Sunday, December 9, 2018

Cold War 2018


සම්බන්ධතාවයක් කියන්නෙ හරි පුදුම දෙයක්. මේ ලෝකේ පවතින්නේ ඒ සබඳකම් නිසා. පරමාණු දෙකක් අතර ඉදන් සූර්‍යා සහ පෘතුවිය දක්වාත් එතැනින් එහාටත් හැමතැනම තියෙන්නෙ කනෙක්ටිවිටි. මිනිසුන් දෙදෙනෙක් අතර (විශම ලිංගික, සමලිංගික හෝ ඕනෑම ආකරයක) තියන මේ බැඳීමට ඇති ලොල් බවමයි පැවැත්ම. කෙනෙක් සමඟ බැදෙන්න අකමැතිව තනියම ඉන්න එකත් තනිකමට ඇති බැඳිම. 

Cold War - 2018 ගැන කොහොමද ලියන්නෙ කියල මේ කල්පනා කරන්නේ. අපේ මනස හරිම පුදුම දෙයක්. හරියට වැඩ ගන්නෙ නැති වුනාමත් මනස කම්මැලි වෙනවා. ෆිල්ම් එකක් ගැන කාලෙකින් ලිව්වේ නැතුව ඉදලම දැන් නියෝරෝන ඒ වෙනුවෙන් වැඩකරනවත් හොරයි. නිකොටීන් කියන්නේ එහෙම පාණ්ඩු නියුරෝන ස්පීඩ් කරන දෙයක්. ඉතිං නිකොටීන් ටිකක් පෙනහලුවලට ඉන්හේල් කරන ගමන් ආයෙත් කල්පනා කරන්නේ මේ Cold War ගැන. 

කෝල්ඩ් වෝ පෝලන්ත ෆිල්ම් මේකර් කෙනෙක් වන Paweł Pawlikowski ගෙ ෆිල්ම් එකක්. ඇකඩමි අවෝඩ්ස් හම්බ උනු Ida - 2013 ත් එයාගෙ. ඉඩා සහ කෝල්ඩ් වෝ දෙකම 4:3 රේශියෝ, බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් දෙකක්. ෆ්‍රේමින් පවෙල්ගෙ සිනමාවේ ගොඩක්ම හොද තැනක තියන දෙයක්. ඉඩා එකේ හැම ෆ්‍රේම් එකක්ම පේන්ටින් එකක් වගේ. ඒ තරම්ම රීඩබල්. 

හැබැයි අද මාතෘකාව 'කෝල්ඩ් වෝ'. 

දැන් වෙද්දි ෆිල්ම් එකක ඊස්තටික් පැත්තට වඩා මං හොයන්නේ ඒක කොච්චර මට දැනෙනවද කියන එක. මාර සිනමැටික් වීමට වඩා නිර්මාණයක් අපේ ඇතුළට කිඳා බහින එක තමයි දැන් වෙද්දි දැනෙන්නේ. කෝල්ඩ් වෝ කියන්නෙ එහෙම එකක්. ලොකු රික්තක් හදන පීස් එක්ක. 

අපි එක්ක හිටපු, අපිත් එක්කම සමහර අමාරු ලෙවල් පහු කරපු කෙනෙක් දැන් වෙද්දී ඉන්නේ වෙන කොහේවත්. ඒ තමන්ට අල්ල ගන්න බැරි තැනකට ඒ අය යන්නේ අපේ ඒ තිබ්බ අව්ලකට වෙන්න ඇති. අපෙන් ෆිල් වෙන්නෙ නැති දෙයකට වෙන්න ඇති. ඒත් දවසක ආයෙත් ආවොත්...! 

ඔහුට ඇය හමුවෙන්නෙ ඔහුගෙ වැඩකදි. ඔහුගෙ ඩ්‍රාමා (ඔපෙරා) එකක කාස්ට් එක හොයන තැනක. ඔහු ඇයට ගොඩක් ලං වෙනවා. ඇයත් එහෙමයි. ඔහු සූදානම් ඔහුගෙ වෘත්තීය ජීවිතය කැපකරලා ඇය එක්ක කොහේ හෝ තැනක හුදෙකලා වෙන්න. දෙන්න ඒකට සූදානම් වෙනවා. ඔහු ඒ කැපකිරීම කරල ඇය එනකම් සීතලේ රෑ වෙනකම් බලන් ඉන්නවා. ඇය නෑ. ඇයට ඇයගෙ ටාගට්ස් තියනවා. ඇය ඒ වෙනුවෙන් නවතිනවා. 

කාලයක් ගත වෙනවා. ඔහු දක්ශ මියුශීශියන් කෙනෙක්. හැබැයි දැන් ඔහු ක්ලබ් එකක පියානෝ ප්ලේ කරනවා. ආයෙත් අර ජීවිතය එනව ඔහු ළඟට. ඒත් එන්නේ ශෝ එකකට ආපු ගමන්. ඉක්මනින්ම වෙන් වෙන්න. ඔවුන් මොහොතකට හමුවෙලා ආයෙ වෙන් වෙනවා. 

ජීවිතය කියන්නෙ මේ හමුවීම් වෙන්වීම් වලට අර්ත හොය හොය එහෙමෙහෙ යන එක කියල හිතුනත්, අර්ත හොයන්න යන එකම තමයි ජීවිතයෙ වෙන ලොකුම ෆේලියර් එක. අර්තයක් කියන්නෙ හරිම කම්පැක් දෙයක්. අනික ඒක සාපේක්ශයි. ඉතිං නිදහස් බැඳීම් සමඟ හුදෙකලා වෙන්න. බැඳෙන්න. තේරුම් හොයන්නෙ නැතුව. 

සැකයත් ආදරය කියන පැකේජ් එකේ එන දෙයක් ගොඩක් වෙලාවට. හැම සම්බන්ධතාවයකම වගේ මේ සැකය අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි සබඳකමක් සබඳකමක් විදියට තියෙන්න ඇරියොත්, බැඳීම අනුරාගයක් වුනොත් සැකයට ඉඩ නැතිවෙලා යනවා. සමහරවිට සැකය රොමෑන්ටික් වෙනවා. 

දවසින් දවස හම්බ වෙලා ආයෙ වෙන් වෙලා වේදනා විඳලා, ආයේ හම්බවෙලා ආයේ වෙන් වෙලා වේදනාවෙන් ඉන්නවට වඩා හොදම දේ මොකක්ද..? දෙන්නගෙ ආදරයෙ නාමයෙන් මැරෙන එකද...?

කෙනෙක් සූසයිඩ් කරගන්න එක ඇත්තටම ෆේල් වීමක් නෙවෙයි. තමා වෙනුවෙන් ගන්න තීරනයක්. ජීවත්වෙන්න ලුහුබඳින අතරේ මරණය ලුහුබඳින්නත් කෙනෙකුට පුලුවන්. අෆයර් එකක් මරණයෙන් කෙළවර කරගන්න පුලුවන් නම්; සඳාකාලික බැඳීමක් විදියට දෙන්නෙක්ට තුරුල් වෙලා මැරෙන්න පුලුවන්නම්, ඒක ඇත්තටම හොඳ දෙයක්. ආදරණීය මරණයක්. ප්‍රේමනීය එක්වීමක්.

කෝල්ඩ් වෝ දේශපාලනික කෘතියකට වඩා මට, ප්‍රේමණීය කෘතියක්. ආදරය, මරණය රොමැන්ටටිස් කරන ‍ෆිල්ම් එකක්. මේ ඒ මරණීයාදරයට කෙටි සටහනක්.

-තරිඳු ජයරත්න, 
 ස්වර්ගයෙ සිට.

Sunday, May 27, 2018

හෙට දවසේ සිනමාවේ අද දවස


දෙරණ සිනමා ඔෆ් ටුමෝරෝ මේ පාර ෆෙස්ටිවල් එක ඉවරයි. එන්න තියන අලුත් ෆිල්ම්ස් හයක් එන්න කලින් බලන්න හම්බවෙන චාන්ස් එකක් ඒක. අවෝර්ඩ් සෙරමනි එකත් දැන් වෙද්දී ඉවරයි. දෙරණෙ ආතල් එක තිබ්බෙම සිනමා ඔෆ් ටුමෝරෝ කැටගරි එකේ. ගිය පාරත් එහෙමයි. මේ පාරත් එහෙමයි. දන්න කියන සෙට් එකේ වැඩ නිසාම තියන ඉන්ට්‍රෙස්ටින් එකට වඩා ඒකේ තියෙන්නේ ලංකාවේ අනාගත සිනමාව මොන පැත්තට යනවද කියන එකේ ආතල් එක•

සිනමා ඔෆ් ටුමෝරෝ කැටගරි එකේ ෆිල්ම්ස් ආයේ හෝල් එකකින් බලන්න අඩුම අවුරුදු 2-3ක් ම යනවා. ඒ නිසාම තරංගනී එකේ තිබ්බ තදබදෙත් එක්ක වුනත් කට්ටිය ෆිල්ම්ස් බලන්න ආවා. වැස්සෙත්•

මේක ලියන්න හිටියෙ ගිය සතියෙ. ඒත් කල් ගියා. ඊයේ අවෝර්ඩ්ස් සෙරමනි එක අව්ල්. ඉතිං ආයේ ලියවුනා•

ඇවිලෙන සුලුයි - ඉක්කා - පාංශු බලන්නම හිටියත් ඇවිලෙන සුලුයි මිස් උනා. ඉක්කා සහ පාංශු බැලුවා. අලුත් ජෙනරේශන් එක දැන් අලුත් අලුත් දේවල් ජෙනරේට් කරන්න පටන් අරගෙන. ටිකක් සීරියස් පොරවල් වලට දරා ගන්න අමාරු තරම් ඒක සීරියස් වෙන තරමටම ඇවිත්. ඉක්කා කියන්නෙ එහෙම හොද ඉක්කාවක්. ගාල්ලෙ ගිහිල්ලා දාල එන්න බැරි ඉක්කාවක්. ගොඩක් වෙලාවට පළවෙනි ෆිල්ම් එක ෆිල්ම්මේකර් කෙනෙක්ගේ ටර්නිං පොයින්ට් එක. හැමෝම පරිස්සම් වෙනවා ඒක මාර කරගන්න. කෞශල්‍ය මේ ගන්න රිස්ක් එක මරු. ලෝ බජට් එකකට ලියන, තමන්ගෙ හයි බජට් සිහිනයක්•

පාංශූ කියන්නේ මෑතකදි බිහිවුණු හොදටම ක්‍රාෆ්ට් කරපු ෆිල්ම් එකක්. හරිම කාම් ඩිරෙක්ශන්, සිනෙමැටොග්‍රැෆි, එඩිටින් සහ ඇක්ටින් සහ අනෙක් දේවල් හොදට මික්ස් වෙච්ච හොද වැඩක්•

සමස්තයක් ලෙස දෙරණ අවෝර්ඩ්ස් සෙරමනි එකත් දැන් සෑහෙන අව්ල් වෙලා. ගියපාර අවෝර්ඩ් සෙරමනි එකෙන් පස්සේ තිබ්බ කික් එක මේ පාර නෑ. ජූරි එකේ හෝ දෙරණ කරපු වියාකූල ඩිශිශන්ස් ගොඩක් මේ පාර තිබ්බා•

දිල්හානිටයි ජැක්සන්ටයි හොදම නලුව සහ නිලිය වගේ එකක් යන තැනම ඉදන් ගොඩක් අවුල් සිලෙක්ශන් තිබ්බේ. සෙරමනි එකට කලින් ඉදලම මේ පාර ඒක පේන්න තිබ්බා. විමුක්ති කලින්ම ෆිල්ම් එක අයින් කරගෙන ඒකට ප්‍රතිවිරෝධය දක්වලා තිබ්බා•

චින්තට මෝස්ට් ප්‍රොෆෝමින් ඩිරෙක්ටර් යද්දී ඉක්කා ටුමෝරො, බෙස්ට් ෆිල්ම් ගත්‍තා. ඒක මරු. අනාගතවාදී තීරණයක්. ඉක්කා කියන්නේ පිලිවෙලකට ඉවර කරපු ෆිල්ම් එකකට වඩා අලුත් එක්ස්පරිමන්ට් එකක්. බය නැතුව රිස්ක් එකක් ගනින් කියල තමා ඉක්කා කියන්නේ. කෞශල්‍ය ඒක කරලම පෙන්නනව•

ඒත් පාංශු වගේ අතිශය සිනමාත්මක කෘතියක් මිස්වෙන තැන ලොකු ගැටලුවක් තියනවා. ඇවිලෙන සුලුයි, ඉක්කා සහ පාංශු අතර යන කරට කර තරඟය අස්සේ ජූරි එකට වඩාත්ම හොද තීරනය ගන්න වෙනවා. ඒ ගත්ත තීරනය හෙට දවස වෙනුවෙන් ගතපු එකක් නිසා ඒකට හැට්ස් ඕෆ්•

ජූරි එකේ ඉන්න ජූඩ් රත්නම්, M.D. මහින්දපාල වගේ සිනමා ප්‍රාමාණිකයන්ට පාංශු, නිම්නයක හුදකලාව, සමනලී, සේමිනී, මහේන්ද්‍ර මිස් වෙන්නේ ඇයි කියන එක තමා අවුල•

පාංශු, ඉක්කා ගැන නිදහසේ ලියන්න ඕනී. වෙන වෙලාවක. DFA එක බැච් තුනකින් පස්සේ වැහිල ගිහින්. DFA එකෙන් එළියට ආපු සෙට් එක දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ පෙන්නනවා. ඒ වැහිල ගියපු, නටබුන් වෙන්න යන DFA හිටපු සෙට් එකේ බාගයක් තමයි ඊයේ ඉක්කා එකේ හිටියේ. පාංශු එකේ හිටියෙ. මඟහැර යා නොහැකි ඇකඩමියානූ සහ ඇකඩමියානූ නොවන දැනුමක් DFA•

චින්තා, ඇවිලෙන සුලුයි බලන්නම ඕනි කතා කරන්න•

මහා සිනමාව, මහා චරිත වෙනුවෙන් තාමත් ෆීස් වෙලා ඉන්න රටක, ජූරි එකක, චැනල් එකක මෙහෙම හරි හෙට දවසේ සිනමාව වෙනුවෙන් කරපු දේ පොඩි එකක් තියනවා. හැමදාම වගෙ හෙට එච්චර කළුවර වෙන එකක් නෑ•

 -තරිඳු ජයරත්න

Friday, April 13, 2018

කූඹියෝ / සහෝදරයා

කූඹියෝ සහ සහෝදරයා දෙකම ඉවරයි. ඒ දෙකේ තිබ්බ උණුසුමත් ගිහින් ඉවරයි. දැන් වෙන වෙන කතන්දර අස්සේ සයිබරය ගමන් කරනවා. හැමදාම වගේ කාලෙත් එක්ක, කාලය අස්සේ ඒවා හැංගිලා යනවා. මිනිසුන්ට කතා කරන්න අලුත් දේවල් එනවා. ඒ ඩ්‍රාම දෙකේ තිබ්බ ආතල් එක අමතක වෙලා තියන මේ වගේ සංක්‍රාන්ති සමයක මේ ගැන ලියන්න හිතුනා. මම කූඹියෝ හෝ සහෝදරයා ගැන කොහේවත් කලින් ලියල නෑ. පලවෙනි හේතුව වුනේ ලංකාවේ මුලින් පීක් එකේ පටන් ගන්න ඒවා පස්සේ අල වෙනවා. අනික කූඹියෝ සහ සහෝදරයා දෙකම ගැන ඉවර වෙනකන් ලියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. අරාබි නිසොල්ලාසෙ වගේ හැමදාම කල් ගියා. කල්දාන්න වුනා.

මං සාමන්‍යයෙන් ටීවී සීරිස් බලන කෙනෙක් නෙවෙ. ඩියුරේශන් ප්‍රශ්නෙ ඉදන් ගොඩක් තැන් වලදි මට ටීවි සීරිස් සෙට් වෙන්නෙ නෑ. කූඹියෝ තමයි එහම කෑල්ලකින් ගලවල ටීවී සීරිස් එකක් බලන්න යොමු කරේ. කූඹියා කියන පොඩි සතා ඇතුලේ තිබ්බා මොකක්දෝ වශීකෘත භාවයක්. ඒක නිසා මාව කූඹියෝ කෑවා.

හොඳටම ස්ටඩි කරාම අහුවෙන හොලිවුඩ් ෆිල්ම් වල සහ ටීවී සීරිස් වල තියන ප්ලොට්ස් කූඹියෝ හරහා ලංකාවේ කන්ටෙක්ස්ට් එකට බස්සන්න ලක්මාල් සහ දමිතට පුලුවන් වෙලා තිබ්බා. විශේෂයෙන් ලක්මාල්ට. මං කියන්නේ නෑ ඒක කොපියක් කියල. ඒ ෆිල්ම්ස් වල තියන ස්ටෝරි ටෙලින් සහ ස්ටෝරි ෆීල් එක කූඹියෝ ඇතුලෙ තිබ්බා. කූඹියෝ කියන්නේ ලංකාවෙ ඇතුලෙ මාකර්ට් කරන්න පුලුවන් වෙච්ච හොදම භාණ්ඩයක්. වචුවල් ජෙනරේශන් එකකට යන කාලේ කූඹියෝ එන්නෙත් ඒ එක්ක. සයිබර් අවකාශයෙන්. සොශල් මීඩියා වලින්. කැම්පේන් එකක් විදියට ගත්තොත් ඒක මාර සක්සස්, ආර්ට් එකකට වඩා. ආර්ට් පීස් එකක් අස්සේ අතර මං වෙලා හුදෙකලාවෙ සැරිසරනව වෙනුවට කූඹියොත් එක්ක මිනිස්සු වර්චුවල් ලෝකෙක සැරි සැරුව. සාමාන්‍ය මිනිසුන්ට අහුවෙන්නෙ නැති දැනගන්න නොලැබෙන සමහර පොලිටිකල් ඉන්සිඩන්ටස්, නිව්ස් වගේ දැනෙන්න ගත්තා. ඒක අපි හැමෝම තලු මරණ්න ගත්තා. ඒ දේශපාලනය තුළ සැඟවෙන කතාව තලුමර මර රහ විඳින්න පුරුදු වුනා. අපෙන් ඈත තියන දේශපාලනික ලෝකෙට අපි ඇතුල් වුණා වගේ තේරුනා. අන්තිමට කූඹි කාලම ගොඩක් අයට කූඹී සින්ඩ්‍රෝම් එක හැදෙන්න රෝග ලක්ෂන පහල වෙද්දී ඒකට බෙහෙතක් හොයා ගන්න ට්‍රයි කරා. ඒ ට්‍රයි එකේ රිසාල්ට් එක තමයි 'කූඹි ගුල'. ඒක බෙහෙතකට වඩා පේන් කිලර් එකක් වුනා. සමහර වෙලාවට කූඹියෝ වලට වඩා කූඹි ගුලේ අමුතු අමුතු දේවල් වුණා. අමුතු අමුතු කූඹියෝ හිටියා. ඒත් කූඹි සින්ඩ්‍රෝම් එකට බෙහෙතක් තිබ්බෙ නෑ. තිබ්බ එකම තාවකාලික බෙහෙත වීකෙන්ඩ් එකේ කූඹියො බලන එක විතරයි.

කූඹියෝ කියන්නේ මාර ටෙලි ඩ්‍රාමා එකක් නෙවේ. හැබැයි මගහැර යා නොහැකි එකක්. ලංකාවේ ටීවී එකෙන් ඈත් වෙලා හිටපු සෙට් එකක් ටීවී එක ගාවට (යූ ටියුබ්) ගෙන්නව ගන්න කූඹියෝ සමත් වුනා. ඒකාලේ ටෙලිඩ්‍රාම වල තිබ්බ හොල්මන් වෙන ෆීල් එක කූඹියෝ තුළ අඩු වැඩි වශයෙන් තිබ්බා. ඒක නිසා මට කූඹියෝ මරු වැඩක්. මිස් කර ගන්න බැරි වැඩක්.

ලඟදි දවසක කොල්ලුපිටියෙ ටැවන් එකේ එහා පැත්තේ ටේබල් එකක කොල්ලෙක්, බියර් එකක් බොන ගමන් ස්මාර්ට් ෆෝන් එකෙන් ඔන්ලයින් ඩ්‍රාම එකක් බලනවා. ඒ දෙවෙනි ඉනිම. කූඹියෝ බල බල බොනව වෙනුවට බලල බොන්න කූඹියෝ තුලම යෝජනා වුණා. ඒ සින්ඩ්‍රෝම් එක ඒ තරම්ම ප්‍රභල වුනා. ඒත් මේන්ස්ට්‍රීම් එක ඇතුලේ තාමත් තියෙන්නෙ දෙවෙනි ඉනිම. සමහරු බියර් එකක් තොල ගගා දෙවෙනි ඉනිම බලනව. කූඹියොන්ට කන්න බැරිවුණු ඒ ඉනිමවල් තාම එහෙම තියනවා. කූඹියෝ කියන්නේ ලංකාවේ බහුතරය බලන එකක් නෙවේ. සෝශල් මීඩියා, ඉන්ටර්නෙට් යූස් කරන පිරිසගෙන් සුලුතරයට තමා මේ කූඹි සින්ඩ්‍රෝම් එක හැදුනේ. ඒ සුලුතරය වේව් එකක් වගේ ලංකාවේ පොඩි සෙලවීමක් කරන්න පුලුවන් පිරිසක්. ලංකාවේ පොඩි බරක් ඇදන් යන්න පුලුවන් පොටෙන්ශල් එකක් ඒ අයට තිබ්බා සහ තියනවා. ගොඩක් අය කූඹියො බැලුවෙ යූටියුබ් එකෙන්. එහෙම වෙලත් ITN යූ ටියුබ් චැන්ල් එකෙයි 'කූඹියෝ' යූ ටියුබ් චැනල් එකෙයි දෙකේම අවසාන එපිසෝඩ් එක (අවසාන එපිසෝඩ් එක තමා ගොඩක් අය බලලා තිබ්බේ) බලපු පිරිස ඉන්නේ 450K වගේ. ඒත් දෙවෙනි ඉනිම 'දෙරන' යූ ටියුබ් චැනල් එකේ විතරක් 995K විතර බලපු සමහර එපිසෝඩ් තියනවා. එහෙම තියෙන ඩ්‍රාම එකක් පාස් කරලා තමයි කූඹියෝ වලට ෆේමස් ඩ්‍රාම එක සහ ෆේමස් ඇක්ටර් හම්බ වෙන්නේ. ඒක්කෝ එක ගේම් එකක්. නැත්නම් ලංකාවේ වර්චුවල් ජෙනරේශන් එකේ තියන පවර් එක.


නාමල් සහෝදරයගෙ, 'සහෝදරයා' එක තැනක කියනවා 'අනාගත ලංකාවේ දේශපාලනය තීරනය කරන්නේ මේ ප්‍රධාන දේශපාලන පක්ශ දෙක නෙවෙයි. ප්‍රයිවට් මීඩියා ආයතනයි, සයිබර් අවකාශයයි, සිවිල් පුරවැසි සංවිධානයි' කියල. ඒ ස්ටේටස් එකෙන් මන් කූඹියෝ වලින් සහෝදරයට පොඩි මික්ස් කට් එකක් දෙනවා. මොකද මේ දෙකම (කූඹියෝ සහ සහෝදරයා) වැඩිපුරම එළියට ආවේ සයිබර් අවකාශයෙන්. කූඹියෝ ෆේමස් ඩ්‍රාමා එක දක්වා ඩ්‍රයිව් කරේ මේ සයිබරය. මේ දේශපාලනික පොටෙන්ශල් එක සහෝදරයා කියනවා. හෙට දවසේ ලංකාවේ ඩ්‍රයිව් එක තියෙන්නේ මේ පොඩි, හැබැයි ගැනිය නොහැකි තරම් පරිමාවක් තියන වර්චුවල් ලෝකෙ බව.

සහෝදරයා කියන්නේ හරි අපූරු වියමනක්. කවියක් වගේ. හුදෙකලා වෙන්න හිතෙන හැඟීමක්. සහෝදරයා ඇතුලේ තියන මෙටෆර්ස්, ගැඹුරු කියවීම්, දෙශපාලනික ඉන්වෝල්මන්ට් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මේක මාර ලව් ස්ටෝරි එකක්. පැණි බේරෙන ලව් ස්ටොරි එකක්. හැබැයි ඒ පැණි ගතිය දැනෙන්න දෙන්නේ නෑ. නාමල් සහෝදරයා, ලව් ස්ටෝරි එක මාර රොමෑන්ටටයිස් කරනවා වෙන වෙන දෙවල් වලට. නාමල්ගේ කතන්දර කීමේ අපූරු ඩිසිප්ලීන් එක සහෝදරයගේ හැම තැනම තියනවා. ඔහු හොද රයිටර් කෙනෙක් වගේම හික්මීමක් තියන ඩිරෙක්ටර් කෙනෙක් කියලා සහෝදරයා ඔප්පු කරනවා. 

ලංකාවේ ටෙලි ඩ්‍රාමා කෙසේ වෙතත් සිනමාව පවා දැන්, තිබ්බා ගැහුව වගේ තියෙන්නේ. අපි නිකම් සමහර ‍ෆිල්ම් බලල කියන්නේ, 'ඒක ටෙලියක් වගේ' කියලා. ඒ කියන්නේ සිනාමව සහ ටෙලියට තියන අනන්‍ය ලක්ෂන තියනවා. ‍ෆිල්ම් එකක් බලලා ඒක ටෙලියක් කිව්වට ටෙලියක් බලලා මේක ‍ෆිල්ම් එකක් කියන්නේ නැති තරම්. හැබැයි සහෝදරයා හරිම අපූරු සිනමා ලක්ෂන කැටිකර ගත් ටෙලිසිනමා කාව්‍යයක්. නාමල්ගෙ දේශපාලනික මතවාද වල එකඟවීම් නොවීම් තිබ්බත් නාමල්ගේ ට්‍රීට්මන්ට් එකෙන් අපිට ගැලවෙන්න ඔහු දෙන්නේ නෑ. ඒ දේශපාලනික මතවාදය සහෝදරයා ඉවර වෙලත් අපි තුළ සැරිසරවන්න ඔහු සමත් වෙනවා.

සහෝදරයා ගැන දීර්ඝව කතා කරන්න මේ මොහොත නෙවෙයි. ඒකට තව දීර්ඝ විරාමයක් ඕනි. සහෝදරයට වගේම. ඒ දීර්ඝ විරාමයෙන් පස්සේ සහෝදරය ගැන කතා කරමු. සහෝදරයගේ වචන වලින්ම, මේ වෙලාවේ අපිට ‍තෝර ගන්න තියෙන්නේ හොඳම තැන නෙවෙයි. හානි අඩුම තැන.
හැබැයි 'සහෝදරයා' හොද තැනක්.

"කිසිදු කිසි දින බිද හෙලනු බැරි
අහස සූරන පවුරු පදනම් 
තියෙද්දි ,තව තියෙද්දි 
උන්ගෙම පෙරහරින්, 
උන්ගෙම හරසරින් 
උන්ගෙම තල්ලුවෙන්
උන්ගෙම මල් පලස් මතින් 
උන්ගෙ නුවර මැදටම ආ, 
ආ බැව් නොපෙනෙන අපෙ එකෙක් 
කිසිදු කිසි දින බිද හෙලනු බැරි
අහස සූරන පවුරු පදනම් 
ඇතුළතින් පුපුරුවන 
නුවර මැදට ආ අපේ එකෙක්..."

                                  -සහෝදරයා

නුවර මැදට ආ ඒ සහෝදරයත් එක්ක දවසක හම්බවෙමු. දීර්ඝ මද විරාමයකින්.

-තරිඳු ජයරත්න

Friday, February 9, 2018

The Circle - 2000



පහුගිය දවසක මංගල ගෙනාපු මධ්‍යසාර පනතේ සංශෝදනත් එක්ක ලංකාවේ සංස්කෘතික කාන්තාරය පොඩ්ඩක් හෙල්ලුනා. මංගල මොන දේශපාලනික අරමුණකින් ගෙනාවත් ඒ පනතේ ගොඩක් සාධනීය දෙවල් තිබුනා. කාන්තාවන්ට අරක්කු එක්ක නිදහස් වෙන්න දොර ඇරපු එකේ ඉදන් ගොඩක් දේවල්. ඒත් මෛත්‍රීපාල ඇතුලු ලංකාවේ සංස්කෘතික වන්දි බට්ටයන් ලංකාවා ආයේ සෑහෙන කාලෙකට ගන්න බැරි තරම් ඈතක ඇදල දැම්ම. ලංකාව තාමත් අර හණමිටි අදහස් එක්ක සංස්කෘතික කාන්තාරෙක තනි වෙලා ඉන්න වෙනවා; මේ වෙනස් වීම් උහුලගන්න බැරි නිසා. ශ්‍රී ලංකාව කියන උතුම් දේශයට, LGBT හරි ප්‍රොස්ටිටුශන් හරි ඇබෝශන් හරි තව කාලයකටම නීතිගත කර ගන්න බැරි බව මේ පුංචි සාධකෙන් පේනවා. ඒ සංස්කෘතික නිදහසත් එක්ක මිනිස්සු හැසිරෙන කාලයක් මේ කාලකන්නි දේශයට තව සෑහෙන කාලයට උදා නොවේවි.

'The Circle - 2000’ කියන්නේ ඉරාන් ෆිල්ම් මේකර්, ජෆාර් පහානිගේ ෆිල්ම් එකක්. 2000 වෙනීස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ 'ගෝල්ඩන් ලයන්' ගත්තේ මේක. පොඩි ප්ලොට් එකක් අරං (පොඩි කාලයක කතාවක්) ගොඩක් ඈත ඩෙප්ත් එකකට යන්න ගොඩක් ඉරාන් ෆිල්ම් මේකර්ස්ලා දක්ශයි. කියරොස්තාමි, මජිඩි මජිඩි, පහානී වගේම ෆර්හාඩි ඉදන් තව ගොඩක් අය ඒකට මාර ටැලන්ටඩ්. ඉරානයේ ආර්ට් වලට තියන අවම නිදහසත් එක්ක ඒ මිනිස්සු හැමදාම පේන පොඩි කෑල්ලෙන් වෙනස් දේවල් දෙන්න ට්‍රයි කරා. ද සකල් කියන්නේ එහෙම එකක්. ටෙහරාන් වල පැය කිහිපයක් තුළ කාන්තාවන් කිහිප දෙනෙක් මුහුණ දෙන සිදුවීම් කිහිපයක්. හැබැයි ඒ ඉරාන බහුතර කාන්තා නියෝජනයක් විදියට ගේන්න පහානී සමත් වෙනවා. 

ෆිල්ම් එකේ පළමු කැරක්ටර් එකේ ඉදන් ඒ ඒ කැරැක්ටර්ස් හරහා ප්ලොට් එක ශිෆ්ට් කරන ගමන් ගලාගෙන යන කතාවක් ජෆාර් පහනි ගොතලා තියනවා. ද සකල් වෙන්නේ එහෙමයි. ඇරඹුනු තැනකට අවසානයක් ගේනවා. වූම්බ් එකින් එලියට එන ගැහැණිය පිරිමියගේ උවමණාවන් වලට පමණක් යටත් වෙලා හිර ගෙදරක් (සිම්බොලික් මරණය) ඇතුලේ හිර වෙන අවසානයක්. 

ෆිල්ම් එක පටන් ගන්නේ රෝහලක ලේබර්රූම් එකේ විමසීම් කවුලුවෙන්. තමන්ගේ දුවට දුවෙක් හම්බ වෙලා කියලා ඒ කවුලුවෙන් නර්ස් කෙනෙක් කියනවා. ඒ වයසක ගෑණූ කෙනාට ඒක විශ්වාස කරන්න බෑ. ඇයගේ දුවගේ ස්වාමිපුරුශයා සහ පවුලේ කට්ටිය බලන් ඉදලා තියෙන්නේ පිරිමි ළමයෙක්. මේ ආච්චී මිණිබිරියක් ලබීම ගැන අවුලෙන් එලියට එනවා. ඊට පස්සේ ජෆර් පාහානී ලිහනවා ඇයි මේ ආච්චී මිණිබිරියක් ලැබීම පිළිබඳ මෙච්චර අවුලකට යන්නේ කියලා. විවිධ වයස් වල පාරතොටේ මුණගැහෙන කාන්තා චරිත එකට ඈඳලා අපිව ආච්චිගේ අර්බුධය ගැන කොන්චස් කරනවා. කාන්තාවක් වීම මිඩ්ල් ඊස්ට් වල කොයිතරම් අර්බුධයක්ද කියලා දිගින් දිගටම ආසියාතික රටක ඉන්න අපිවත් බය කරවනවා. ඒ අපේ රටෙත් ඒ කාන්තා නිදහස නැති නිසා. තාම අපි හැමෝම විවිද විදියට නිදහස අහුරවමින් ඉන්නේ.

ලංකාවේ කාන්තාවක් බොන එක, සිගරට් එකක් බොන එක තාම ලංකාවේ පිරිමියට දරා ගන්න බැරි වෙනවා. ඒ නිදහසේ සෞන්දර්ය හිතා ගන්නවත් බැරි බහුතරයක් ලංකාවේ කාන්තාවනුත් තාම ඒ නිදහස ඇහිරීම වෙනුවෙන් එකඟ වෙමින් ඉන්නේ. තාම පිරිමියාගේ දාසභාර්යාව වශයෙන් ඔවුන් බෞතීස්ම වෙන්න කැමතියි. රණ්බන්ඩා ලියපු නීලා කියන "ඔබ ගෙදර එන්න" සිංදුව වගේ. ලංකාවේ බහුතරයක් කාන්තාවන් ඒ නිදහස ඉමැජින් කරන්නවත් අකමැතියි.

මේ ‍ෆිල්ම් එකේ එක නිරුවත් දර්ශනයක්වත්, එක වයලන්ස් එකක්වත්, ඩ්‍රග්ස් සීන්ස් වගේ මුකුත් නැතුව මේ ‍ෆිල්ම් එක ඉරන් වල බෑන් කරනවා. සිනමාව පවර්ෆුල් ලැංවේජ් එකක් කියන්නේ මේ වගේ දෙයකට. හරිම ස්මූත් ගලන රූප රාමු වලින් ඉරානය හොල්ලන ප්ලොට් එකක් එළියට එනවා. ඉරාන කාන්තාව සහ ඉරාන සිනමාව අතරේ නිදහසේ ලොකු වෙනසක් නැහැ. දෙකම සීමා සහිතයි. මේ සීමාව, සීමාව තුළම අතික්‍රමණය කරන්න හදන නිසා තමා ඉරාන් ‍ෆිල්ම්ස් වල පොඩි ප්ලොට් ලොකු දේවල් විදියට එළියට එන්නේ. ජෆාර් ෆහානිට පස්සේ කාලේක ‍ෆිල්ම්ස් කරන්න තහනම් කරනවා. ඔහු නිවාස අඩස්සියෙ හිරකරනවා. පහානී ඒ කාලේ කරනවා හරි අපූරු ‍ෆිල්ම් එකක්. "This is not a film - 2011" තමා ‍ෆිල්ම් එකේ නම. මෙය ‍ෆිල්ම් එකක් නොවේ. පහානිගේ මොබයිල් ෆෝන් එකෙන් ගෙදර ඇතුලෙම ඉදන් ශූට් කරනවා. ඔහුම කතාව ඉදිරිපත් කරනවා. කොහොම හරි පහානී මේක ඉරන් වලින් පන්නලා කාන් වලට යවන්න සමත් වෙනවා. කාන්ස් වල ‍ෆිල්ම් එකට ලොකු තැනක් හම්බ වෙනවා. පහානී කියන්නේ අමුතු චරිතයක්. ඔහු 2015 ගෝල්ඩන් බෙයා ගන්නවා ටැක්සි ‍ෆිල්ම් එකට. ඉරානයෙන් එලියටවත් එන්න බැරුව ඔහු ජාත්‍යාන්තර සිනමා උලෙලවල් වල චරිතයක් වෙනවා. ඒ ජෆර් පහනි. සිරගත අසීමාන්ති සිතන්නා.

ඉරාන කාන්තාවන්ට නගරයෙන් එළියට යන්න බෑ ID එක නැතුව. නගරෙ ඉන්නත් බෑ ID එක නැතුව. යන්නත් බැරිනම් ඉන්නත් බැරුනම් මොනවද ගැහැණිය කරන්නේ. කාන්තාවන් වැරදිකරුවන් වෙන්නේ ඒ වගේ දෙවල් එක්ක. හැම වෙලාවෙම ID එක තියෙන්නේ පිරිමියට. ගැහැණිය හැම තිස්සෙම පිරිමියෙක් හරහා තම අනන්‍යතාව සලකුණු කරමින් තමයි ඉරාන් වල ඉන්න වෙන්නේ. සකල් වල ඉන්නේ එහෙම. ලේබර් රූම් එකේ පටන් ගත්ත ශොට් එක වගේ ශොට් එකකින් ‍ෆිල්ම් එක අවසන් වෙනවා; ඉරාන කාන්තාව ප්‍රතිනිර්මාණය කරමින්. ඒ ශොට් එක හිර ගෙදරක විමසුම් කවුළුවක්. අන්තිමට විමසුම් කවුළුව වහල දානවා.

අපි විමසන්න කෙනෙක් නැතුව අතර මං වෙනවා. ඇත්තට අපි හැමෝගෙම නිදහස විවිධ දේවල් වලින් හිර වෙලා. කාටවත් විමසන්න බෑ. කවුරුත් දන්නේ නෑ ඇත්තටම හිරවෙලාද කියලා. හරියට මේ ලියන මං The Circle වල හිරවුණා වගේ.

-තරිඳු ජයරත්න
___________________

හෙට (පෙබ: 10) හවස 5.30 ට ඉරාන් ‍ෆිල්ම් ෆෙස්ටිවල් එක තරංගනී එකේ පටන් ගන්නවා. ලබන බදාදා (පෙබ: 14) වෙනකම් ෆෙස්ටිවල් එක තියනවා. ලංකාවේ අපිට වැඩිය හුරු පුරුදු නැති ‍ෆිල්ම් මේකර්ස්ලගේ ‍ෆිල්ම්ස් සෙට් එකක් මේ පාර තියෙන්නේ. වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්න.

BODYGUARD - Saturday 10th Feb - 05.30 pm
TRACK 143 - Sunday 11th Feb - 03.30 pm
A CUBE OF SUGAR - Sunday 11th Feb - 05.30 pm
SWEET TASTE OF IMAGINATION - Monday 12th Feb - 06.30 pm
WHERE ARE MY SHOES? - Tuesday 13th Feb - 06.30 pm
THE PAINTING POOL - Wednesday 14th Feb - 06.30 pm

Tuesday, January 16, 2018

Mrs. Fang - 2017


"ඔබ මට සිහි වෙයි
දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය 
මැදියම් ‍රැය විය හැක,
කාලය ගලා නොයයි,
විශ්වය නිශ්ශබ්දය."

-නොමියෙමි : සේකර

මරණය ගැන මට තියෙන්නේ කාංසාසහගත අවබෝධයක්. ඒක සෞන්දර්‍යාත්මකව විශ්ලේශනය කරනවට වඩා වේදනාබර කාංසාවට මං කැමතියි. 2017 අවුරුද්දේ ගොඩක් සමීප මරණ දෙකක් සිදු වුණා. එකක් ලොකු මාමා. අනික ආත්‍තම්මා. මේ දෙකම කාලානූරූපීව මරණ වෙත විතැන් වෙලා සිදුවුණු සිදු වීම්.

මරණයක සැබෑ අරුත වෙන්නේ ආයේ ඒ ජීවියා අපිට සැබෑ ලෙසම දකින්න බැරුව යාම. මරණයකින් පස්සේ තියෙන්නේ මතකයන් ගොඩක් විතරයි. ළඟම කෙනෙක්ගෙ වෙන්වීමක් ගොඩක් වෙලාවට දැනෙන්නේ ආයේ එයා අපි ගාවට එන්නේ නෑ. එදා වගේ ලඟට ඇවිත් කතා කරන්නේ නෑ වගේ, සිතුවිලි කිහිපය පමණයි. හැබැයි කොන්චස් වුණාම ඒ සිතුවිලි මාර ගැඹුරුම තැනකට කිඳා බහිනවා. සැන්ඩි නොකරපු විස්කි වඩියක් මහා අන්ත්‍ර කුඩා අන්ත්‍ර පහු කරගෙන යනකොට දැනෙන වේදනාව වගේ එකක් මේ සිතුවිලි සිතේ ගැඹුරට යද්දී දැනෙන්නේ. සෞන්දර්‍යාත්මක වේදනාවක්. ඒ වේදනාවත් අරක්කු වගේ පීඩාකාරීයී. ඒත් මත් වෙන සුන්දරත්වය වගේ කංසාසහගත මරණීය සිතුවිලිවලට අපි කැමතියි.

මිසිස් ෆැන්ග් ( Mrs. Fang -2017) කියන්නේ 2017 ගෝල්ඩන් ලෙපර්ඩ් ගත්ත ෆිල්ම් එක. මේක බින්ග් වැන්ග් (Bing Wang) කියන චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ශකවරයගෙ ෆිල්ම් එකක්. ෆැන්ග් මැතිනියගෙ අවසාන දවස් කිහිපය තමයි ෆිල්ම් එකේ දුවන්නේ. ඩොක්‍යුමෙන්ට්‍රි සහ ෆික්ශන් කියන බෙදීම දැන් ගොඩක් අඩුවෙලා තිබ්බත් තාම මේකේ ශෝනර් එක විදියට තියෙන්නේ ඩොක්‍යුමෙන්ට්‍රි කැටගරි එකේ. ඇත්තම ෆැන්ග් මැතිනිය මිය යන දවස්ටික ශූට් කරපු එක තමයි ෆිල්ම් එක. ඇත්තම දවස් ටික. ඇත්තම මොහොතවල්. මරණ මංචකයේ ඉන්න කෙනෙක්ට, තව ටිකකින් මරණය වැලඳ ගන්න සූදානමින් ඉන්න එක කොහොමද කියල දැන ගන්න වෙන්නේ මරණ මංචකයේදිම තමයි. අපිට එළියෙ ඉදල කියන දේ අපේ ඉන්ටප්‍රිටේශන් එක මිසක් ඒ පුද්ගලයගෙ හැඟීම නෙවේ. හැබැයි මරණය කියන කන්සෙප්ට් එකේ තියන වේදනාව (පශ්චාත් වේදනාව) එන්නේ මැරෙණ කෙනාට වඩා ජීවත්ව ඉන්න කෙනාට. මරණය මරණයක් වෙන්නේ ජීවත් වෙන කෙනාට. මරණ මංචකයේ ඉන්න කෙනෙක් එක්ක දවස් දෙක තුනක් ගත කරන එක පොඩි මෙඩිටේශන් එකක් වගේ. හැබැයි ඉන්නේ කොයි වෙලේ මැරේවිද කියල බලාපොරොත්තුවකින්. අඬන්න. මෙඩිටේශන් එක ටාගට් එකක්. දුක ළං වීමක්.

බින්ග් වැන්ග් කියන්නේ ටිකක් අමුතු ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම තව පොරක් ඉන්නවා පිලිපීනේ. 'ලව් ඩයස් (Lav Diaz)'කියලා. දෙන්නා ටිකක් එක වගේ. මිනිමලිස්ටික්  ප්ලොට් එකක් එක්ක ගොඩක් දිග සීන් එක්ක තමයි ‍ෆිල්ම් එක පුරා අපිව අරන් යන්නේ. බින්ග් වැන්ග් එළියට 2002 දී "වෙස්ට් ඔෆ් ට්‍රැක්ස්' (Tie Xi Qu: West of the Tracks - 2002) කියන පැය 9ක් දිග ‍ෆිල්ම් එකත් එක්ක. කොටස් තුනකින් දුවන ‍ෆිල්ම් එක, සියවසක හුවමාරු වීම (1999 සහ 2001) සහ චීන ජාතිකයන් ටච් කරනවා. ඔහුගේ දිගම ‍ෆිල්ම් එක මේක නෙවේ ඇත්තටම. ඔහු 2008 දී 'කෲඩ් ඔයිල් (Crude Oil - 2008)' කියල පැය 14 ක ‍ෆිල්ම් එකක් කරනවා. කොහොම හරි ලව් ඩයස් වගේ බින්ග් වැන්ග් චීනෙ ඉදන් සිනමාව පැය එක හමාර දෙකෙන් ගලවලා ජීවිත කාලයෙන් සැලකිය යුතු ප්‍රමානයක් ‍ෆිල්ම් එකට ගන්නවා. ඒත් එක්ක ‍ෆිල්ම් එක අපෙන් එළියේ නැතුව ඇතුලෙම තැනක රෝපණය කරනවා.

"'හව් ‍ටු රීඩ් විට්ගන්ස්ටයින්' කෘතියේදී ගොට්ලොබ් ෆ්‍රෙජ් මෙසේ කීවේය. 'ඔබේ පොත කියවීමේ ප්‍රීතිය පැන නගින්නේ මා කලින්ම දන්නා එයි අන්තර්ගතයෙන් නොවේ. එයට ඔබ දී ඇති සුවිශේෂී ආකෘතිය නිසාය. ඒ නිසාම ඒ පොත් විද්‍යාත්මක කෘතියක් නොව කලා කෘතියකි.' එපමණක් නොව දැන් ඒ කෘතියෙහි අන්තර්ගතයද, ඔහු දැන සිටියේ යැයි සිතූ අන්තර්ගතයද, වඩාත් අපූර්ව ස්වරූපයක් ගෙන ඔහු හරියටම දැන සිටියේ යැයි කිව නොහැකි අන්තර්ගතයක් බවට පෙරළී ඇතැයි ෆ්‍රෙජ් කිව යුතුව තිබුණි."

- අළු පැහැති ආරංචි : ලියනගේ අමරකීර්ති


අළු පැහැති ආරංචි පොත පටන්ගන්න කලින් අමරකීර්ති එහෙම කියනවා. ආකෘතිය ගැන හොද ඉන්ට්‍රප්‍රිටේශන් එකක් ඒකේ තියනවා. මිසිස් ෆැන්ග් ‍ෆිල්ම් එකේ අන්තර්ගතය අපි දැන් දන්නවා. ඒත් ‍ෆිල්ම් එකක් කියන්නේ කාලය සහ අවකාශය තුළ අපිව අරන් යන ට්‍රිප් එකක්. ඒක ප්ලොට් එක දැන සිටීමට වඩා වෙනස්.  එකම ‍ෆිල්ම් එක දෙතුන් පාරක් බැලුවත් යන්නේ පොඩි හරි වෙනස් කමක් තියන ට්‍රිප් එකක්. මරණය ගැන අපි හැමෝම දන්න කාරනය තුළ දන්නේ නැති වෙනස්ම ෆීල් එකක් දැනෙන්න ගන්න පුලුවන් හොඳ පිල් එකක්; 'මිසිස් ෆැන්ග්'.

'මිසිස් ෆැන්ග්' කියන පිල් එක දැම්මම පටන් ගන්නේ හරිම සීතල හැඟීමකින්. ඒ සීතල හැඟිමත් එක්ක පටන් ගන්න බෝරිංනස් එක ‍ෆිල්ම් එක බලන් ඉන්න අමාරුවෙන තරමට තියනවා. ඒත් ඒ අමාරුව තමයි ලයිෆ් එකේ අවසානය වෙත හෝ ඩෙත් එකේ ආරම්භය වෙත අපිව අරං යන්නේ. පේන්න කිසිවක් නොවන තැන ඇතුලේ ගොඩක් දේවල් වෙනවා. එක්ස්ට්‍රා කැ‍රැක්ටර්ස් හැමවෙලේම මාරු වෙනවා. ෆැන්ග් මැතිනිය විතරක් එකම තැන ඉඳගෙන ටික ටික මරණයට ළං වෙනවා. ඒක ඇතුලෙන් වෙන ප්‍රොසෙස් එකක්.  කිසිවක් වෙනවා කියලා පේන්නේ නැති ප්‍රොසෙස් එකක්. ‍ෆිල්ම් එකේ ඩියුරේශන් එක ඉවර වෙද්දිම අපිට දැනෙනවා මොකක්දෝ වෙනවා. ඒක වචනවලට හරවන්න බැරි අමුතු හැඟීමක්.

ඔබ මට සිහි වෙයි

දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි

ඒ දහසක් ගිලනුන්ගේ 
ප්‍රාණ වායු
මෙතෙක් මෙලොව ඉපිද මැරුණු
අසංඛ්‍ය ප්‍රාණීන්ගේ
ප්‍රාණ වායු
මා හද තුළට පිවිස
මොහොතක් නතරව හිඳ
සුසුමක් සේ 
පිට වී යයි.

කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්ධය.

-නොමියෙමි : සේකර


-තරිඳු ජයරත්න.



Sunday, December 31, 2017

The Pursuit of Happyness - 2006


2017 කියන අවුරුද්ද ඉවරයි. ඒ කියන්නේ දවස් 365 ක පැකේජ් එකක් ඉවර වුනේ. දැන් තව දවස් 365ක පැකේජ් එකක් එන්න තියනවා. නම 2018. තත්පර මිලියන 31 ක්. ජීවිතය කියන්නේ 2018 කරන්න ඉන්න ටික හරි 2017 කරන්න බැරි වුණු ටික නෙවේ. මේ මොහොතෙ ගත කරනා කාලය. මේ දැන් තමන්ට ඕනී දේ කරගෙන ඉන්න පුලුවන්නම් ඒක තමා ජීවිතය වෙන්නේ. සතුට වෙනුවෙන් හෙට වෙනකම් බලන් ඉන්න එක නෙවේ. හෙට කියල දෙයක් නැති නිසා දැන් ලියිෆ් එකට ඕපන් වෙන්න. කරන්න ඕනී දේ දැන් කරන්න.

පර්සුයිට් ඔෆ් හැපිනස් (The Pursuit of happyness - 2006) ඉතාලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වන Gabrile Muccino ගේ ෆිල්ම් එකක්.

"සතුට ලුහුබැඳීම"

හෙට සතුටෙන් ඉන්න අද දුක අනුභව කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. සතුට ලුහුබඳිනව කියන්නේ ඒකට. ඒත් මේ මොහොත සතුටින් ගත කරන්න පුලුවන්නම් ඒක තමයි රහම කෑල්ල. හෙට සතුටෙන් ඉන්න අද දුක් විදින එකෙන් වෙන්නේ හැමදාම සතුට කල්දදා ඉන්න එක. ඒ නිසා සතුට ලුහුබඳින එක අත හැරින්න. මේ වෙලාවෙම සතුටින් ඉන්න.

"ටාගර්ට්ස් ඇචීව් කර ගැනීම"

ලයිෆ් කියන එක ගත්තම හරිම පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. අකල් මරණයක් නොවුනොත් ඒක අවුරුදු 70ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒකත් තමන්ගේ කොන්ට්‍රෝල් එකේ තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. (ඇත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ තමන්ගේ කොන්ට්‍රෝල් එකේ නෑ කවදාවත්) අපි උපකල්පනය කරොත් අවුරුදු 16 පස්සේ ඉතිරි ටික සුලු වශයෙන් හරි තමන්ගෙ කොන්ට්‍රෝල් එකේ තියනවා කියලා ඒ කාලේ තමයි වැඩ ටික කර ගන්න වෙන්නෙ. ඉතිං මේ චුට්ටි කාලේ සල්ලි හොයන්න මහන්සි වෙන්නේ අපි සතුට ලඟා කර ගන්න. සල්ලි වලින් සතුටට පාලමක් හදා ගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ටාගට්ස් තියා ගන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුට කියන එකක් නැති වෙලා යනවා. ඊට පස්සේ හරිම හිස් බවක් එක්ක ඉන්නේ; ඊට පස්සේ වෙන ටාගට් එකක් පස්සේ යැවෙනවා. ඊට පස්සේ සතුට තියෙන්නේ එතන කියල හිතෙනවා. ඇත්තටම එතනදි ආයේ වෙන්නේ අලුත් එකක්. ඉතිං අලුත් වෙන ටාගට්ස් එක්ක සතුට තව තව වේරීයේශන්ස් වලින් ඈතට යනවා. ඒත් ටාගට්ස් ඇචීව් කර ගන්න. ඒත් මේ මොහොතේ සතුටෙන් ඉන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුටෙන් ඉන්නේ නැතුව දැන්ම හිත නිදහස් කරගන්න. මේ සුන්දර නිදහස් බව අත් විඳින්න.

The Pursuit of Happyness ෆිල්ම් එක

‘Happyness’ ග්‍රැමටිකලි වැරදියි; හරි එක ‘Happiness’ කියලා ෆිල්ම් එක පටන් ගනිද්දිම ක්‍රිස් (වීල් ස්මිත්) කියනවා. ඒත් ෆිල්ම් එකේ නමත් මේ ස්පෙලින්ග්ස් වැරදි ‘The Pursuit of Happyness’. ඒ කියන්නේ සතුට ලුහුබඳින්න බෑ කියලද. නැත්නම් ලුහුබඳින තැන සතුටක් නෑ කියලද. කොහොම වුණත් ෆිල්ම් එකේ නමෙන් ගොඩක් දේවල් කිය වුණත් ෆිල්ම් එකේ වෙන්නේ සල්ලි හොයන්න මහන්සි වෙන සාම්ප්‍රධායික පුද්ගලයෙක්. පුරුදු විදියටම බැඳපු දවසේ ඉදන්ම වයිෆ්ගෙන් බැනුම් අහ අහා තාමත් තමන්ගේ ඉලක්කයට දත කාගෙන යන පොරක්. ඔහු දැනට කීයක් හරි හොයා ගන්නේ ස්කෑන් මැශීන් එකක් විකුණලා. ඔහුගේ ඒ ස්කෑනර් එකට නොවෙන දෙයක් නෑ. කැඩෙනවා. හොරු ගන්නවා. තමන්ගෙ අතින්ම මිස් වෙනවා. ඒත් ඔහු ඒ අවසාන ස්කෑනර් එක විකුණනකම්ම ඉන්නවා. කොහොම හරි අවසාන එක විකුණනවා.

Pursuit- අත්නොහරින ඉලක්කය

ඔහුට බ්‍රෝකර් කෙනෙක් විදියට ජොබ් එකකට කතා කරනවා. (කතා කරව ගන්නවා) හැබැයි ඉන්ටර්න්ශිප් මාස හයක්. සැලරි නැති. ඔහු ඒ මාස හය අල්ලන් ඉන්නවා. දවසක සල්ලිකාර පොරක් වෙන්න මේ මාස හය අල්ලන් ඉන්නවා. අන්තිමට ඔහු ඒ බ්‍රොකරේජ් ෆර්ම් එකේ බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩට ගන්න තැනින් ෆිල්ම් එක ඉවර වෙනවා.

ෆිල්ම් එකේ ගේන මතුපිට කෑල්ලට වඩා මම හිතන්නේ වැදගත් වෙන්නේ ඔහු ඒ ටාගට් එක ඇචීව් වුණාට පස්සේ ජීවත් වෙන විදිය. ඔහු තමන්ටම ෆර්ම් එකක් දාගෙන ඒක පස්සේ කාලෙක මිලියන ගාණකට විකුණනව කියල සඳහන් වෙනවා. මේක ටෲ ස්ටෝරි එකකින් හදන ෆිල්ම් එකක්. මොටිවේශනල් ෆිල්ම් එකක් විදියට ගන්නත් පුලුවන්. 

සතුට ලුහුබඳින එක නවත්තන තැන සතුට තියනවා කියල දැන් මම විශ්වාස කරන්නේ. මිනිහෙක් වුණාම ටාගට්ස් ඇචීව් කර ගන්න ඕනි. ඒත් හෙට සතුට වෙනුවෙන් අද දුකෙන් ඉන්නෙ නැතුව මේ මොහොත සුන්දරව ගත් කරන්න. හෙට නැත්නම් ඊයෙ වෙනුවෙන් නැතුව මේ මොහොත හරියට ඉන්න. ලුහුබඳින්නේ නැති වුණාම අපිට ළඟා කර ගන්න දෙයක් නෑ. එතකොට, මේ දේ කරන්න ඕනි කියන බර ඔලුවට නෑ. බරක් නැති තැන හරිම සැහැල්ලුයි. ඒ සැහැල්ලුවම සතුටක්.

- තරිඳු ජයරත්න

Monday, December 4, 2017

Like Someone In Love - 2012


කාලෙකින් මේ ලියන්න පටන් ගන්නේ. වැඩ වැඩි නිසාම මඟ හැරුනු ලියවිල්ලකට වඩා ලියන්න මූඩ් එකක් තිබ්බේ නෑ. හරිම ස්ට්‍රක්චර්ඩ් ලයිෆ් එකක් අරං යන දවස් ටිකක් මේ. ඉතිං ස්‍ට්‍රක්චර් එක ඇතුලේ ආයේ ලියන්න වෙලාවක් ෆික්ස් කර ගන්න එක හරිම කම්මැලි වැඩක්.

තිබ්බ අවුල් වෙදර් එකත් එක්ක ලෝන්ග් වීකෙන්ඩ් එක එහෙම් පිටිම්ම අවුල් ගියා. ඇදට වෙලා ගෙවුනු වෙලාව වැඩි වුනා. මේ කම්මැලිකම අස්සේ ඩවුන්ලෝඩ් කරගෙන කාලයක් වුණු හැමදාමත් බලන එක පස්සට ගිය කියරොස්තාමිගේ 'Like Someone In Love - 2012’ බැලුවා. කාලයක්ම හාර්ඩ් එකේ තිබ්බත් බලන්න බැරි වුණු එකට හිතට බැන බැන තමයි බැලුවේ.

කියරොස්තාමිගේ අවසාන ෆීචර්ස් ටික කියරොස්තාමියානු ෆ්‍රේම් එකෙන් ගලවලා වෙන තැනක ප්ලේ වෙච්ච ඒවා. විශේෂයෙන් 'සෙටිෆයිඩ් කොපි' (Certified Copy - 2010) සහ 'ලයික් සම්වන් ඉන් ලව්' (Like Someone In Love - 2012) මුනිවර ප්‍රේම කතා විදියට ගේනව. ඕශෝගේ වගේ නිවිච්ච ගතියක් ඒ සෙලෝලොයිඩ්ස් අස්සේ ගමන් කරනවා. ජීවිතේ පරිනත වෙලා මඟහැරුණු ප්‍රේම සම්බන්ධතා ගැනත් පරිනත කාලෙදි හම්බවෙන ප්‍රේම සම්බන්ධතාත් කියරොස්තාමිට ගැටගැහෙනවා ඇත්තේ මෙහෙම වෙන්න ඇති. අනික ඒ ෆිල්ම් දෙකම කරන්නේ ඉරානයේ නෙවෙයි. වෙනම රටවල් දෙකක. නුහුරු මිනිසුත් එක්ක. ඒකම වෙන්න ඇති වඩාත් පැරණි දේශපාලනික කෘතිවලට නොයා කියරොස්තාමි ඕනෑම මනුෂ්‍ය කොට්ටාශයකට වඩාත් සමීප ප්‍රේමය වගේ දෙයක් ගන්නේ. ඉතාලියේදි ජුලියට් බිනොචෙයි (Juliette Binoche), විලියම් ශිමෙලුයි (William Shimell) යූස් කරල සෙටිෆයිඩ් කොපි කරද්දී ජපානෙදී රින් ටකනාශියි (Rin Takanashi), ටඩාශි ඔකුනෝයි (Tadashi Okuno) යූස් කරලා සම්වන් ඉන් ලව් කරන්නේ මේ කිසිම ජාතියක් ඇතුලේ ප්‍රේමය මඟ නොහැරෙන නිසාම ඒ අස්සේ වැඩේ ප්ලේ කරගන්න පුලුවන් බව කියරොස්තාමි හොදටම දන්න නිසා..(?)! කොහොම උනත් කියරොස්තාමි ප්‍රේමණීය හැඟීම වියලි රසයක් විදියට ගේන්න සමත් වෙනවා. වියලි වුණත් ඒක රසයක්.

මුනිවර ප්‍රේමය කියල මං මේ ඉන්ටර්ප්‍රිට් කරන්න හදන්නේ ජීවිතය ගැන තියන පරිනතකමත් එක්ක ජීවිතය දකින මිනිස්සු ප්‍රේම කරන විදියට. ඒක හරිම ගැඹුරුයි. ගොඩක් වෙලාවට අයිති කරගන්නේ නැතුව තමයි ප්‍රේම කරන්නේ. ප්‍රේමයේ ප්‍රධානම එකක් වෙන්නේ අයිති කර ගැනීම. ඒ කෑල්ල අයින් කරගත්ත ප්‍රේමයක් කියන්නේ ප්‍රේමයට වඩා එහා යන එකක්. ඉතිං මේ අයිතියක් නොකියන හැඟීම වෙනුවෙන් සමහර මිනිස්සු ගොඩක් දේවල් කැපකරනවා. 'ලයික් සම්වන් ඉන් ලව්' කියන්නේ එහෙම මිනිහෙක්ගෙ කතාවක්.

ෆිල්ම් එකේ දේශපාලනික ලේයර්ස් ගොඩකට යන්න පුලුවන්. ඒත් මං කැමති මේ වියලි ලවු එක අස්සේ ජීවත් වෙන්න. පැණි බේරෙන එකට වඩා මේ වියලි කමට මං ආසයි. වයසක මනුෂ්‍යයෙක් සල්ලී දීලා තරුණියක්ව ගන්නවා. ඔහු ඇයව අරං තියෙන්නේ සෙක්ස් වලටම නෙවේ. ලඟින් තියා ගන්න; අතින්වත් නොඅල්ලා බලං ඉන්න; නිදහසේ කතා කරන්න; කතා කියන්න; තමන්ට මඟ හැරුණු තැන් වලට ආයේ යන්න, වගේ දේවල් වලට. හැබැයි ඇයට ඒක එහෙම නෙවේ. ඇයට ඩීල් එකක්. ඇය ඩීල් එකට එන්නේ මාර ස්මූත් පාරක නෙවේ. ඇයට ප්‍රශ්න කන්දරාවක් තියනවා. නමුත් මේ වයසක ප්‍රොෆෙසර් ස්මූත්ලි ජීවත් වෙන්නේ. මේ අලුත් රිලේශන්ශිප් එක පටන් ගන්න ඔහු හදන්නේ මේ ස්මූත් එක තුලින්.

මේක බලාගෙන යද්දී හඳගමගේ 'ඇගේ ඇස අග' මතක් උණා. ඒකත් ටිකක් මේ වගේ. ඒ කාලේ හඳගමට තිබ්බ විවේචනයක් තමා ඇගේ ඇස අග කොපි එකක් කියලා. ඒත් ආර්ට් අස්සේ කොපි කරන්න බෑ. ඉන්ස්පයර් වෙන්න විතරයි පුලුවන්. එක ආර්ට් පීස් එකක් දිහා බලාගෙන ඒ ටයිම් ඇන්ඩ් ස්පේස්වලට ඒවගේම කැරැක්ටර්ස් දාලා කරත් ඒක වෙනම නිර්මාණයක්. මුල් එක නෙවේ. ආර්ට් පීස් දෙකක්.

මේ ‍ෆිල්ම් එකේ පරිනත ප්‍රේමවන්තයා වගේ කියරොස්තාමිගේ සිනමා භාවිතය හරිම පරිනතයි. ක්‍රාෆ්ට් එක හරිම නීට්. සවුන්ඩ්ස්, එඩිටින් වගේම සිනමැටොග්‍රැ‍ෆි ගොඩක් ඉහල තැනක තියනවා. හරිම නිදහසේ ඩිරෙක්ට් කරල තියනවා කියල දැනෙනවා.

මතුපිට මුනිවර ප්‍රේමවන්තයෙක් ඉදිද්දී ඇතුලින් හම්බවෙනවා ට්‍රැඩිශනල් (බහුතරයක්) ප්‍රේමවන්තයා. මුනිවර ප්‍රේමය මාර වෙන්නේ මේ ට්‍රැඩිශනල් එක තියන නිසා. ට්‍රැඩිශනල් එක ඇතුලේ නිදහස දීම වෙනුවට හැමතිස්සෙම වෙන්නේ අල්ල ගැනීමක්. ඉතිං මේ අල්ල ගැනීම මාර වේදනාවක්. දෙපැත්තටම. ප්‍රේමය එහෙමයි කියල කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්. කෙනෙක්ට කියන්න පුලුවන් ලිංගික ශ්‍රමිකාවක් ලෙස දැනුනම පෙම්වතාට ඒක දරා ගන්න බැරි බව. ඒත් ලිංගික ශ්‍රමිකාව රැකියාවක් මිසක් එතන සෙක්ස් කරන හැමෝම එක්ක ප්‍රේමයෙන් වෙලීමක් වෙන්නේ නෑ. එතන ප්‍රේමයට වඩා ගොඩක් පුංචි දෙයක් වෙන්නේ.

පහුගිය කාලේ ලංකාවේ ඊනියා ජනමාධ්‍ය හරහා කතාවුණු ලිංගික ශ්‍රමිකාවක් ගැන හරි අපූරු කතාවක් තියනවා. ; ඇයගේ බිස්නස් එක කරන්න වෙන්නේ මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නේ නැතුව. පාරේ ඉදන් නැත්නම් වෙන වෙන කනෙක්ශන් හරහා තමයි ඇය තම රැකියාව කරන්නේ. ඇයගෙන් ඇහුවම 'ඇයි ෆෝන් එකක් යූස් කරන්නේ නැත්තේ?' කියලා ඇය කියන්නේ, 'මගේ හස්බන් කැමති නෑ මම ෆෝන් එකක් පාවිච්චි කරනවට. එතකොට එයා හිතනවා මං වෙන මිනිස්සු එක්ක මල් කඩාවි කියලා.' ඇයගේ ප්‍රකාශය ඒ වගේ එකක්. ඔහුගේ බලාපොරොත්තුව ඇය කාත් එක්කවත් ප්‍රේමයෙන් නොවෙලී රැකියාව කරන එක. ඒක මාර දියුණු තත්වයක්; සමහර පශ්චාත් නූතන රැඩිකල් වාදීන්ට වඩා. 

සම්වන් ඉන් ලව් වල ඒ තත්වයට වඩා වෙනස් වෙන්නේ ප්‍රේමවන්තයා කලහකාරීයි. ඉතිං තරුණිය නිකම්ම අර මුනිවර ප්‍රේමයට ළං වෙනවා. ඒත් හදිස්සියේම ඒ මුනිවර ප්‍රේමයට මරු පහරක් වදිනවා අවකාශය තුළ. සැබෑ ප්‍රේමයක් කවදාවත් හමු නොවී වෙන වෙනම පවතීවි. ඒකට වයස, කාලය වගේ දේවල් තවදුර වලංගු නෑ කියල අපිටම දැනෙන කාලෙක 'ලයික් සම්වන් ඉන් ලව්' අපිට හමුවේවි. මේ ඒ සිනමා ප්‍රේමය වෙනුවෙන් පුංචි කොමාවක්. තාවකාලික නැවතුමක්.

දැන් වෙලාව රෑ 11 ට කිට්ටුයි. බිම නොපෑගෙන මිදුල් තියන අපාර්ට්මන්ට්ස් අස්සෙන් පේන ඉන්දියන් සාගරයෙන් එන කරදිය රහ සීතල හුළං වැදි වැදි මරීන් ඩ්‍රයිව් එක කෙලවරේ බිමක් නොපෑගෙන බැල්කනි එකකට වෙලා නිකොටීන් මිශ්‍ර ඩන්හිල් දුම පෙනහලු වලට ඇද ගන්න ගමන් අමරසිරි පීරිස්ගේ කටහඬ හදවතට ඇහෙනවා; 
මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ හීනෙන්වත් නොදකින කුමරා.....

-තරිඳු ජයරත්න