Monday, February 11, 2019

The Frozen Fire - ගින්නෙන් උපන් සීතල - 2019


මෑත කාලේ මම දැකපු සීරියස්ම බයග්‍රො‍ෆි දෙකක් තමයි, නාකොස් සහ එල්-චාපෝ. කලු චරිත විදියට ලේබල් වෙච්ච කතන්දර දෙකක් සහ චරිත දෙකක් වටා යන මේ ටීවී සීරීස් දෙක යනවා. ටිවී සීරිස් නිසා කැරුක්ටර්ස් සහ ස්ටෝරි එක, වෙලා අරන් බිල්ඩ් කරන්න පුලුවන් වෙලා තියනවා. පැබ්ලෝ සහ චාපෝ එක්ක අපිට අනන්‍ය වෙන්න ඒ හරහා හොදට ස්පේස් එක හම්බ වෙනවා. අපේ කතාවක් තරමට ලං කරන්න ඒ නිර්මානකරුවන් සමත් වෙනවා. අනික ඇත්ත කතාවක් කියද්දි කොහොමත් ඕඩියන්ස් එකට සමීප වෙන්න පුලුවන්. ඕඩියන්ස් එකට ඒ ඒ ඉන්සිඩන්ට් රිකෝල් කරගන්න පුලුවන්. ඒකයි ඒ කතාවල තියන ආතල් එක සහ අවධානම. අනික ඒ කතන්දර කීම ඩොක්‍යුමෙන්ටේශන් එකකින් එහාට අරං ගිහින් ෆීල් කරවන්න සමත් වෙනවා.

රෝහණ විජේවීර ගැන ලංකාවේ මෑත කාලේ වැඩ දෙකක්ම වුනා. සෞන්දර්ය කැම්පස් එකේ ඩ්‍රාමා යුනිට් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් විදියට කරපු "Mr. W" සහ අනුරුද්ධ ජයසිංහගේ "ගින්නෙන් උපන් සීතල". දෙකම විජේවීරගේ අවසන කාලේ ගැන. වාමාංශික දේශපාලනෙත් එක්ක මං එකඟ නැති වුනත්, කැරක්ටර් එකක් විදියට මං විජේවීරට ආසාවෙන් හිටියා. ප්‍රවාහයක් විදියට යන එකක් වෙනස් කිරීමට කරපු උත්සාහය ගැන. ඒක ප්‍රභාකරන් ගැන වුනත් තියන එකක්.

ලංකාවේ හැදිච්ච මහන්සි වෙච්ච ‍ෆිල්ම් එකක් විදියට ගින්නෙන් උපන් සීතලට මං මාර කැමතියි. ඒ තරම් ඩීටේල්ස් වලට ගිහින් ඒ වැඩේ වෙනුවෙන් ලංකාවේ මෙහෙම මහන්සි වෙච්ච වැඩක් මං මෑත කාලේ දැකලා නෑ. ඒ නිසාමයි මේතරම් මහන්සි වෙලා කරපු වැඩක් මේතරම් ආසාවෙන් ලියන්නේ. ලියන්න හිතෙන, ලියන්න පුලුවන් වැඩක් ඒක. ඒකයි මේතරම් ඩීටේල්ස් වලට ගිහින්ම ලියන්නේ.

ස්ක්‍රිප්ට් එකක තියන සීන් එකක් ඩිරෙක්ටර් කෙනෙක් ඩිරෙක්ට් කරන්න යද්දී ඔහු දැනගෙන ඉන්න ඕනි වචනයෙන් ලියපු සීන් එකක් කොහොමද සිනමාවෙන් ප්‍රකාශ කරන්නේ කියලා. ස්ක්‍රිප්ට් එක ලියද්දි තිබ්බ විශුවල්ස් ටික කොහොමද සිනමා ලැන්වේජ් එකෙන් බිල්ඩ් කරන්නේ කියලා. ස්ක්‍රිප්ට් රයිටර් කරන්නේ එක තැනක ඉදන් ඔලුවෙන් විශුවල්ස් මවාගෙන ලියන එක. හැබැයි ඩිරෙක්ටර් ඒක කැමරාව හරහා සිනෙමැටිකලි ලියනවා. ඔහු ඒකට වෙනම ඩිසිප්ලීන් එකක් තියාගෙන හැම ඩිපාර්ට්මන්ට් එකක්ම එකතු කරනවා. ඔහු මිසොන් සෙන් හරහා ඒක මැනික්‍යුලේට් කරනවා. කොක්චස්ලි හෝ අන්කොන්චස්ලි.

