග්‍රීසි සක්විති (රණසිංහ) වගේ දෙයකින්. ඇත්තටම ගාමිණීගේ ඇක්ටින් මට එදා ඉදන්ම මෙලෝ රහක් නෑ.

70-80 සිනමාව කතන්දර කීමේ මාධ්‍යක් විදියට ගොඩක් එහා තැනක තියනවා. වැලිකතර වගේ එකක් ගත්තත් 'රාමායණය' ඉන්ස්පිරේශන් එකක් විදියට තියාගෙන අබේසේකර ගේන ස්ටෝරි එක මරු. රෙස්ටොරන්ට් එකේ සාරී කතාව වගේ මෝඩ ස්ටීරියෝ ටයිප් සීන්ස් සහ ඩයොලොග් කිහිපයක් හැරුනම ස්ක්‍රිප්ට් එකක් විදියට වැලිකතර දියුණුයි. හැමදාමත් ස්ක්‍රිප්ට් එකෙන් කතාව ගොඩ දාගන්න තිස්ස අබේසේකර කොහොමත් දක්ෂයි. ඒත් ඔහු ඩිරෙක්ට් කරන්න ගියාම නා ගන්නවා. කරුමක්කාරයෝ, විරාගය වගේ දේවල් වලට උනේ ඒක. වෙලාවට මේක නිහාල්සිංහ ඩිරෙක්ට් කරන නිසා මේ තරම් හරි බේරිලා තියනවා.

වීරයා හැමවිටම ජය ගන්න ස්ට්‍රක්චර්ඩ් සිනමාවක් තමා ගොඩක් වෙලාවට මාස් ඕඩියන්ස් එකට වැඩ කරන්නේ. හරියට සිඩ්ෆීල්ඩ් වගේ. ඉතිං මේක එහෙම මාස් ඕඩියන්ස් එකේ ප්ලේ වෙන්නේ කොහොමද කියන එක සෑහෙන කතා කලයුතු සහ මාස් ඕඩියන්ස් එකට ‍ෆිල්ම් හදන්න ඉන්න අලුත් සෙට් එක අල්ල ගන්න ඕනි දෙයක්. ඒ කියන්නේ වීරයා සහ ප්‍රතිවීරයා එකිනෙකා අතර දෝලනය කරන්නේ කොහොමද කියන එක සහ කියුරියෝසිටි එක ‍ෆිල්ම් එක පුරාම අරං යන එක. අන්තිමට ‍ෆිල්ම් එක වටේ අරං ගිහිල්ලා හීනෙන්වත් හිතන්නේ නැති එන්ඩ් එකකට ගෙනියනවා.

ආයෙත් ‍ෆිල්ම් එකට ආවොත්, ගෝරිං කියන්නේ ටාර්ගට්ස් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පොරක්. ඒ කියන්නේ මිනිහෙකුට ගන්න පුලුවන් පොසිටිව් ඉන්ස්පිරේශන් එකක් ගෝරිං මුදලාලි. හොද සහ නරක බෙදන්න වෙන්නේ ඒ ඒ සංස්කෘතියට අදාලව. මොකද හොද කියල පියෝ එකක්වත් නරක කියල පියෝ එකක් වත් නෑ. ඒක ඒ කාලෙට හා සංස්කෘතියට අදාල දෙයක්. ඉතිං ගෝරිං දුශ්ට කැ‍රැක්ටර් එකකට වඩා මට හම්බ වෙන්නේ සීරියස් හියුමනික් ක‍රැක්ටර් එකක් විදියට. ඇත්ත මිනිහෙක්, අපි වෙන්න ප්‍රාර්තනා කරන මිනිහෙක් ගෝරිං කියන්නේ.

