Tuesday, July 18, 2017

වැලිකතර - 1971



-------------------------------------------------------------------------------------------------
පසුවදනක් නොමැතිව මව්බිමෙහි සති දෙකක් තිස්සේ පළ නොකළ මේ ආර්ටිකල් එක, යල්පැන ගිය පසු නැවත පෙරවදනක් නොමැතිව මෙසේ  පළ කරමි.
-------------------------------------------------------------------------------------------------

වැලිකතර ඩිජිටල් වලින් රී ටච් කරලා ආයේ රිලීස් වුණා. වැලිකතර මුලින්ම රිලීස් වෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වන 70 දශකයේ මුල. දැනට අවුරුදු 40 කටත් එහා. නිහාල්සිංහගේ පලවෙනි ෆීචර් ෆිල්ම් එක වගේම, ලංකාවේ පලවෙනි සිනමාස්කෝප් (වයිඩ් ස්ක්‍රීන්) ෆිල්ම් එක වැලිකතර.

වැලිකතර අස්සේ ඉන්නේ ජෝ විතරයි. එහෙන් මෙහෙන් තිස්සත් පෙනී නොපෙනී යනවා. අධ්‍යක්ෂක කතෘ වුණු සිනමාවක් මට හම්බවෙන්නේ හඳගමගෙන් පස්සේ. 70 දශකය සිනමාව කොයිතරම් ඉන්ඩස්ට්‍රියක් විදියට ඉහළින් තිබ්බත් ඒ හැම ෆිල්ම් එකකම වගේ ප්‍රධාන කැරැක්ටර් එකක් හරහා තමයි ෆිල්ම් එක ගොඩ දාගන්නේ, අධ්‍යක්ෂක්ගේ අයිඩියෝලොජි එකට වඩා. ඒ කාලේ අධ්‍යක්ෂකට බැහැ ප්‍රකාශනය ගොඩක් ප්‍රභලව ගේන්න නලුවා හෝ නිලිය ඉස්මතු නොවී. වැලිකතරෙත් අන්තිමට උනේ ඒක. ගාමිණී ඒ කාලේ ඕඩියන්ස් එකට වැඩ කරත් දැන් වෙද්දී හරිම නීරසයි ඒ එළැඹීම. ගාමිණී වගේ පීචං ඇක්ටින් කැපෑසිටි එකක් අස්සේ ජෝගේ ඒ එළැඹීම මරු. ඒක අදටත් වලංගුයි. මම බලපු ගාමිණීගේ හැම ෆිල්ම් එකකම වගේ ගාමිණී බැරි වෙනවා චරිතයට අනන්‍ය වෙන්න. ගාමිණී නලුකම ඇඟට සහ හිතට ගන්න නිසා චරිතය ඈතට ගිහින්. ජෝ නලුකම ඈතට යවන නිසා චරිතය ජෝට ඇවිත්. ඒ නිසා හැමදාම ජෝ, කලං ඉස්සරහ ගාමිණී අහෝසි වෙලා යනවා. ගාමිණී සිනමා සක්විති වෙන්නේ ඉංග්‍රීසි සක්විති (රණසිංහ) වගේ දෙයකින්. ඇත්තටම ගාමිණීගේ ඇක්ටින් මට එදා ඉදන්ම මෙලෝ රහක් නෑ.

70-80 සිනමාව කතන්දර කීමේ මාධ්‍යක් විදියට ගොඩක් එහා තැනක තියනවා. වැලිකතර වගේ එකක් ගත්තත් 'රාමායණය' ඉන්ස්පිරේශන් එකක් විදියට තියාගෙන අබේසේකර ගේන ස්ටෝරි එක මරු. රෙස්ටොරන්ට් එකේ සාරී කතාව වගේ මෝඩ ස්ටීරියෝ ටයිප් සීන්ස් සහ ඩයොලොග් කිහිපයක් හැරුනම ස්ක්‍රිප්ට් එකක් විදියට වැලිකතර දියුණුයි. හැමදාමත් ස්ක්‍රිප්ට් එකෙන් කතාව ගොඩ දාගන්න තිස්ස අබේසේකර කොහොමත් දක්ෂයි. ඒත් ඔහු ඩිරෙක්ට් කරන්න ගියාම නා ගන්නවා. කරුමක්කාරයෝ, විරාගය වගේ දේවල් වලට උනේ ඒක. වෙලාවට මේක නිහාල්සිංහ ඩිරෙක්ට් කරන නිසා මේ තරම් හරි බේරිලා තියනවා.

