Sunday, December 31, 2017

The Pursuit of Happyness - 2006


2017 කියන අවුරුද්ද ඉවරයි. ඒ කියන්නේ දවස් 365 ක පැකේජ් එකක් ඉවර වුනේ. දැන් තව දවස් 365ක පැකේජ් එකක් එන්න තියනවා. නම 2018. තත්පර මිලියන 31 ක්. ජීවිතය කියන්නේ 2018 කරන්න ඉන්න ටික හරි 2017 කරන්න බැරි වුණු ටික නෙවේ. මේ මොහොතෙ ගත කරනා කාලය. මේ දැන් තමන්ට ඕනී දේ කරගෙන ඉන්න පුලුවන්නම් ඒක තමා ජීවිතය වෙන්නේ. සතුට වෙනුවෙන් හෙට වෙනකම් බලන් ඉන්න එක නෙවේ. හෙට කියල දෙයක් නැති නිසා දැන් ලියිෆ් එකට ඕපන් වෙන්න. කරන්න ඕනී දේ දැන් කරන්න.

පර්සුයිට් ඔෆ් හැපිනස් (The Pursuit of happyness - 2006) ඉතාලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වන Gabrile Muccino ගේ ෆිල්ම් එකක්.

"සතුට ලුහුබැඳීම"

හෙට සතුටෙන් ඉන්න අද දුක අනුභව කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. සතුට ලුහුබඳිනව කියන්නේ ඒකට. ඒත් මේ මොහොත සතුටින් ගත කරන්න පුලුවන්නම් ඒක තමයි රහම කෑල්ල. හෙට සතුටෙන් ඉන්න අද දුක් විදින එකෙන් වෙන්නේ හැමදාම සතුට කල්දදා ඉන්න එක. ඒ නිසා සතුට ලුහුබඳින එක අත හැරින්න. මේ වෙලාවෙම සතුටින් ඉන්න.

"ටාගර්ට්ස් ඇචීව් කර ගැනීම"

ලයිෆ් කියන එක ගත්තම හරිම පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. අකල් මරණයක් නොවුනොත් ඒක අවුරුදු 70ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒකත් තමන්ගේ කොන්ට්‍රෝල් එකේ තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. (ඇත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ තමන්ගේ කොන්ට්‍රෝල් එකේ නෑ කවදාවත්) අපි උපකල්පනය කරොත් අවුරුදු 16 පස්සේ ඉතිරි ටික සුලු වශයෙන් හරි තමන්ගෙ කොන්ට්‍රෝල් එකේ තියනවා කියලා ඒ කාලේ තමයි වැඩ ටික කර ගන්න වෙන්නෙ. ඉතිං මේ චුට්ටි කාලේ සල්ලි හොයන්න මහන්සි වෙන්නේ අපි සතුට ලඟා කර ගන්න. සල්ලි වලින් සතුටට පාලමක් හදා ගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ටාගට්ස් තියා ගන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුට කියන එකක් නැති වෙලා යනවා. ඊට පස්සේ හරිම හිස් බවක් එක්ක ඉන්නේ; ඊට පස්සේ වෙන ටාගට් එකක් පස්සේ යැවෙනවා. ඊට පස්සේ සතුට තියෙන්නේ එතන කියල හිතෙනවා. ඇත්තටම එතනදි ආයේ වෙන්නේ අලුත් එකක්. ඉතිං අලුත් වෙන ටාගට්ස් එක්ක සතුට තව තව වේරීයේශන්ස් වලින් ඈතට යනවා. ඒත් ටාගට්ස් ඇචීව් කර ගන්න. ඒත් මේ මොහොතේ සතුටෙන් ඉන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුටෙන් ඉන්නේ නැතුව දැන්ම හිත නිදහස් කරගන්න. මේ සුන්දර නිදහස් බව අත් විඳින්න.

The Pursuit of Happyness ෆිල්ම් එක

‘Happyness’ ග්‍රැමටිකලි වැරදියි; හරි එක ‘Happiness’ කියලා ෆිල්ම් එක පටන් ගනිද්දිම ක්‍රිස් (වීල් ස්මිත්) කියනවා. ඒත් ෆිල්ම් එකේ නමත් මේ ස්පෙලින්ග්ස් වැරදි ‘The Pursuit of Happyness’. ඒ කියන්නේ සතුට ලුහුබඳින්න බෑ කියලද. නැත්නම් ලුහුබඳින තැන සතුටක් නෑ කියලද. කොහොම වුණත් ෆිල්ම් එකේ නමෙන් ගොඩක් දේවල් කිය වුණත් ෆිල්ම් එකේ වෙන්නේ සල්ලි හොයන්න මහන්සි වෙන සාම්ප්‍රධායික පුද්ගලයෙක්. පුරුදු විදියටම බැඳපු දවසේ ඉදන්ම වයිෆ්ගෙන් බැනුම් අහ අහා තාමත් තමන්ගේ ඉලක්කයට දත කාගෙන යන පොරක්. ඔහු දැනට කීයක් හරි හොයා ගන්නේ ස්කෑන් මැශීන් එකක් විකුණලා. ඔහුගේ ඒ ස්කෑනර් එකට නොවෙන දෙයක් නෑ. කැඩෙනවා. හොරු ගන්නවා. තමන්ගෙ අතින්ම මිස් වෙනවා. ඒත් ඔහු ඒ අවසාන ස්කෑනර් එක විකුණනකම්ම ඉන්නවා. කොහොම හරි අවසාන එක විකුණනවා.

Pursuit- අත්නොහරින ඉලක්කය

ඔහුට බ්‍රෝකර් කෙනෙක් විදියට ජොබ් එකකට කතා කරනවා. (කතා කරව ගන්නවා) හැබැයි ඉන්ටර්න්ශිප් මාස හයක්. සැලරි නැති. ඔහු ඒ මාස හය අල්ලන් ඉන්නවා. දවසක සල්ලිකාර පොරක් වෙන්න මේ මාස හය අල්ලන් ඉන්නවා. අන්තිමට ඔහු ඒ බ්‍රොකරේජ් ෆර්ම් එකේ බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩට ගන්න තැනින් ෆිල්ම් එක ඉවර වෙනවා.

ෆිල්ම් එකේ ගේන මතුපිට කෑල්ලට වඩා මම හිතන්නේ වැදගත් වෙන්නේ ඔහු ඒ ටාගට් එක ඇචීව් වුණාට පස්සේ ජීවත් වෙන විදිය. ඔහු තමන්ටම ෆර්ම් එකක් දාගෙන ඒක පස්සේ කාලෙක මිලියන ගාණකට විකුණනව කියල සඳහන් වෙනවා. මේක ටෲ ස්ටෝරි එකකින් හදන ෆිල්ම් එකක්. මොටිවේශනල් ෆිල්ම් එකක් විදියට ගන්නත් පුලුවන්. 

සතුට ලුහුබඳින එක නවත්තන තැන සතුට තියනවා කියල දැන් මම විශ්වාස කරන්නේ. මිනිහෙක් වුණාම ටාගට්ස් ඇචීව් කර ගන්න ඕනි. ඒත් හෙට සතුට වෙනුවෙන් අද දුකෙන් ඉන්නෙ නැතුව මේ මොහොත සුන්දරව ගත් කරන්න. හෙට නැත්නම් ඊයෙ වෙනුවෙන් නැතුව මේ මොහොත හරියට ඉන්න. ලුහුබඳින්නේ නැති වුණාම අපිට ළඟා කර ගන්න දෙයක් නෑ. එතකොට, මේ දේ කරන්න ඕනි කියන බර ඔලුවට නෑ. බරක් නැති තැන හරිම සැහැල්ලුයි. ඒ සැහැල්ලුවම සතුටක්.

- තරිඳු ජයරත්න

Monday, December 4, 2017

Like Someone In Love - 2012


කාලෙකින් මේ ලියන්න පටන් ගන්නේ. වැඩ වැඩි නිසාම මඟ හැරුනු ලියවිල්ලකට වඩා ලියන්න මූඩ් එකක් තිබ්බේ නෑ. හරිම ස්ට්‍රක්චර්ඩ් ලයිෆ් එකක් අරං යන දවස් ටිකක් මේ. ඉතිං ස්‍ට්‍රක්චර් එක ඇතුලේ ආයේ ලියන්න වෙලාවක් ෆික්ස් කර ගන්න එක හරිම කම්මැලි වැඩක්.

තිබ්බ අවුල් වෙදර් එකත් එක්ක ලෝන්ග් වීකෙන්ඩ් එක එහෙම් පිටිම්ම අවුල් ගියා. ඇදට වෙලා ගෙවුනු වෙලාව වැඩි වුනා. මේ කම්මැලිකම අස්සේ ඩවුන්ලෝඩ් කරගෙන කාලයක් වුණු හැමදාමත් බලන එක පස්සට ගිය කියරොස්තාමිගේ 'Like Someone In Love - 2012’ බැලුවා. කාලයක්ම හාර්ඩ් එකේ තිබ්බත් බලන්න බැරි වුණු එකට හිතට බැන බැන තමයි බැලුවේ.

කියරොස්තාමිගේ අවසාන ෆීචර්ස් ටික කියරොස්තාමියානු ෆ්‍රේම් එකෙන් ගලවලා වෙන තැනක ප්ලේ වෙච්ච ඒවා. විශේෂයෙන් 'සෙටිෆයිඩ් කොපි' (Certified Copy - 2010) සහ 'ලයික් සම්වන් ඉන් ලව්' (Like Someone In Love - 2012) මුනිවර ප්‍රේම කතා විදියට ගේනව. ඕශෝගේ වගේ නිවිච්ච ගතියක් ඒ සෙලෝලොයිඩ්ස් අස්සේ ගමන් කරනවා. ජීවිතේ පරිනත වෙලා මඟහැරුණු ප්‍රේම සම්බන්ධතා ගැනත් පරිනත කාලෙදි හම්බවෙන ප්‍රේම සම්බන්ධතාත් කියරොස්තාමිට ගැටගැහෙනවා ඇත්තේ මෙහෙම වෙන්න ඇති. අනික ඒ ෆිල්ම් දෙකම කරන්නේ ඉරානයේ නෙවෙයි. වෙනම රටවල් දෙකක. නුහුරු මිනිසුත් එක්ක. ඒකම වෙන්න ඇති වඩාත් පැරණි දේශපාලනික කෘතිවලට නොයා කියරොස්තාමි ඕනෑම මනුෂ්‍ය කොට්ටාශයකට වඩාත් සමීප ප්‍රේමය වගේ දෙයක් ගන්නේ. ඉතාලියේදි ජුලියට් බිනොචෙයි (Juliette Binoche), විලියම් ශිමෙලුයි (William Shimell) යූස් කරල සෙටිෆයිඩ් කොපි කරද්දී ජපානෙදී රින් ටකනාශියි (Rin Takanashi), ටඩාශි ඔකුනෝයි (Tadashi Okuno) යූස් කරලා සම්වන් ඉන් ලව් කරන්නේ මේ කිසිම ජාතියක් ඇතුලේ ප්‍රේමය මඟ නොහැරෙන නිසාම ඒ අස්සේ වැඩේ ප්ලේ කරගන්න පුලුවන් බව කියරොස්තාමි හොදටම දන්න නිසා..(?)! කොහොම උනත් කියරොස්තාමි ප්‍රේමණීය හැඟීම වියලි රසයක් විදියට ගේන්න සමත් වෙනවා. වියලි වුණත් ඒක රසයක්.