හැබැයි වික්‍රම කියන්නේ සම්පූර්ණයෙන්ම ඔපසිට් කැ‍රැක්ටර් එකක්. යතාර්තයෙන් පැනලා දුවන, තමන් කැමති දේ සිස්ටම් එක නිසා ප්‍රතික්ශේප කරන පුද්ගලයෙක්. යුනිෆෝර්ම් එක කියන්නේ එහෙම මිනිහෙක්ට හොද පිටපොත්තක්. හරියට හාමුදුරුවෙක්ට සිවුරක් වගේ. මට පොලිසිය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය අතරේ ලොකු වෙනසක් නෑ. උන් තුන් දෙනාම වෙන ලීගල් ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී හිටින එක කරන්නේ. හමුදාව LTTE එකට ගහන තැන ඉදන්, ඊයේ පෙරීදා අන්තරේට ගහන තැන දක්වාම ඒ ගොල්ලෝ අතකොලු. මට LTTE එක ගැන තියන තරම්වත් අන්තරේ ගැන ප්‍රසාදයක් නැහැ. ඒත් මතවාදයක් පහර දීමකින් හෝ සමූල ලෙස ඝාතනය කිරීමකින් වහන එක මට එකඟ වෙන්න බැරි දෙයක්. ඒක ඊට වැඩිය මාතවාදීව ගොඩ නගා ගන්න ඕනි දෙයක්. එහෙම පහර දෙන ලේ පිපාසිත පොලීසිය සහ හමුදාව වගේම තමයි පන්සල් වල හාමුදුරුවරු. වෙන කෙනෙක් (ගෞතම) ගෙනා දියුණු දර්ශනයක් පුස්කාපු මොළ තියන එළුවන් වගේ පිරිසක් විසින් දැන් කියව කියව යනවා. මුලින් බණ පටන් ගන්නේ සියල්ල අත්හරින්න කියලා. ඒත් ඉවර කරන්නේ 'සිංහල ජාතිය' ‍රැකගෙන මිසක් අපි පස්ස බලන්නේ නෑ කියන අදහසින්. තමන් කරන්නේ මොකක්ද කියන අදහසක් නැති චීවරදාරී එළුවන් පිරිස සහ හමුදාව වෙනස් වන්නේ කවර ලෙසින්ද? ඒ වගේ ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් තමා වික්‍රම. තමන් වහගෙන තමන්ව දන්නේවත් නැති ගමනක් වික්‍රම යන්නේ. ඒත් ගෝරිං ඊට වඩා පොලොවේ පය ගහල ඉන්න කැ‍රැක්ටර් එකක්.

මම හැමතිස්සෙම කියන කතාවක් තමයි ඕල්ටර්නේටිව් නැත්නම් මේ සම්මත සමාජේට දරාගන බැරි කැ‍රැක්ටර්ස් ගොඩක් නිර්මාණ වල අවසානෙට මරල දානවා. ඒක ඒ නිර්මාණකරුවගේ යහපත වෙනුවෙන් කර ගන්න දෙයක්. නැත්නම් ඕඩියන්ස් එකට දරා ගන්න බැහැ ඒ කැ‍රැක්ටර් එක. මං හිතන්නේ ඒක නිර්මාණකරුවන්ගේ අසාර්ථකත්වයක්. ඔහුට බැහැ ඒ වෙනුවෙන් පෙනී හිටින්න. නිර්මාණකරුවත් අවසානෙට යෝජනා කරන්නේ වෙනස් උනොත් පවතින්න බෑ කියන පරනම අදහස. වැලිකතරේ ගෝරිංට වෙන්නෙත් ඒක. තිස්ස සහ නිහාල්සිංහ එකඟ වෙනවා ගෝරිං නැති කරන්න, වගේම ASP හාමුදුරුවෝ කියල පිටපොත්තෙන් වහන් ඉන්න වික්‍රමගේ සැබෑව එළිඋනු ගමන් මරලා දාන්න. හරිම ප්‍රාථමික සියදිවි නසා ගැනීමකින්. ලස්සනට වියපු ප්ලොට් පැදුර තමන් විසින්ම ආයේ ලිහල දානවා තිස්ස සහ නිහාල්සිංහ. අන්තිමට මම හෝල් එකෙන් එළියට ආවේ ඉවර වෙනකම් වියපු පැදුර වෙනුවට පන් ගස් ටිකක් විතරක් අරගෙන.