වීරයා හැමවිටම ජය ගන්න ස්ට්‍රක්චර්ඩ් සිනමාවක් තමා ගොඩක් වෙලාවට මාස් ඕඩියන්ස් එකට වැඩ කරන්නේ. හරියට සිඩ්ෆීල්ඩ් වගේ. ඉතිං මේක එහෙම මාස් ඕඩියන්ස් එකේ ප්ලේ වෙන්නේ කොහොමද කියන එක සෑහෙන කතා කලයුතු සහ මාස් ඕඩියන්ස් එකට ‍ෆිල්ම් හදන්න ඉන්න අලුත් සෙට් එක අල්ල ගන්න ඕනි දෙයක්. ඒ කියන්නේ වීරයා සහ ප්‍රතිවීරයා එකිනෙකා අතර දෝලනය කරන්නේ කොහොමද කියන එක සහ කියුරියෝසිටි එක ‍ෆිල්ම් එක පුරාම අරං යන එක. අන්තිමට ‍ෆිල්ම් එක වටේ අරං ගිහිල්ලා හීනෙන්වත් හිතන්නේ නැති එන්ඩ් එකකට ගෙනියනවා.

ආයෙත් ‍ෆිල්ම් එකට ආවොත්, ගෝරිං කියන්නේ ටාර්ගට්ස් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පොරක්. ඒ කියන්නේ මිනිහෙකුට ගන්න පුලුවන් පොසිටිව් ඉන්ස්පිරේශන් එකක් ගෝරිං මුදලාලි. හොද සහ නරක බෙදන්න වෙන්නේ ඒ ඒ සංස්කෘතියට අදාලව. මොකද හොද කියල පියෝ එකක්වත් නරක කියල පියෝ එකක් වත් නෑ. ඒක ඒ කාලෙට හා සංස්කෘතියට අදාල දෙයක්. ඉතිං ගෝරිං දුශ්ට කැ‍රැක්ටර් එකකට වඩා මට හම්බ වෙන්නේ සීරියස් හියුමනික් ක‍රැක්ටර් එකක් විදියට. ඇත්ත මිනිහෙක්, අපි වෙන්න ප්‍රාර්තනා කරන මිනිහෙක් ගෝරිං කියන්නේ.

හැබැයි වික්‍රම කියන්නේ සම්පූර්ණයෙන්ම ඔපසිට් කැ‍රැක්ටර් එකක්. යතාර්තයෙන් පැනලා දුවන, තමන් කැමති දේ සිස්ටම් එක නිසා ප්‍රතික්ශේප කරන පුද්ගලයෙක්. යුනිෆෝර්ම් එක කියන්නේ එහෙම මිනිහෙක්ට හොද පිටපොත්තක්. හරියට හාමුදුරුවෙක්ට සිවුරක් වගේ. මට පොලිසිය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය අතරේ ලොකු වෙනසක් නෑ. උන් තුන් දෙනාම වෙන ලීගල් ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී හිටින එක කරන්නේ. හමුදාව LTTE එකට ගහන තැන ඉදන්, ඊයේ පෙරීදා අන්තරේට ගහන තැන දක්වාම ඒ ගොල්ලෝ අතකොලු. මට LTTE එක ගැන තියන තරම්වත් අන්තරේ ගැන ප්‍රසාදයක් නැහැ. ඒත් මතවාදයක් පහර දීමකින් හෝ සමූල ලෙස ඝාතනය කිරීමකින් වහන එක මට එකඟ වෙන්න බැරි දෙයක්. ඒක ඊට වැඩිය මාතවාදීව ගොඩ නගා ගන්න ඕනි දෙයක්. එහෙම පහර දෙන ලේ පිපාසිත පොලීසිය සහ හමුදාව වගේම තමයි පන්සල් වල හාමුදුරුවරු. වෙන කෙනෙක් (ගෞතම) ගෙනා දියුණු දර්ශනයක් පුස්කාපු මොළ තියන එළුවන් වගේ පිරිසක් විසින් දැන් කියව කියව යනවා. මුලින් බණ පටන් ගන්නේ සියල්ල අත්හරින්න කියලා. ඒත් ඉවර කරන්නේ 'සිංහල ජාතිය' ‍රැකගෙන මිසක් අපි පස්ස බලන්නේ නෑ කියන අදහසින්. තමන් කරන්නේ මොකක්ද කියන අදහසක් නැති චීවරදාරී එළුවන් පිරිස සහ හමුදාව වෙනස් වන්නේ කවර ලෙසින්ද? ඒ වගේ ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් තමා වික්‍රම. තමන් වහගෙන තමන්ව දන්නේවත් නැති ගමනක් වික්‍රම යන්නේ. ඒත් ගෝරිං ඊට වඩා පොලොවේ පය ගහල ඉන්න කැ‍රැක්ටර් එකක්.

මම හැමතිස්සෙම කියන කතාවක් තමයි ඕල්ටර්නේටිව් නැත්නම් මේ සම්මත සමාජේට දරාගන බැරි කැ‍රැක්ටර්ස් ගොඩක් නිර්මාණ වල අවසානෙට මරල දානවා. ඒක ඒ නිර්මාණකරුවගේ යහපත වෙනුවෙන් කර ගන්න දෙයක්. නැත්නම් ඕඩියන්ස් එකට දරා ගන්න බැහැ ඒ කැ‍රැක්ටර් එක. මං හිතන්නේ ඒක නිර්මාණකරුවන්ගේ අසාර්ථකත්වයක්. ඔහුට බැහැ ඒ වෙනුවෙන් පෙනී හිටින්න. නිර්මාණකරුවත් අවසානෙට යෝජනා කරන්නේ වෙනස් උනොත් පවතින්න බෑ කියන පරනම අදහස. වැලිකතරේ ගෝරිංට වෙන්නෙත් ඒක. තිස්ස සහ නිහාල්සිංහ එකඟ වෙනවා ගෝරිං නැති කරන්න, වගේම ASP හාමුදුරුවෝ කියල පිටපොත්තෙන් වහන් ඉන්න වික්‍රමගේ සැබෑව එළිඋනු ගමන් මරලා දාන්න. හරිම ප්‍රාථමික සියදිවි නසා ගැනීමකින්. ලස්සනට වියපු ප්ලොට් පැදුර තමන් විසින්ම ආයේ ලිහල දානවා තිස්ස සහ නිහාල්සිංහ. අන්තිමට මම හෝල් එකෙන් එළියට ආවේ ඉවර වෙනකම් වියපු පැදුර වෙනුවට පන් ගස් ටිකක් විතරක් අරගෙන.

මං කියන්නෙ වැලිකතර වගේ පරන ආසියො ගහන එක දැන් ඇති. මොකද අලුතින් එන්න තියන ෆිල්ම් ලිස්ට් එක ගොඩක් දිගයි සහ ඒ ගොඩක් ෆිල්ම්ස් ඉහල මට්ටමක තියනවා. ඉතිං මේ පරණ වෙච්ච කාඩ් කූට්ටමක් තියාගෙන ඉන්නවට වඩා අලුත් පසල්ස් වලින් ගේම් ගහන තැනකට එන්න ඕනී. පරණ ‍ෆිල්ම් සෙට් එක ටොරෙන්ට්ස් හෝ DVD වලින් හරි එලියට දෙන්න. ආයේ ඒවා හෝල් වලට එනව කියන්නේ යාපනේ ගිහින් ෆ්‍රයිඩ් රයිස් කනව වගේ වැඩක්. සිනමාව 70 පහු කරගෙන දැන් ගොඩක් දුර ගිහින්. දැන් ඉතිං අලුත් සෙට් එකට හෝල් වල ඉඩක් දෙමු.


-තරිඳු ජයරත්න

3 comments:

  1. ඔව් ,නිහාල්සිoහ මරු නැ .හැබැයි ෆෙල් වුනෙත් නෑ

    ලoකාවෙ සිනමාවේ "කැමරාව අතට අරන් "(භාවිතයෙ දි)ආතල් එකක් ගන්නෙ නිහාල්සිoහ .ඔව් එක මාර නැ .ප්‍රoශයෙ,ඉතාලියේ සැහෙන කාලෙකට කලින් උන් ඔයටික කරනවා.
    කතන්දරෙ තියෙන ,පිලිවෙලට information ටික තියෙන් බලලා ඉවර වෙල title ටික යන්න කලින් ඔනෙනම් නැගිටලා එන්න පුලුවන් film එකක් මෙක මට...හැබැයි එක මට ඒක අවුලක් නෑ මොකද නිහාල්ට, මමයි silver screen අතර තියෙන space එකේ මාව කරකවලා අතහැරලා trip එකක් යවන්නා බැරි වුනාට,තිරයේ ඇතුලේ තියෙන time and space එකෙ තියෙන චරිත ටිකත් එක්ක අදාල කතාව කියනවා.එ චරිත ටික ගොඩනගලා තියෙන විදිහේ තියෙන පොඩි පොඩි blank space ටිකත් එක්ක film එක බලන් ඉන්න පුලුවන් ආතල් එකක් තියෙනවා .ඒක නිසා "වැලිකතර" සිනමාව language එකක් විදිහට භාවිතා කරපු film එකක් විදිහට ෆෙල් නෑ.


    පරණ films නැවත ප්‍රතිසංස්කරණ කිරීම වැදගත් , නමුත් එවා නැවත ලoකාව වගෙ රටක (පස්සට යන ඉස්සර මරු රටක ) හෝල් වලට දැමීම පිලිබඳව කතා නොකරමි .

    ReplyDelete
    Replies
    1. හොද ඉන්වෝල්මන්ට් එකක් මචන්... :)

      Delete