මුනිවර ප්‍රේමය කියල මං මේ ඉන්ටර්ප්‍රිට් කරන්න හදන්නේ ජීවිතය ගැන තියන පරිනතකමත් එක්ක ජීවිතය දකින මිනිස්සු ප්‍රේම කරන විදියට. ඒක හරිම ගැඹුරුයි. ගොඩක් වෙලාවට අයිති කරගන්නේ නැතුව තමයි ප්‍රේම කරන්නේ. ප්‍රේමයේ ප්‍රධානම එකක් වෙන්නේ අයිති කර ගැනීම. ඒ කෑල්ල අයින් කරගත්ත ප්‍රේමයක් කියන්නේ ප්‍රේමයට වඩා එහා යන එකක්. ඉතිං මේ අයිතියක් නොකියන හැඟීම වෙනුවෙන් සමහර මිනිස්සු ගොඩක් දේවල් කැපකරනවා. 'ලයික් සම්වන් ඉන් ලව්' කියන්නේ එහෙම මිනිහෙක්ගෙ කතාවක්.

ෆිල්ම් එකේ දේශපාලනික ලේයර්ස් ගොඩකට යන්න පුලුවන්. ඒත් මං කැමති මේ වියලි ලවු එක අස්සේ ජීවත් වෙන්න. පැණි බේරෙන එකට වඩා මේ වියලි කමට මං ආසයි. වයසක මනුෂ්‍යයෙක් සල්ලී දීලා තරුණියක්ව ගන්නවා. ඔහු ඇයව අරං තියෙන්නේ සෙක්ස් වලටම නෙවේ. ලඟින් තියා ගන්න; අතින්වත් නොඅල්ලා බලං ඉන්න; නිදහසේ කතා කරන්න; කතා කියන්න; තමන්ට මඟ හැරුණු තැන් වලට ආයේ යන්න, වගේ දේවල් වලට. හැබැයි ඇයට ඒක එහෙම නෙවේ. ඇයට ඩීල් එකක්. ඇය ඩීල් එකට එන්නේ මාර ස්මූත් පාරක නෙවේ. ඇයට ප්‍රශ්න කන්දරාවක් තියනවා. නමුත් මේ වයසක ප්‍රොෆෙසර් ස්මූත්ලි ජීවත් වෙන්නේ. මේ අලුත් රිලේශන්ශිප් එක පටන් ගන්න ඔහු හදන්නේ මේ ස්මූත් එක තුලින්.

මේක බලාගෙන යද්දී හඳගමගේ 'ඇගේ ඇස අග' මතක් උණා. ඒකත් ටිකක් මේ වගේ. ඒ කාලේ හඳගමට තිබ්බ විවේචනයක් තමා ඇගේ ඇස අග කොපි එකක් කියලා. ඒත් ආර්ට් අස්සේ කොපි කරන්න බෑ. ඉන්ස්පයර් වෙන්න විතරයි පුලුවන්. එක ආර්ට් පීස් එකක් දිහා බලාගෙන ඒ ටයිම් ඇන්ඩ් ස්පේස්වලට ඒවගේම කැරැක්ටර්ස් දාලා කරත් ඒක වෙනම නිර්මාණයක්. මුල් එක නෙවේ. ආර්ට් පීස් දෙකක්.

මේ ‍ෆිල්ම් එකේ පරිනත ප්‍රේමවන්තයා වගේ කියරොස්තාමිගේ සිනමා භාවිතය හරිම පරිනතයි. ක්‍රාෆ්ට් එක හරිම නීට්. සවුන්ඩ්ස්, එඩිටින් වගේම සිනමැටොග්‍රැ‍ෆි ගොඩක් ඉහල තැනක තියනවා. හරිම නිදහසේ ඩිරෙක්ට් කරල තියනවා කියල දැනෙනවා.

මතුපිට මුනිවර ප්‍රේමවන්තයෙක් ඉදිද්දී ඇතුලින් හම්බවෙනවා ට්‍රැඩිශනල් (බහුතරයක්) ප්‍රේමවන්තයා. මුනිවර ප්‍රේමය මාර වෙන්නේ මේ ට්‍රැඩිශනල් එක තියන නිසා. ට්‍රැඩිශනල් එක ඇතුලේ නිදහස දීම වෙනුවට හැමතිස්සෙම වෙන්නේ අල්ල ගැනීමක්. ඉතිං මේ අල්ල ගැනීම මාර වේදනාවක්. දෙපැත්තටම. ප්‍රේමය එහෙමයි කියල කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්. කෙනෙක්ට කියන්න පුලුවන් ලිංගික ශ්‍රමිකාවක් ලෙස දැනුනම පෙම්වතාට ඒක දරා ගන්න බැරි බව. ඒත් ලිංගික ශ්‍රමිකාව රැකියාවක් මිසක් එතන සෙක්ස් කරන හැමෝම එක්ක ප්‍රේමයෙන් වෙලීමක් වෙන්නේ නෑ. එතන ප්‍රේමයට වඩා ගොඩක් පුංචි දෙයක් වෙන්නේ.

පහුගිය කාලේ ලංකාවේ ඊනියා ජනමාධ්‍ය හරහා කතාවුණු ලිංගික ශ්‍රමිකාවක් ගැන හරි අපූරු කතාවක් තියනවා. ; ඇයගේ බිස්නස් එක කරන්න වෙන්නේ මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නේ නැතුව. පාරේ ඉදන් නැත්නම් වෙන වෙන කනෙක්ශන් හරහා තමයි ඇය තම රැකියාව කරන්නේ. ඇයගෙන් ඇහුවම 'ඇයි ෆෝන් එකක් යූස් කරන්නේ නැත්තේ?' කියලා ඇය කියන්නේ, 'මගේ හස්බන් කැමති නෑ මම ෆෝන් එකක් පාවිච්චි කරනවට. එතකොට එයා හිතනවා මං වෙන මිනිස්සු එක්ක මල් කඩාවි කියලා.' ඇයගේ ප්‍රකාශය ඒ වගේ එකක්. ඔහුගේ බලාපොරොත්තුව ඇය කාත් එක්කවත් ප්‍රේමයෙන් නොවෙලී රැකියාව කරන එක. ඒක මාර දියුණු තත්වයක්; සමහර පශ්චාත් නූතන රැඩිකල් වාදීන්ට වඩා. 

සම්වන් ඉන් ලව් වල ඒ තත්වයට වඩා වෙනස් වෙන්නේ ප්‍රේමවන්තයා කලහකාරීයි. ඉතිං තරුණිය නිකම්ම අර මුනිවර ප්‍රේමයට ළං වෙනවා. ඒත් හදිස්සියේම ඒ මුනිවර ප්‍රේමයට මරු පහරක් වදිනවා අවකාශය තුළ. සැබෑ ප්‍රේමයක් කවදාවත් හමු නොවී වෙන වෙනම පවතීවි. ඒකට වයස, කාලය වගේ දේවල් තවදුර වලංගු නෑ කියල අපිටම දැනෙන කාලෙක 'ලයික් සම්වන් ඉන් ලව්' අපිට හමුවේවි. මේ ඒ සිනමා ප්‍රේමය වෙනුවෙන් පුංචි කොමාවක්. තාවකාලික නැවතුමක්.

දැන් වෙලාව රෑ 11 ට කිට්ටුයි. බිම නොපෑගෙන මිදුල් තියන අපාර්ට්මන්ට්ස් අස්සෙන් පේන ඉන්දියන් සාගරයෙන් එන කරදිය රහ සීතල හුළං වැදි වැදි මරීන් ඩ්‍රයිව් එක කෙලවරේ බිමක් නොපෑගෙන බැල්කනි එකකට වෙලා නිකොටීන් මිශ්‍ර ඩන්හිල් දුම පෙනහලු වලට ඇද ගන්න ගමන් අමරසිරි පීරිස්ගේ කටහඬ හදවතට ඇහෙනවා; 
මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ හීනෙන්වත් නොදකින කුමරා.....

-තරිඳු ජයරත්න