මං කියන්නෙ වැලිකතර වගේ පරන ආසියො ගහන එක දැන් ඇති. මොකද අලුතින් එන්න තියන ෆිල්ම් ලිස්ට් එක ගොඩක් දිගයි සහ ඒ ගොඩක් ෆිල්ම්ස් ඉහල මට්ටමක තියනවා. ඉතිං මේ පරණ වෙච්ච කාඩ් කූට්ටමක් තියාගෙන ඉන්නවට වඩා අලුත් පසල්ස් වලින් ගේම් ගහන තැනකට එන්න ඕනී. පරණ ‍ෆිල්ම් සෙට් එක ටොරෙන්ට්ස් හෝ DVD වලින් හරි එලියට දෙන්න. ආයේ ඒවා හෝල් වලට එනව කියන්නේ යාපනේ ගිහින් ෆ්‍රයිඩ් රයිස් කනව වගේ වැඩක්. සිනමාව 70 පහු කරගෙන දැන් ගොඩක් දුර ගිහින්. දැන් ඉතිං අලුත් සෙට් එකට හෝල් වල ඉඩක් දෙමු.


-තරිඳු ජයරත්න

Friday, July 7, 2017

4 Months, 3 Weeks and 2 Days - 2007



මම ටික කාලෙකට කලින් ෆිල්ම් එකක් බලනවා. ෆිල්ම් එක 4 Months 3 Weeks and 2 Days. 2007 පාම් දියෝ හම්බ වුණු ෆිල්ම් එක. ෆිල්ම් එකේ එක සීන් එකක් ගොඩක් වෙලා හෝල්ඩ් කරන් ඉන්නවා. ෆිල්ම් එකේ කට්ස් සෑහෙන අඩුයි. ටික වෙලාවක් යද්දී අපිත් ෆිල්ම් එකේ කැරැක්ටක් එකක් වෙන තරමට ඒක පවර්ෆුල්. අපිට අමතක වෙනවා අපි ෆිල්ම් එකක් බලනවා කියලා. ඉතිං මේ පවර්ෆුල් බැක්ග්‍රවුන්ඩ් එකට ගේන ස්ටෝරි එකත් ඒ වගේම පවර්ෆුල්. ඇබෝශන් බේස් වෙලා ගොඩක් ෆිල්ම් ලෝකේ කරලා තියනවා. ඒත් ක්‍රිස්ටියන් මුන්ගිව් (Cristian Mungiu) කරන මේ ෆිල්ම් එක වෙනස් වෙනවා ඇබෝශන් එකකට උදවු කරන කෙනෙක්ගේ තැනට. ෆිල්ම් එක තනි ලයින් එකකට ගත්තොත්; ඇබෝශන් කරගන්න කෙනාගේ යාලුවා ගැන තමයි ෆිල්ම් එක.

බයෝලොජිකලි ගත්තම සෙක්ස් කරනවා කියන්නේ, ජීවියෙක් බිහි කරන්න කරන ක්‍රියාවලියක්. හැබැයි ෆීලින්ග්ස් වගේ දෙයක් එද්දී ඒක (sex) ජීවියෙක් බිහි කරනවට වඩා එහා ගිය සුන්දර එක්ස්පීරියන්ස් එකක්. ඉතිං එහෙම සුන්දරත්වයක් එක්ස්පීරියන්ස් කරන කෙනෙක් ගැබ් ගත්තොත් ඇබෝශන් එකක් කිරීම මට සාපේක්ශව ඕකේ. ඒ කියන්නේ තවදුරටත් සාම්ප්‍රදායික බයෝලොජිකලි එන දේ පවතින්න ඕනි නැහැ, ඒක බිඳින්න ඕනී කියලා තමයි මම යෝජනා කරන්නේ. LGBT කියන දේටත් මේ මොහොතේ එකඟ වෙන්න වෙනවා කොන්දේසි විරහිතව. ඇබෝශන්ස් ලීගලයිස් වීමත් එක්ක ඊළඟට එන හ්‍යුමන් සහ එතිකල් ප්‍රශ්න එන්නේ ඒ බයෝලොගිකල් ටෘ එකට තියන බය නිසා. ෆ්‍රේම් වෙච්ච "ස්වබාදහමට" චැලේන්ජ් කරාම/ඒක බින්දම ඒ ප්‍රශ්න ටිකත් අහෝසි වෙලා යනවා. ආයේ ෆිල්ම් එකට එද්දී අපිට බැහැ මේ යතාර්තය වෙනුවෙන් පෙනී නොසිටින්න.

‍ෆිල්ම් එක පටන් ගන්නේ මරු ෆ්‍රේම් එකකින්. මේසයක් උඩ තියන පොඩි ටැංකියක හිර වෙලා වගේ ඉන්න මාළු දෙන්නෙක්. ටැංකියට එහා පැත්තේ ඈෂ් ට්‍රේ එකක සිගරට් එකක් පත්තු වෙනවා. ටික වෙලාවකින් අතක් ඇවිත් සිගරට් එක ගන්නවා. ෆ්‍රේම් එක ටික ටික වයිඩ් වෙන්න පටන් ගන්නවා. ඒ සිගරට් එක ගන්නේ තරුණියක්. තව තරුණියක් ඇය සමඟ ඉන්නවා. ෆ්‍රේම් එක ෆුල් වයිඩ් උනාම හරියට ඒ තරුණියන් දෙන්නත් අර ටැංකියේ ඉන්න මාළු දෙන්නා වගේ හැඟීමක් එනවා. ‍ෆිල්ම් එක හරියටම බේස් එක දාගන්නවා පළවෙනි ශොට් එකෙන්ම. අමුවෙන් බිව්වා වගේ.

‍ෆිල්ම් එක ස්ටෝරි එකක් විදියට බිල්ඩ් වෙනවා. තරුණියන් දෙන්නගේ මිශන් එක මොකක් හරි ජිලිබිලිස් වැඩකට යන්නේ කියල තේරෙනවා. ඒත් ඒ මොකක්ද කියල දැන ගන්නේ ‍ෆිල්ම් එකේ මැද හරියට එනකොට. මිශන් එක ඇබෝශන් එකක්. ඔට්ලියා(Anamaria Marinca) තමයි ෆිල්ම් එකේ ලීඩ් රෝල් එක කරන්නේ. ඒ කියන්නේ ඇබෝශන් එකට ලක් වෙන තැනැත්තියගේ මිතුරිය. එක තැනක හැර අනෙක් සෑම තැනකම කැමරාව ගමන් කරන්නේ ඇය වටා. එතකොට අපි අනන්‍ය වෙන්නේ ඔට්ලියාට. ඇය පෙම්වතා (Alexandru Potocean), මිතුරිය (Laura Vasiliu), ඇබෝශන් එක කරන පුද්ගලයා (Vlad Ivanov) වගේ කැරැක්ටර්ස් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ අතරේ දෝලනය වෙන තරුණියක්. ඔට්ලියාගෙන් කැමරාව මාරු වෙන එකම තැන වෙන්නේ ඇබෝශන් එක කරන පුද්ගලයා එක්ක සෙක්ස් කරන්න වුණු තැන. එතනදි කැමරාව මිතුරිය එක්ක යනවා. හැබැයි ඕඩියන්ස් එකම ඔට්ලියා ගැන තමා ෆෝකස් එකේ ඉන්නේ. කැමරාව ගැලවුනත් ඔට්ලියාගෙන් අපිට ගැලවෙන්න බැරුව යනවා. ඒ වොයේරිසම් ආශාවෙන් අපිට ගැලවෙන්න බැහැ. එය ඇය වෙනුවෙන් අපි තුළ තියන සංවේගයට වඩා ගැහැණිය (හෝ පිරිමියෙක්ගේ) තුළින් හොයන ලිංගික තෘප්තියට අපි ආස කරන නිසා.

ඔට්ලියා සහ පෙම්වතා අතර වෙන ඩයලොග් එකත් මිස් කරන්න බැහැ ‍ෆිල්ම් එකේ. ඒ කාලේ රුමේනියාවේ තිබ්බ සමාජ දේශපාලනික ප්‍රශ්නය එහෙම් පිටින්ම මේ මොහොතේ සහ මේ මොහොතට පෙර සිට ලංකාවේ කපල් අතර අඩු වැඩි වශයෙන් ඇති වෙන්නා වූ දෙයක්. ඒක 'සැකය' වචනයෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.

මුලු ‍ෆිල්ම් එකම අමුතු ට්‍රිප් එකක් අපිව එක්කගෙන ගිහිල්ලා වෙඩින් එකක් මැදින් අරං යනවා මාර කාම් තැනකට. ආයේ මට මතක් වෙන්නේ ස්ටාර්ට් කරපු සීන් එක. මාළු දෙන්නා. මේ එන්ඩ් ශොට් එකෙත් ඉන්නේ ඒ දෙන්නම. මාළු වෙනුවට තරුණියන් දෙන්නා රෙස්ටොරන්ට් එකේ මේසෙක දෙපැත්තේ වාඩි වෙලා. අන්තිමට (එන්ඩ් ශොට් එක) අපේ පැත්ත/ ස්පෙක්ටේටර්ස්ලගේ පැත්ත ඩිරෙක්ට් හැරිලා බලනවා ඔට්ලියා. මට එක සැරේටම මතක් වෙනවා මාත් මේ ‍ෆිල්ම් එකක් කියන ටැංකියක් දෙස නේද මෙච්චර වෙලා බලන් ඉදලා තියෙන්නේ. මට ‍ෆිල්ම් එකේ ටයිට්ල් චේන් එක යන ගමන් වටපිට බැලුනා. පොඩ්ඩක් වටපිට බලන්න, මාත්, කියවන ඔබත් මාළු ටැංකියක හිර වෙලා ඉන්නේ. ඒ ටැංකියේ ඔක්සිජන්, වතුර, ටැංකියේ ඉඩ වගේ ගොඩක් දේවල් අඩුයි. ඒත් අපිට තවත් මේ ටැංකියේ ඉන්න වෙනවා. පනින්න මුහුදක්, වැවක් හෝ ලොකු ජලාශයක් පේන හතර මායිමකවත් නෑ.

මේ ‍ෆිල්ම් එකේ පොඩි පොඩි දොරවල් ටිකක් අරින්න බැලුවේ. කෙළවරක ඉදන් ‍ෆිල්ම් එකක ඔක්කොම ලිහනවට වඩා මෙහෙම තැනින් තැන දොරවල් ජනෙල් ඇර ගන්න එක මරු. මොකද එතකොට ගොඩක් පැතිවලට තමන් කැමති දොරකින්, ජනේලයකින් එළියට යන්න පුලුවන්.

4 Months 3 Weeks and 2 Days නම මාස, සති සහ දවස් කියන වචන ටික පොඩ්ඩකට අමතක කරොත් ලියන්න වෙන්නේ, 4, 3, 2. ඒ කියන්නේ කවුන්ට්ඩවුන් එකක්. කවුන්ට්ඩවුන් එකක 2 න් පස්සේ කියන්නේ 1. එහෙනම් මම මෙහෙම කවුන්ට් කරනවා. 4, 3, 2, 1. අපි ෆිල්ම් එක බලමු.

-තරිඳු ජයරත්න