Wednesday, December 7, 2016

සරිගම - 2016


මම විශ්වාස කරන්නේ නැහැ සිනමාව කතන්දර කීමේ කලාවක් කියලා. ඒක ඊට එහාට ගියපු ආර්ට් ෆෝර්ම් එකක්. නමුත් සිනමාව ඉන්ඩස්ට්‍රි එකක් විදියට පවතින්න නම්, අඩුම තරමේ කතන්දරයක් තුළින් හෝ මිනිසුන්ව(ප්‍රේක්ෂකාගාරය) හෝල්ඩ් කර ගන්න වෙනවා. ඒ කියන්නේ හරියට කතන්දර කීමේ කලාවක් මේන් ස්ට්‍රීම් එක තුළ ඩිවලොප් වෙන්න ඕනි. ලංකාවේ මේන් ස්ට්‍රීම් එකේ තියන ලොකුම අවුල කතන්දර හිඟකම. නැත්නම් කතන්දරයක් වට්ටගන්නේ නැතිව කියන්න බැරිකම. ඒ නිසා දැන් අපිට කතන්දර ආනයනය කරන්න වෙලා තියනවා. රීමේක් හෝ අනුවර්තනය ප්‍රශ්නයක් නැහැ; ඒක ලංකාවේ දේශපාලනික සන්ධර්භය තුළ හරියට ප්ලේස් කරල කියනවනම්. ආනයනික කතාව ගෙඩිපිටින් එහෙමම සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දැම්මම වෙන්නේ 'සරිගම' වැනි අතිශය දුර්වල නිර්මාණ බිහිවීම.

මරියා ට්‍රැප් විසින් ලියන ලද සවුන්ඩ් ඔෆ් මියුසික් පොත බේස් කරගෙන රොබර්ට් වයිස්, සවුන්ඩ් ඔෆ් මියුසික් ෆිල්ම් එක හදන්නේ. සෝමරත්න දිසානායකගේ 'සරිගම' එහි අනුවර්තනයක් ලෙස ප්‍රථමයෙන්ම කියනවා. සවුන්ඩ් ඔෆ් මියුසික් මතුපිට සරල විනෝදාත්මක සහ සංගීතාත්මක සිනමා කෘතියක් ලෙස භෞතීස්ම වුවත්, දේශපාලනික මානයකින් එය ගැඹුරට කිඳා බසිනවා. සරිගම ට එද්දී ප්ලොට් එකේ ඒ සරල පොත්ත විතරක් අරගෙන සාරය අයින් වෙනවා. අනුවර්තනයක හෝ රීමේක් එකක් කරද්දි ඔර්ජිනල් එකෙන් ගත යුතු වන්නේ ඒ කෘතියේ ඇති සාරාත්මක ගැඹුර මිස බාහිර පොත්ත නොවෙයි. සරිගම අන්තර්ගතය තුළ ඇති ඇල් මැරුණු ස්වභාවයට අනෙක් හේතුව ඩයලොග්ස්. ඒ ව්‍යාජ දෙබස් (සමහර ඒවා ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේශන්ස්) නිසා කැරැක්ටර්ස් වල සත්‍යයතාව එහෙම් පිටින්ම මඟ හැරෙනවා. අපිට චරිත එක්ක අනන්‍යවෙන්න බැරුව යනවා. අනික පූජාගෙ සිංහල භාශා භාවිතයේ ආධුනික බව. වෙන කෙනෙක් ඩබ් කරානම් පූජාගෙ ඇක්ටින් වල ජාමේ බේර ගන්නවත් තිබ්බා. ඒත් පූජා (මරියා) සහ අශාන් ඩයස්(කැප්ටන්) ඇක්ටින් වලින් නාන නෑම කොහෙන්වත් ගොඩ දාගන්න අධ්‍යක්ෂකට බැරිවෙනවා.

කාස්ටින් අතිනුත් සරිගම අන්තිම දුර්වල ෆිල්ම් එකක්. ළමයි හත් දෙනාගේ ඇති නොපෑහෙන බව; මේ සහෝදර සහෝදරියන් බව කොහෙත්ම එත්තු යන්නේ නෑ. නිකම් ළමා නළු කැලක් භාවිතා කිරීමක් විතරයි. වැඩිමහල් දියණිය(ඕලු) පූජාට වඩා වයසක් පේනවා. ඕලුගේ සහ පියුම්ගේ (ටෙලිඩ්‍රෑම් ගේන කැරැක්ටර් එක්) චරිතවල සත්‍යාපනය සම්පූර්ණයෙන්ම මඟ හැරෙනවා. සවුන්ඩ් ඔෆ් මියුසික් වල ඒ කැරැක්ටර් එක (පියුම්) එන්නේ පස්සේ කාලෙක නාසි සොල්දාදුවෙකු වූ පසු එකල එම මිනිසුන්ගේ දෙබිඩියත්වය සහ නට්සි ස්වරූපයේ කෘරත්වය පෙන්වන්න. නමුත් සරිගම තුළ එම කැරැක්ටර් එක අනවශ්‍ය එළැඹීමක්. පූජා සහ අශාන්ගේ ඇක්ටින් අවුල් වුනත් ඒ අවුලවත් කිසිම ඒකමිතික බවක් නැහැ. ඔහේ ඇක්ට් කරන්නම් වාලේ කරගෙන යනවා. අවුලත් විවිධ රේන්ජ්ස් වලට යනවා.

ඊළඟ ලොකුම අවුල මියුසික්. සරිගම කියන නම ම කන්නේ මේ මියුසික් ටික. රෝහණ වීරසිංහට මියුසික් පුළුවන් ඇති. ඒත් ඔහුට බැරි වෙනවා ෆිල්ම් එකේ මූඩ් එකට සෙට් වෙන මියුසික් එකක් ගේන්න. ඔහුගේ සරල ගීත මියුසික් ට්‍රැක් ටිකම එහෙ මෙහෙ කරලා ෆිල්ම් එක පුරාම විහිදවනවා. අනික මියුසික් එකෙන් එන භාවය විශුවල් එකත් එක්ක හරියටම සිංක් වෙන්න ඕනි, විශේෂයෙන් මේ වගේ මාස් ඕඩියන්ස් එකකට එන ෆිල්ම් එකක. විශුවල් එක කොහේවත් යන ගමන් මියුසික් කොහේවත් යන්නේ සරිගම තුළ. අනික ගායක ගායිකාවන්ගේ හා නළු නිළි කැල ගේ ඩබ් එක කොහෙන් වත් ගොඩ එන්නේ නෑ. සිරසේ හඬ කවන ඉන්දියන් ටෙලිඩ්‍රාමස් වගේ.

මුලින් මා කී පරිදි අනුවර්තනය ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ ගැට ගහන්න සොමරත්න අසාර්තක පුංචි උත්සාහයක් ගන්නවා. පූජා දහම් පාසැල් ළමයි එක්ක කරන ගණු දෙනුව හරහා. ඒත් ඒක හරිම ඔඩ් විදියට ඔහු තිරයට ගේන්නේ.

කාලය පිළිබඳ නීර්ණය කරන සාදකයක් ඇඳුම. ඒත් කාල අවකාශය පිළිබඳ හරි නීර්ණයකට එන්න බැරිව සරිගම තුළ ප්‍රේක්ශකාගාරය අතර මං වෙනවා. පැරණි ඇඳුම් සමඟ නූතන ඇඳුම් මික්ස් වෙනවා. විශේශයෙන් පාර්ටි එකේ සහ වෙඩින් එකේදි. සරිගම හරහා මේ නාන්නේ, සරෝජා, සූරිය අරණ වගේ කටේ තියන්න පුළුවන් ෆිල්ම්ස් කරපු සෝමරත්න දිසානායකද කියල හිතෙනව ෆිල්ම් එකේ මැද වෙද්දී.

විශිෂ්ඨ මට්ටමක තරුණ සිනමා නිර්මාණ කිහිපයක් පෝලිමක තිබෙනා මේ වකවානුවේ ප්‍රවීණ(?) සිනමාකරුවන් බහුතරයකට තමන්ගේ ෆිල්ම් එක ඉක්මණින්ම හෝල් එකකට දා ගන්න පුළුවන් වෙනවා. ඉන්ඩ්‍රස්ට්‍රි එකේ එතික්ස් පිළිබඳ ප්‍රවීණ(?) නිර්මාණකරුවන් මීට වඩා සවිඥාණික වීම වටිනවා අනාගත සිනමාව වෙනුවෙන්. සරිගම දාන්නේ ඩිජිටලයිස් වූ හෝල්ස් වලට විතරයි. මං හිතනවා ඒක හොද තීරණයක් සෝමරත්න දිසානායක විසින් ගත්.

හෝල් එකෙන් එළිය එද්දි සිංදුවක් මත උනා....

'විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාල 
මිනිහට යකා නැඟල දැන් 
බැලෝ එකට අන්ඬදාල හුළං යනවා හෝස් ගලා 
සරිගම අවුල් වෙලා බං....'

-තරිඳු ජයරත්න-

3 comments: