Friday, February 9, 2018

The Circle - 2000



පහුගිය දවසක මංගල ගෙනාපු මධ්‍යසාර පනතේ සංශෝදනත් එක්ක ලංකාවේ සංස්කෘතික කාන්තාරය පොඩ්ඩක් හෙල්ලුනා. මංගල මොන දේශපාලනික අරමුණකින් ගෙනාවත් ඒ පනතේ ගොඩක් සාධනීය දෙවල් තිබුනා. කාන්තාවන්ට අරක්කු එක්ක නිදහස් වෙන්න දොර ඇරපු එකේ ඉදන් ගොඩක් දේවල්. ඒත් මෛත්‍රීපාල ඇතුලු ලංකාවේ සංස්කෘතික වන්දි බට්ටයන් ලංකාවා ආයේ සෑහෙන කාලෙකට ගන්න බැරි තරම් ඈතක ඇදල දැම්ම. ලංකාව තාමත් අර හණමිටි අදහස් එක්ක සංස්කෘතික කාන්තාරෙක තනි වෙලා ඉන්න වෙනවා; මේ වෙනස් වීම් උහුලගන්න බැරි නිසා. ශ්‍රී ලංකාව කියන උතුම් දේශයට, LGBT හරි ප්‍රොස්ටිටුශන් හරි ඇබෝශන් හරි තව කාලයකටම නීතිගත කර ගන්න බැරි බව මේ පුංචි සාධකෙන් පේනවා. ඒ සංස්කෘතික නිදහසත් එක්ක මිනිස්සු හැසිරෙන කාලයක් මේ කාලකන්නි දේශයට තව සෑහෙන කාලයට උදා නොවේවි.

'The Circle - 2000’ කියන්නේ ඉරාන් ෆිල්ම් මේකර්, ජෆාර් පහානිගේ ෆිල්ම් එකක්. 2000 වෙනීස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ 'ගෝල්ඩන් ලයන්' ගත්තේ මේක. පොඩි ප්ලොට් එකක් අරං (පොඩි කාලයක කතාවක්) ගොඩක් ඈත ඩෙප්ත් එකකට යන්න ගොඩක් ඉරාන් ෆිල්ම් මේකර්ස්ලා දක්ශයි. කියරොස්තාමි, මජිඩි මජිඩි, පහානී වගේම ෆර්හාඩි ඉදන් තව ගොඩක් අය ඒකට මාර ටැලන්ටඩ්. ඉරානයේ ආර්ට් වලට තියන අවම නිදහසත් එක්ක ඒ මිනිස්සු හැමදාම පේන පොඩි කෑල්ලෙන් වෙනස් දේවල් දෙන්න ට්‍රයි කරා. ද සකල් කියන්නේ එහෙම එකක්. ටෙහරාන් වල පැය කිහිපයක් තුළ කාන්තාවන් කිහිප දෙනෙක් මුහුණ දෙන සිදුවීම් කිහිපයක්. හැබැයි ඒ ඉරාන බහුතර කාන්තා නියෝජනයක් විදියට ගේන්න පහානී සමත් වෙනවා. 

ෆිල්ම් එකේ පළමු කැරක්ටර් එකේ ඉදන් ඒ ඒ කැරැක්ටර්ස් හරහා ප්ලොට් එක ශිෆ්ට් කරන ගමන් ගලාගෙන යන කතාවක් ජෆාර් පහනි ගොතලා තියනවා. ද සකල් වෙන්නේ එහෙමයි. ඇරඹුනු තැනකට අවසානයක් ගේනවා. වූම්බ් එකින් එලියට එන ගැහැණිය පිරිමියගේ උවමණාවන් වලට පමණක් යටත් වෙලා හිර ගෙදරක් (සිම්බොලික් මරණය) ඇතුලේ හිර වෙන අවසානයක්. 

ෆිල්ම් එක පටන් ගන්නේ රෝහලක ලේබර්රූම් එකේ විමසීම් කවුලුවෙන්. තමන්ගේ දුවට දුවෙක් හම්බ වෙලා කියලා ඒ කවුලුවෙන් නර්ස් කෙනෙක් කියනවා. ඒ වයසක ගෑණූ කෙනාට ඒක විශ්වාස කරන්න බෑ. ඇයගේ දුවගේ ස්වාමිපුරුශයා සහ පවුලේ කට්ටිය බලන් ඉදලා තියෙන්නේ පිරිමි ළමයෙක්. මේ ආච්චී මිණිබිරියක් ලබීම ගැන අවුලෙන් එලියට එනවා. ඊට පස්සේ ජෆර් පාහානී ලිහනවා ඇයි මේ ආච්චී මිණිබිරියක් ලැබීම පිළිබඳ මෙච්චර අවුලකට යන්නේ කියලා. විවිධ වයස් වල පාරතොටේ මුණගැහෙන කාන්තා චරිත එකට ඈඳලා අපිව ආච්චිගේ අර්බුධය ගැන කොන්චස් කරනවා. කාන්තාවක් වීම මිඩ්ල් ඊස්ට් වල කොයිතරම් අර්බුධයක්ද කියලා දිගින් දිගටම ආසියාතික රටක ඉන්න අපිවත් බය කරවනවා. ඒ අපේ රටෙත් ඒ කාන්තා නිදහස නැති නිසා. තාම අපි හැමෝම විවිද විදියට නිදහස අහුරවමින් ඉන්නේ.

ලංකාවේ කාන්තාවක් බොන එක, සිගරට් එකක් බොන එක තාම ලංකාවේ පිරිමියට දරා ගන්න බැරි වෙනවා. ඒ නිදහසේ සෞන්දර්ය හිතා ගන්නවත් බැරි බහුතරයක් ලංකාවේ කාන්තාවනුත් තාම ඒ නිදහස ඇහිරීම වෙනුවෙන් එකඟ වෙමින් ඉන්නේ. තාම පිරිමියාගේ දාසභාර්යාව වශයෙන් ඔවුන් බෞතීස්ම වෙන්න කැමතියි. රණ්බන්ඩා ලියපු නීලා කියන "ඔබ ගෙදර එන්න" සිංදුව වගේ. ලංකාවේ බහුතරයක් කාන්තාවන් ඒ නිදහස ඉමැජින් කරන්නවත් අකමැතියි.

මේ ‍ෆිල්ම් එකේ එක නිරුවත් දර්ශනයක්වත්, එක වයලන්ස් එකක්වත්, ඩ්‍රග්ස් සීන්ස් වගේ මුකුත් නැතුව මේ ‍ෆිල්ම් එක ඉරන් වල බෑන් කරනවා. සිනමාව පවර්ෆුල් ලැංවේජ් එකක් කියන්නේ මේ වගේ දෙයකට. හරිම ස්මූත් ගලන රූප රාමු වලින් ඉරානය හොල්ලන ප්ලොට් එකක් එළියට එනවා. ඉරාන කාන්තාව සහ ඉරාන සිනමාව අතරේ නිදහසේ ලොකු වෙනසක් නැහැ. දෙකම සීමා සහිතයි. මේ සීමාව, සීමාව තුළම අතික්‍රමණය කරන්න හදන නිසා තමා ඉරාන් ‍ෆිල්ම්ස් වල පොඩි ප්ලොට් ලොකු දේවල් විදියට එළියට එන්නේ. ජෆාර් ෆහානිට පස්සේ කාලේක ‍ෆිල්ම්ස් කරන්න තහනම් කරනවා. ඔහු නිවාස අඩස්සියෙ හිරකරනවා. පහානී ඒ කාලේ කරනවා හරි අපූරු ‍ෆිල්ම් එකක්. "This is not a film - 2011" තමා ‍ෆිල්ම් එකේ නම. මෙය ‍ෆිල්ම් එකක් නොවේ. පහානිගේ මොබයිල් ෆෝන් එකෙන් ගෙදර ඇතුලෙම ඉදන් ශූට් කරනවා. ඔහුම කතාව ඉදිරිපත් කරනවා. කොහොම හරි පහානී මේක ඉරන් වලින් පන්නලා කාන් වලට යවන්න සමත් වෙනවා. කාන්ස් වල ‍ෆිල්ම් එකට ලොකු තැනක් හම්බ වෙනවා. පහානී කියන්නේ අමුතු චරිතයක්. ඔහු 2015 ගෝල්ඩන් බෙයා ගන්නවා ටැක්සි ‍ෆිල්ම් එකට. ඉරානයෙන් එලියටවත් එන්න බැරුව ඔහු ජාත්‍යාන්තර සිනමා උලෙලවල් වල චරිතයක් වෙනවා. ඒ ජෆර් පහනි. සිරගත අසීමාන්ති සිතන්නා.

ඉරාන කාන්තාවන්ට නගරයෙන් එළියට යන්න බෑ ID එක නැතුව. නගරෙ ඉන්නත් බෑ ID එක නැතුව. යන්නත් බැරිනම් ඉන්නත් බැරුනම් මොනවද ගැහැණිය කරන්නේ. කාන්තාවන් වැරදිකරුවන් වෙන්නේ ඒ වගේ දෙවල් එක්ක. හැම වෙලාවෙම ID එක තියෙන්නේ පිරිමියට. ගැහැණිය හැම තිස්සෙම පිරිමියෙක් හරහා තම අනන්‍යතාව සලකුණු කරමින් තමයි ඉරාන් වල ඉන්න වෙන්නේ. සකල් වල ඉන්නේ එහෙම. ලේබර් රූම් එකේ පටන් ගත්ත ශොට් එක වගේ ශොට් එකකින් ‍ෆිල්ම් එක අවසන් වෙනවා; ඉරාන කාන්තාව ප්‍රතිනිර්මාණය කරමින්. ඒ ශොට් එක හිර ගෙදරක විමසුම් කවුළුවක්. අන්තිමට විමසුම් කවුළුව වහල දානවා.

අපි විමසන්න කෙනෙක් නැතුව අතර මං වෙනවා. ඇත්තට අපි හැමෝගෙම නිදහස විවිධ දේවල් වලින් හිර වෙලා. කාටවත් විමසන්න බෑ. කවුරුත් දන්නේ නෑ ඇත්තටම හිරවෙලාද කියලා. හරියට මේ ලියන මං The Circle වල හිරවුණා වගේ.

-තරිඳු ජයරත්න
___________________

හෙට (පෙබ: 10) හවස 5.30 ට ඉරාන් ‍ෆිල්ම් ෆෙස්ටිවල් එක තරංගනී එකේ පටන් ගන්නවා. ලබන බදාදා (පෙබ: 14) වෙනකම් ෆෙස්ටිවල් එක තියනවා. ලංකාවේ අපිට වැඩිය හුරු පුරුදු නැති ‍ෆිල්ම් මේකර්ස්ලගේ ‍ෆිල්ම්ස් සෙට් එකක් මේ පාර තියෙන්නේ. වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්න.

BODYGUARD - Saturday 10th Feb - 05.30 pm
TRACK 143 - Sunday 11th Feb - 03.30 pm
A CUBE OF SUGAR - Sunday 11th Feb - 05.30 pm
SWEET TASTE OF IMAGINATION - Monday 12th Feb - 06.30 pm
WHERE ARE MY SHOES? - Tuesday 13th Feb - 06.30 pm
THE PAINTING POOL - Wednesday 14th Feb - 06.30 pm

No comments:

Post a Comment