ගින්නෙන් උපන් සීතල තුළ ස්ක්‍රීන් ප්ලේ එක සහ ඩිරෙක්ශන්, අනෙක් ඩිපාර්ට්මන්ට්ස් තරම් තමන්ගේ වැඩේ හරියට කරලා නැති බවක් දැනෙනවා. ඒක නිසා ගයිඩ් එකක් නැති ස්ක්‍රීන් ප්ලේ එක සහ ඩිරෙක්ශන්ස් නිසා ‍ෆිල්ම් එක අතරමං වෙච්ච ගතියක් මට දැනෙනවා. ඒක ‍ෆිල්ම් එකකට වඩා ඩොක්‍යුමන්ට්‍රි එකකට ළං වෙලා තියනවා. දැන් ‍ෆික්ශන් සහ ඩොක්‍යුමන්ට්‍රි බෝඩර්ස් නැති වෙමින් යන කාලෙක ඇත්ත කතාවක් කියනකොට කොහොමත් ඒ සීමාවන් අතික්‍රමනය කරන එක අධ්‍යක්ශකවරයාගේ කාර්ය. අනික් ඩිපාර්ට්මන්ට්ස් වඩාත් උඩට යද්දී හෝ පහලට යද්දී ‍ෆිල්ම් එකේ බෝඩර් එක තුළට ඒ ඒ ඩිපාර්ට්මන්ට්ස් කන්ට්‍රෝල් කරලා ‍ෆිල්ටර් කරලා ගන්නේ අධ්‍යක්ෂකවරයා. ගින්නෙන් උපන් සීතල මිස් කරගන්නේ මේ එහෙ මෙහෙ යන ඩිපාර්ට්ස්මන්ට් එක තැනකට ගන්න බැරිවෙන එක.

විශේෂයෙන්ම කමල් අද්දරාච්චී. කමල් කරන්නේ විජේවීරගේ චරිතේ. ‍ෆිල්ම් එකේ බේස් එක. හැබැයි කමල්, කමල්ට ඕනි විජේවීරව තමයි ඇක්ට් කරන්නේ. කමල් චරිතයට ආවේශ වෙලා කරත් ඒක ස්ක්‍රීන් එකෙන් බලද්දි, ස්පෙක්ස්ටෙටර් කොහොමද ඒක ටච් කරන්නේ කියලා අධ්‍යක්ෂකවරයා දැනුවත්ව ඉන්න ඕනි. ඒ චරිතයේ මනෝභාවයන්, නලුවා උපරිම දෙන්න ගියත් ‍ෆිල්ම් එකේ සීමාවන්වලට ඒවා පැක් කරන්න ඕනි. නලුවා (නො)දන්න ක්ලෝස්-අප්ස් ගන්නේ කැමරා අධ්‍යක්ෂක සහ චිත්‍රපට අධ්‍යක්ෂක. ඒ මූඩ් සහ එක්ස්ප්‍රෙශන්ස් ඒ ෆ්‍රේම් එකට/ ස්ක්‍රීන් එකට බාධාවක් වෙන්න බැහැ. අනෙක් චරිත එක්ක පැරලල් ප්ලේ වෙන්නේ නැති වීමත්, ඒ චරිතය වෙනස් ජීවියෙක් විදියට ගෙන්න නලුවා උත්සාහ කිරීම තුලත් වෙලා තියෙන්නේ චරිතයේ තිබ්බ සත්‍යබව ගොඩක් මිස් වෙලා. මට ගොඩක් වෙලාවට ‍ෆිල්ම් එකේදි විජේවීරව දැනෙන්න ගත්තේ ඇබ්ස්ට්‍රැක් චරිතයක් විදියට. ඒක ‍ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙන්න පොඩ්ඩක් අමාරු කරනවා.

සුලෝචනා (චිත්‍රාංගනී විජේවීර) සහ ජගත් (උපතිස්ස ගමනායක) ඒ චරිත සහ ‍ෆිල්ම් එකට ගැලපෙන්න (ස්ක්‍රීන් එකට ඇක්ට් කරන්න) වැඩේ ගොඩ දානවා. ප්‍රධාන චරිතේ තිබ්බ ඩිවලොප් වෙච්ච නැති ගතිය වඩාත් දැනෙන්නේ සබ් කැ‍රැක්ටර්ස්වල තිබ්බ ඒ අන්ඩර්ස්ටෑනබල් ඇක්ට් එක නිසා. පෙලපාලි සහ මීටීංස් වලදි පොඩි තැන් දෙක තුනක හැර අනෙක් හැම සබ් කැ‍රැක්ටර් එකක්ම ‍ෆිල්ම් එකට ඇක්ට් කරනාවා. චරිතයට ගලා යන්න දෙනවා.

මේ විජේවීරගේ අසාර්ථක චරිත ගොඩනැංවීම නිසා විජේවීර කැරිස්මාව මිස් වෙනවා. තිබ්බ හීරෝ/‍රැඩිකල් කැ‍රැක්ටර් එක නැති වෙනවා. මේ විජේවීර කොහොමද මෙහෙම විප්ලවයක් පටන් ගත්තේ කියන ප්‍රශ්නෙ එනවා. ඇත්ත විජේවීර එහෙමනම් ඒ විප්ලවය සිදු නොවීම සම්පූර්න සාධාරනයි. ඔහුට කැ‍රැල්ලක් සාර්තකව බිල්ඩ් කරන්න පුලුවන් පොටෙන්ශල් එකක් දැනෙන්නෙම නෑ. විජේවීරව අරං යන්නේ චිත්‍රාංගනී සහ ගමනායක මේ ‍ෆිල්ම් එකට අනුව. ඒ කාලේ හිටියේ 'මෛත්‍රීපාල සිරිසේනියානු' විජේවීර කෙනෙක්ද? නැත්නම් 'රෝහන විජේවීරියානු' සිරිසේන කෙනෙක්ද දැන් ඉන්නේ? කියල පොඩි පල්ස් එකක අතරමං වුනා එක පාරටම.

ඒක එහෙම වෙන එකෙන් විජේවීර උත්කර්ශයට නැංවීම වෙනුවට ප්‍රති-විජේවීර කෙනෙක් බිහි වෙනවා. වම ගැන දැනෙන අර පුස් ගඳ මේ විජේවීර අස්සේ එනවා. දියුණු මතවාදයක් වෙනුවට පරන තියරිටිකල්, පැක්ටිකල් නැති වම පේනවා. අපි මේ මොහොත වෙද්දී අපිට දේශපාලනිකව කියවීමකට ‍ෆිල්ම් එක අස්සෙන් ගියොත් යන්න වෙන්නේ වමට සමුදීමට කාලය හරි කියන දේ. නිදහස වෙනුවට මේ වමේ තියන අවුල ගැන තැන් දෙක තුනකම ක්ලික් වෙනවා. ඒක මරු. කතරගම කැලේ යන සීන් එකේදි සිගරට් එකක් පොලිස්කාරයට දෙන එක සහ විජේවීර හැංගිලා ඉන්න ගෙදර අරක්කු බෝතල් පේන්න තියන එක; සිගරට් අරක්කු නොබන මොවුන් තම ජීවිත ආරක්ශාව වෙනුවෙන් යූස් කරන්නේම ඔවුන් විරුද්ද වෙන සිගරට් සහ අරක්කු. අනුරුද්ධ බිල්ඩ් කරන මේ වැඩේ අස්සේ මට දැනෙන්නේ වමේ මේ අවුල. අනික ගමනායක බඳින්නේ කැ‍රැල්ල නිසා අසරන වුනු තරුනියක්. ඒත් විජේවීර කුලවත් තරුනියක් විවාහ කර ගන්නවා. සහෝදරත්වය ගැන කතා කරන ඔහු ගොඩක් තැන්වලදි නායකත්ව හරහා ඒ තහනම් පක්ශය තුළම ඔහුට ඉහළ ස්ටේටස් එකක් හොයනවා. සහෝදරත්වය වෙනුවට ඔහු අධිපතිබවකට කැටි වෙනවා.

විජේවීරගේ ෆේලියර් එක හොදටම දැනෙන තැනක් තමයි අවසන් දවසේ රෑ කාර් එකේදි කියන ඩයලොග් එක. ගමනායක අහන්නේ 'මොන පාරෙන්ද යන්නෙ' කියලා. ඒත් විජේවීර කියන්නේ 'කොහෙන් ගියත් වැටෙන්නෙ එකම පාරට' කියලා. ගොඩක් අය මේ ඩයලොග් එක උත්කර්ශයට නංවලා තිබ්බත් මට අනුව විජේවීරගේ ෆේලියර් එක දැනෙන ප්‍රභලම ඩයලොග් එක ඒක. නායකයෙක් විදියට ඔහුට තීරනය කරන්න වෙනවා තමන් යන පාර මොකක්ද කියලා. ඒක හරි හෝ වැරදි හෝ එකම තැනකට ගියත් යන රූට් එක ඔහු තීරනය කළයුතුයි. ඒ වෙලාව තුළ ඒ තීරනය ගන්නේ ගමනායක. විජේවීරව බිල්ඩ් කරන්න ගිහින් විජේවීර තුලම විජේවීර අහිමි වීමක් තමයි ස්ක්‍රිප්ට් එකෙන්, ඩිරෙක්ශන් සහ ඇක්ටින් වලින් වෙලා තියෙන්නේ. අන්තිමට ගමනායක අහුවෙන්නෙත් විජේවීර අහුවුනාට පස්සේ.

විප්ලවයක්/ මතවාදයක් වෙනුවෙන් කිසියම් හෝ පිරිසක් ඝාතනය කිරීම කිසිසේත්ම එකඟ වෙන්න බැරි දෙයක්. විමුක්තිය උදෙසා එන කන්ඩායම් විමුක්තිය වෙනුවෙන් මිනිස්සු මැරීම ඒ විමුක්ති දර්ශනය පිළිබඳ ගැටලු මතු කරනවා. ‍ෆිල්ම් එක තුල විජේවීරලාගේ තීරන වෙනුවෙන් සාධාරනීකරනය කිරීමට පසුබිම් දත්ත සපයනවා. මෙහෙම වුන නිසා මෙහෙම කරමු; වගේ දේ වලින් අවසානයේ වෙන්නේ ඝාතනයක්. මිනීමැරුමක්.  එය ඒ සංවිධානය තුළ තිබූ ප්‍රභල දුර්වලකමක්. ආණ්ඩුවවත් විප්ලවීය පෙරමුනත් ඝාතනයන් තුලින් ලැබෙන හා ලැබූ විමුක්තියක් ගැන තාම සිහින දකිනවා ඇති.

ආයේ ‍ෆිල්ම් එකට ආවොත්, මාව අල්ල ගත්තේ සිනෙමැටොග්‍රැ‍ෆි. ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ටම කැමරාකරනය මට හම්බ වෙන්නේ 'ගින්නෙන් උපන් සීතල' තුළ. කතාව හරියට තේරුම් අරං කතාව කොහොමද කැමරාවෙන් කියන්නේ කියන එකට හොද කේස්-ස්ටඩි එකක් මේක. අධ්‍යක්ෂකවරයා මිස් කර ගන්න ‍ෆිල්ම් එකේ අයිඩියෝලොජි එක යම් තරමක් හෝ ගොඩ යන්නේ මේ කැමරාකරණය සහ කලර් කම්බිනේශන් එකෙන්. විජේවීරලාගේ ඩිස්කශන්ස් සහ සමහර සිදුවීම් වෙන්නේ ඇතුලෙ නම්, 'එළිය' අඩු ලයිටින්ං යූස් කරලා කැමරාව එලියෙන් තියල තමා ශූට් කරලා තියෙන්නෙ. ඔවුන් සමාජයෙන් හුදෙකලාව සිර වූ පිරිසක් විදියට ඒ කැමරා ඇන්ගල්ස් අපිට හම්බවෙනවා. මුළු අඳුරු සමාජයකම එලිය දෙන්න ඔවුන් අසාර්තක උත්සාහයක නිරත වෙන බවත් ඒ කැමරාකරනය තුලින් දැනෙනවා. ගොඩක් සීන්ස් පේන්නේ වීදුරු ජනෙල් හරහා. ඔවුන් එලියත් එක්ක ඇති අසම්බන්ධයත් ඒ අස්සේ දැනෙනවා.






හැබැයි සමහර කැමරා මූමන්ට්ස් ෆිල්ම් එකත් එක්ක ළං වෙන්න දෙන්නනේ නැතිව දුරස් කරන්න උත්සාහ කරනවා. අනවශ්‍ය කැමරා මූමන්ට්ස් නිසා සමහර වෙලාවට අපිව අතරමං වෙනවා. 

ෆිල්ම් එකකට මියුසික් කියන්නේ ඒ ෆිල්ම් එක තවත් තීව්‍ර කරන්න හෝ ෆිල්ම් එක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න තියන අවිහිංසකම ඩිපාර්ට්මන්ට් එක. විශුවල්ස් සහ මියුසික් එකට එකතු කරලා අදහස තීව්‍ර කිරීම කෙසේ වෙතත් ඊළඟට වෙන්න තියනදේ හිතාගන්න පුළුවන් මේ නදීකගේ මියුසික් එකෙන්. ඒක නිර්මාණාත්මක වීමකට වඩා නිර්මාණය දුරස් කරන්න හේතුවක්. අනික මියුසික් කොලිටි එක. විමුක්ති ගී වගේ තැන්වල මියුසික් ඒ කාලේ සවුන්ඩ් කොලිටි එකට ගන්න ට්‍රයි කරන ගතියක් දැනෙනවා. ඒක තාක්ෂණික ප්‍රයෝගයක් වගේ වුණාට කනට කිසිම සුමට බවක් දැනෙන්නේ නෑ. තර්කයක් විදියට ඒ කාලේ ඒ සවුන්ඩ් කොලිටි එක ගේන්නේ ඒ කාලේ පිළිබඳ දැනිමකට වුණත් ඒ දැනීම දැනෙන්නේ නෑ. 

ගින්නෙන් උපන් සීතල ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ලංකාවේ ආපූ සියලුම ඉතිහාස කතා ෆිල්ම්ස්වලට වඩා ඉහළින් තියනවා. ෆිල්ම් එක මේතරම් මිනිස්සු අතරට යන්න ඒක ලොකු හේතුවක්.

මේ එහෙ මෙහෙ යන ඩිපාර්ට්මන්ට්ස් එක තැනකට ගන්න බැරී වීම ගින්නෙන් උපන් සීතල අසාර්ථක සිනමා නිර්මානයක් වීමට ප්‍රභල හේතුවක්. අනික දක්ෂ  නිර්මාණකරුවෙකුගේ උත්සාහය විය යුත්තේ තම කෘතිය, සංවේගී සිදුවීම් නිසා ගොඩ දාගන්න එක නෙවෙයි. කෘතිය තුළින් සිදුවීම නිර්මාණශීලීව ගොඩ දාගන්න එක. කෘතියට වඩා සිදුවීම ඉස්මතු වුණොත් වෙන්නේ කෘතිය මඟ හැරෙන එක. ගින්නෙන් උපන් සිතලට වෙලා තියෙන්නෙත් ඒක. සංවේගි වෙලා කෘතිය මඟ හැරුණු එක. 

-තරිඳු ජයරත්න





1 comment: