Thursday, December 1, 2016

Masaan - 2015



අතරින් පතර එක්සෙප්ශනල් එකක් දෙකක් හැරුනම සමාන්‍යයෙන් මට ඉන්දියන් ෆිල්ම්ස් සෙට් වෙනවා අඩුයි. 'මසාන්' අහම්ඹෙන් සෙට් වුණු එහෙම එකක්. ස්ටාර්ට් එකෙන්ම මාව එක හෝල්ඩ් කර ගන්නවා. කැරැක්ටර්ස් ඉන්ට්‍රඩියුස් කරලා ෆිල්ම් එකට පවර්ෆුල් ෆවුන්ඩේශන් එකක් දාගන්නවා, ටයිටල් එකට කලින්. දැන් අපි තුළ ෆිල්ම් එක බිල්ඩ් වෙන්නේ ඒ බේස් එකේ.

What is life? A delicate arrangement of the five elements.
 What is death? A disarray of these elements.
                                                                                            -Brij Narayan Chakbast (indian poet)

ජීවිතය කියන එක මේ තරම් සරල තැනකට දාන්නේ නෑ මම නම්. ඒත් ෆිල්ම් එකට කලින් මේ ප්ලේට් එක ප්ලේ වෙනවා. ජීවියෙක් සංඝටක පහක එකතුවක් විදියට ඇවිත් මැරුණම ඒ සංඝටක පහ නැති වෙලා යන එක හරි. ඒත් ජීවිතය/ලයිෆ් ඊට වඩා සංකීර්ණයි. ජීවියෙක් සංඝටක පහක් එක්ක නැති වෙලා ගියාට ඒ ජීවියාගේ ජීවිතය ඒ සංඝටක නැති වෙනකොට නැති වෙන්නේ නෑ.

මසාන්, නීරජ් ඝවාන්ගේ පළවෙනි ෆීචර් ෆිල්ම් එක. Uncertain Regard කැටගරි එකෙන් 'මසාන්' කාන් යනවා. ඇත්තටම කාන් ගියපු නිසාම ෆිල්ම් එක බලන්න ඕනි වගේ අයිඩියා එකක් තිබ්බේ මුලින්ම. ඒත් පළවෙනි දෙවෙනි සීන් වලින්ම ෆිල්ම් එකත් එක්ක ලින්ක් වෙන්න පුලුවන් උනා. ක්වෝට් එක දාල බ්ලැක් ස්ක්‍රීන් එකේ මුලින්ම ඇහෙන්නේ සෙක්ස් සීන් එකක සවුන්ඩ් එකක්. විශුවල්ස් එද්දී තේරෙන්නේ, තරුණියක් පෝර්න් වීඩියෝ එකක් බලන ගමන් ඉන්නේ කියලා. හැබැයි බ්ලැක් එකේ සෙක්ස් සවුන්ඩ්ස් වලින්ම අපේ උත්පත්තිය ගැන ඉමේජ් වෙනවා. ඉන්පස්සේ විශුවල්ස් එනවා. මේ මොහොතේ අපේ ජීවිත වලට ක්ශණිකව පොලා පනිනවා එතකොටම. ඇය එය නරඹා යන්නේ ෆ්‍රීමැරිටල් හනිමූන් එකකට. (විවාහ වීමට පෙර ලිංගික එක්වීමකට) කලින් සවුන්ඩ්ස් විතරක් තිබ්බ දේ අපි විශුවලි නරඹන්න පටන් ගන්නවා. ඒත් පොලීසියෙන් කඩා පනිනවා අහම්ඹෙන්. අපේ ත්‍රිල් එක බිඳෙනවා. අපිට ටක් ගාලා අපේ අවුල මතක් වෙනවා. ඒත් එක්කම කපල් එක ගැන අනුකම්පාවෙන් බැලෙනවා. ඊට පස්සේ සංස්කෘතික කාරණා අනම් මනම් හිතෙනවා.

ආසියාතික රටවල් වල තියන (විශේෂයෙන් ඉන්දියාව, ලංකාව වගේ) ලොකුම අවුල්ක් තමයි රූම් එකට යන කපල් එක ගැන හැදෙන ඉමේජ් එක. කෙල්ල වල් වෙනවා. නැත්නම් කෙල්ල පව් කියල කියනවා. ප්‍රේමයක උපරිමස්ථානය ලිංගිකත්වය වෙන්න පුළුවන්. රූම් එකට යන කපල් එකක් යන්නේ ප්‍රේමයේ උපරිමස්ථානයක් නැත්නම් ලව් ක්ලයිමැක්ස් එක්ක් හොයාගෙන. ඒක සංතෘෂ්ටියක්. ලව් ක්ලයිමැක්ස් එකකට යන කපල් එකක් දැක්කම අනුකම්පා වෙන්නේ අපේ ජෙලර්ස් එකකට. නැතුව උන් දෙන්නා ගැන ඇත්ත අනුකම්පාවකට නෙවෙයි. උන් දෙන්නා ගැන අපි අනුකම්පා වෙන්න ඕනි නෑ. හිට්ටොත් ළමයෙක් වගේ අවිඥාණික ආශාවකින් තමයි මිනිස්සු අනුකම්පා කරන්නේ. කපල් එක පරමත්වයක් හොයන්න බලද්දී, එළියෙ උන් ස්වයං වින්දනය කරනවා ඇතුළ මතක් කර කර. ලිංගික තහන්චියේ අවිය සංස්කෘතිය උනාට ඒක ක්‍රියාත්මක වෙන්නේ හැම තැනම නිළ ඇඳුම ඇඳගත් පුද්ගල පිරිසක් උඩින්. (නිළඇඳුමැත්තන් ලෙස පොලීසිය, හමුදාව හා පූජකයන් ගත හැක) ඔවුන්ගේ ඒ අවිය එල්ල කරන්නේ බලය පිළිබඳ නශ්ඨ කාමය තුළ හිරවෙලා. නීතිය හා ආගම විසින් කරන්නේ පුද්ගල ආශාවන් බ්ලැක්මේල් කරන එක. මසාන් සියුම්ව ඉන්දියානු සමාජය ඒ පිළිබඳව ආමන්ත්‍රනය කරනවා.

අනික් එක තමයි තරුණියට වඩා ඒ සිටුවේශන් එක දරා ගන්න බැරි වෙන්නේ තරුණයට. ඔහුට, පියාට/සමාජයට මුහුණ දීමේ අවුලක් එනවා. ඔහු නැති කරගන්නේ සූසයිඩ් කරගන්නේ සම්මතයේ පිරිමි අනන්‍යතාව. තරුණිය(Devi Pathak) යම් ස්ටැබිලයිශින් මූඩ් එකකින් ඉන්නේ. ශොක් එක වෙන්න පුලුවන්. ඒත් ඒ තුළින් දරාගැනීමට පුළුවන් ආසියාතික ගැහැණිය හමු වෙනවා. ඉස්සරහටත් දේවි පතක් ඒ රළු ගැහැණිය විදියටත් සහ ඉදිරියේ එන අනෙක් තරුණිය (ශාලු ගුප්තා) සියුම් සුකමාල ගැහැණියක් ලෙසත් මසාන් තුළ ඩිවලොප්මෙන්ට් වෙලා තියනවා. ගැහැණිය සිටිය හැකි ස්වභාවයන්, චරිත දෙකක් තුළට පැක් කරන්න තිරරචක 'වරුන් ග්‍රොවර්' සහ අධ්‍යක්ෂක නීරාජ් සමත් වෙනවා.

පියා සහ දියණිය අතර අවියෝජනීය සම්බන්ධතාව සුවිශේෂියි. සමාන්‍ය ආසියාතික පියා හැමවිටම අධිපති ස්ථානයක ඉන්න ට්‍රයි කරනවා. දුව පියාගේ අවිඥාණික ලිංගික හැඟවුම්කාරකය ලෙස. ඒත් දුව වෙන මිනිහෙක්ට අයිතිවීම, වෙන කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම ඔවුන්ව අර්බුධයකට යවනවා. විද්‍යාර් පතක් (දේවිගේ පියා) දුව වෙනුවෙන් පෙනී සිටින්නේ ආසියා-යූරෝපීය පියෙක් ලෙස. ඔහු ඇය කරපු වැරැද්ද(?) පිළිබඳව දෙගිඩියාවට වඩා දුව දැන් වැටෙන්න යන අපහසුතාවයෙන් ගලවන්න ට්‍රයි කරනවා. ඒ වෙනස ඇත්තටම ආසියාතික සමාජයට විසරණය වෙනවනම් වටිනවා.

මගේ ඇතුළටම කිඳා බහින කැරැක්ටර් එක එන්නේ ඒ අතර. ශාලු ගුප්තා. මගේ පැරණි මිතුරියක් හිටියා ඇය වගේ. මට ෆිල්ම් එක පෞද්ගලික වෙන්න ගන්නවා ඊට පස්සේ. ශාලු ඇතුළේ පේන්නේ ඇයව. ඒ ඇස්, කතා කරන විදිය, passion , styles ඔක්කෝම කළඹනවා මාව. සමහර නිර්මාණ අපිව වේදනාවට පත්කරන්නේ ඒ තුළින් අපිව මීට් වෙන්න ගත්තම. දීපක් චෞන්දාරී සහ ශාලුගේ ප්‍රේමය දලුලාන විදිය හරිම මොඩර්න්. ෆේස්බුක් වගේ සිම්බල්ස් තුල සිම්බලයිස් නොවුනු මූඩ් එකක් අපිට ෆිල්ම් එකෙන් එනවා. ඔහු උඩ යවන බැලූන් එකට ඇයත් ඇයගේ බැලූන් එක ප්‍රතිචාරයක් ලෙස උඩ යවනවා. කානිවල් එකේ ලයිට් අතරින් ඒ බැලූන්ස් දෙක විතරක් උඩ පාවෙනවා. මුලු කානිවල් එකේම පාවෙනම නැත්නම් සුන්දරම ෆීලින්ග්ස් දෙක තියෙන්නේ ඒ දෙනනට. මෙන්න මේ සීන් එක තමයි මම මේ තාක් ෆිල්ම් එකක දැකපු ලස්සනම, ක්‍රියේටිව් සහ සිනමැටික්ම කැමත්ත අහන විදිය. සහ එයට හා කියන විදිය. මං හිතන්නේ සාහිත්‍යයට බැරි සිනමාවට කරන්න පුළුවන් මෙන්න මේ දේ.

'මසාන්' කියන නමේ තේරුම ආදාහනාගාරය. දීපක් ඉංජිනේරු සිසුවෙක් වගේම ගංඟානම් ගඟ අසබඬ මළ සිරුරු පුච්චන එක පරම්පරා රැකියාව ලෙස කරනවා. ගංඟානම් ගඟ ඉංදියානු සමාජෙට ප්‍රබල බලපෑමක් කරනවා. ෆිල්ම් එකේ ගොඩක් සිදුවීම් සිම්බල් එකක් විදියට ගඟ බේස් වෙලා සිදුවෙනවා. අනික මසාන් ප්ලොට් දෙකක් පැරලල් යන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ ප්ලොට් කම්බයින් වෙන්නේ ගංඟානම් ගඟ හරහා.

දැන් වට්ටෝරු ප්‍රේම කතන්දරේ ෆිල්ම් එකට එනවා. කුල ප්‍රශ්නේ. සුපුරුදු විසඳුමත් දෙනවා. ආදරය තුළ මිනිස්සු ලැබෙන දේවල් ගැන හිතන්නේ නෑ. ඒත් ආදර කරන්න දේවල් ලබා ගන්න වෙන කොට ඔවුන්ට ඒවට තරඟ කරන්න වෙනවා. දීපක් අහිමි සමාජ පසුබිම හදා ගන්න බලනවා. ශාලු වෙනුවෙන්. ඒත් එක්තරා රාත්‍රියක ඔහුට ඇයව හමුවෙනවා. මළ සිරුරක් ලෙස. හැම හමුවීමක්ම, හැම සම්බන්ධතාවයක්ම පැවතුනා නම් අද අපිට කතා කරන ගොඩක් දේවල් අඩු වේවි. ජීවිතේ ඒ ඒ කාල වල දී වෙන වෙන් වීම්, අකල් මරණ තාවකාලික වේදනාවක් එක්ක සදාකාලික ආරම්මණයක් ගේනවා. ශාලුගේ මරණයත් එක්කම වගේ ෆිල්ම් එක මගෙන් ඈතට යන්න ගන්නවා. ඒශාලුගේ මරණෙ නිසාම නෙවෙයි. ඉන් පස්සේ ෆිල්ම් එක ඕලාරික බොලිවුඩ් ෆිල්ම් එකක් වගේ වෙනවා. ඊට පස්සේ වෙන සිදුවීම් සියල්ල හරිම පැතලි දේවල්. ශාලුගේ මුද්ද ගඟට විසික් කරන දීපක් ආයේ ඔහුගේ ජීවිතේ හොයා ගන්න ට්‍රයි කරනවා. ඔහුගේ වේදනා බර මතකයේ භෞතික ද්‍රව්‍යය ගඟ පතුලේ සඟවා ඔහු නිදහස් වෙන්න බලනවා. ඒ වේදනාබර මතක භෞතිකය දේවි වෙනුවෙන් පිහිට වෙනවා. සමහර මිනිසුන්ගේ වේදනාවන් තවත් සමහර මිනිසුන්ගේ සුඛය ට හේතු වෙනවා.

ඕලාරික වෙලා ගිය ෆිල්ම් එක ආයේ උඩට එන්නේ දේවි පියුශ්ගේ ගෙදර යන සීන් එකෙන්. ඒ සිටුවේශන් එක ලස්සනට බිල්ඩ් වෙනවා. පරණ ගරා වැටුණු බිත්ති සහිත නිවස ඇතුළෙන් ඇහෙන්නේ ඩයලොග්ස් ටික විතරයි. අපිට විශුවල්ස් මැවෙන්නේ මේ පේන නිවස එක්ක. මම මුලින් කී බේස් එක මත ගොඩ නැඟුණු (දුර්වල සමහර බිත්ති එක්ක) ෆිල්ම් එකේ වහල මට මේ සීන් එක. 

මසාන් සවුන්ඩ් ඩිසයින් එක අතින් ගොඩක් ඉදිරියෙන් තියන ෆිල්ම් එකක්. ෆිල්ම් එකක සවුන්ඩ්ස් සහ විශුවල්ස් කරට කර තියෙන්න ඕනි. මසාන් ඒ අතින් ගොඩක් ඉදිරියෙන්. සවුන්ඩ්ස් එක්ක වෙන ෆිල්ම් එකක් පේනවා. 

මට සාපේශව ෆිල්ම් එකක් ලෙස ගොඩ නැඟුනු නිවසේ තීන්ත ආලේප කරන්නේ අවසාන සීන් එකෙන්. පරාජයන්, අහිමිවීම් කොච්චර තිබ්බත් තවත් අලුත් බලාපොරොත්තුවකින් ජීවිතේ දිහා බලන්න අපිට මතක් කරවලා අපිව ඈත ට එක්කගෙන යනවා. ශාලුගෙ සහ පියුශ්ගේ අළු පාවී ගිය මේ ගඟේම නන්නාඳුනන දේව් සහ දීපක් ඈත පහන් තරුවක් හොයාගෙන ගමන් කරනවා. 

ජීවිතේ කියන්නේ සංඝටක පහක එකතුවක් පමණක්ද...?

-තරිඳු ජයරත්න

No comments:

Post a Comment