Sunday, December 31, 2017

The Pursuit of Happyness - 2006


2017 කියන අවුරුද්ද ඉවරයි. ඒ කියන්නේ දවස් 365 ක පැකේජ් එකක් ඉවර වුනේ. දැන් තව දවස් 365ක පැකේජ් එකක් එන්න තියනවා. නම 2018. තත්පර මිලියන 31 ක්. ජීවිතය කියන්නේ 2018 කරන්න ඉන්න ටික හරි 2017 කරන්න බැරි වුණු ටික නෙවේ. මේ මොහොතෙ ගත කරනා කාලය. මේ දැන් තමන්ට ඕනී දේ කරගෙන ඉන්න පුලුවන්නම් ඒක තමා ජීවිතය වෙන්නේ. සතුට වෙනුවෙන් හෙට වෙනකම් බලන් ඉන්න එක නෙවේ. හෙට කියල දෙයක් නැති නිසා දැන් ලියිෆ් එකට ඕපන් වෙන්න. කරන්න ඕනී දේ දැන් කරන්න.

පර්සුයිට් ඔෆ් හැපිනස් (The Pursuit of happyness - 2006) ඉතාලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වන Gabrile Muccino ගේ ෆිල්ම් එකක්.

"සතුට ලුහුබැඳීම"

හෙට සතුටෙන් ඉන්න අද දුක අනුභව කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. සතුට ලුහුබඳිනව කියන්නේ ඒකට. ඒත් මේ මොහොත සතුටින් ගත කරන්න පුලුවන්නම් ඒක තමයි රහම කෑල්ල. හෙට සතුටෙන් ඉන්න අද දුක් විදින එකෙන් වෙන්නේ හැමදාම සතුට කල්දදා ඉන්න එක. ඒ නිසා සතුට ලුහුබඳින එක අත හැරින්න. මේ වෙලාවෙම සතුටින් ඉන්න.

"ටාගර්ට්ස් ඇචීව් කර ගැනීම"

ලයිෆ් කියන එක ගත්තම හරිම පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. අකල් මරණයක් නොවුනොත් ඒක අවුරුදු 70ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒකත් තමන්ගේ කොන්ට්‍රෝල් එකේ තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. (ඇත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ තමන්ගේ කොන්ට්‍රෝල් එකේ නෑ කවදාවත්) අපි උපකල්පනය කරොත් අවුරුදු 16 පස්සේ ඉතිරි ටික සුලු වශයෙන් හරි තමන්ගෙ කොන්ට්‍රෝල් එකේ තියනවා කියලා ඒ කාලේ තමයි වැඩ ටික කර ගන්න වෙන්නෙ. ඉතිං මේ චුට්ටි කාලේ සල්ලි හොයන්න මහන්සි වෙන්නේ අපි සතුට ලඟා කර ගන්න. සල්ලි වලින් සතුටට පාලමක් හදා ගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ටාගට්ස් තියා ගන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුට කියන එකක් නැති වෙලා යනවා. ඊට පස්සේ හරිම හිස් බවක් එක්ක ඉන්නේ; ඊට පස්සේ වෙන ටාගට් එකක් පස්සේ යැවෙනවා. ඊට පස්සේ සතුට තියෙන්නේ එතන කියල හිතෙනවා. ඇත්තටම එතනදි ආයේ වෙන්නේ අලුත් එකක්. ඉතිං අලුත් වෙන ටාගට්ස් එක්ක සතුට තව තව වේරීයේශන්ස් වලින් ඈතට යනවා. ඒත් ටාගට්ස් ඇචීව් කර ගන්න. ඒත් මේ මොහොතේ සතුටෙන් ඉන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුටෙන් ඉන්නේ නැතුව දැන්ම හිත නිදහස් කරගන්න. මේ සුන්දර නිදහස් බව අත් විඳින්න.

The Pursuit of Happyness ෆිල්ම් එක

‘Happyness’ ග්‍රැමටිකලි වැරදියි; හරි එක ‘Happiness’ කියලා ෆිල්ම් එක පටන් ගනිද්දිම ක්‍රිස් (වීල් ස්මිත්) කියනවා. ඒත් ෆිල්ම් එකේ නමත් මේ ස්පෙලින්ග්ස් වැරදි ‘The Pursuit of Happyness’. ඒ කියන්නේ සතුට ලුහුබඳින්න බෑ කියලද. නැත්නම් ලුහුබඳින තැන සතුටක් නෑ කියලද. කොහොම වුණත් ෆිල්ම් එකේ නමෙන් ගොඩක් දේවල් කිය වුණත් ෆිල්ම් එකේ වෙන්නේ සල්ලි හොයන්න මහන්සි වෙන සාම්ප්‍රධායික පුද්ගලයෙක්. පුරුදු විදියටම බැඳපු දවසේ ඉදන්ම වයිෆ්ගෙන් බැනුම් අහ අහා තාමත් තමන්ගේ ඉලක්කයට දත කාගෙන යන පොරක්. ඔහු දැනට කීයක් හරි හොයා ගන්නේ ස්කෑන් මැශීන් එකක් විකුණලා. ඔහුගේ ඒ ස්කෑනර් එකට නොවෙන දෙයක් නෑ. කැඩෙනවා. හොරු ගන්නවා. තමන්ගෙ අතින්ම මිස් වෙනවා. ඒත් ඔහු ඒ අවසාන ස්කෑනර් එක විකුණනකම්ම ඉන්නවා. කොහොම හරි අවසාන එක විකුණනවා.

Pursuit- අත්නොහරින ඉලක්කය

ඔහුට බ්‍රෝකර් කෙනෙක් විදියට ජොබ් එකකට කතා කරනවා. (කතා කරව ගන්නවා) හැබැයි ඉන්ටර්න්ශිප් මාස හයක්. සැලරි නැති. ඔහු ඒ මාස හය අල්ලන් ඉන්නවා. දවසක සල්ලිකාර පොරක් වෙන්න මේ මාස හය අල්ලන් ඉන්නවා. අන්තිමට ඔහු ඒ බ්‍රොකරේජ් ෆර්ම් එකේ බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩට ගන්න තැනින් ෆිල්ම් එක ඉවර වෙනවා.

ෆිල්ම් එකේ ගේන මතුපිට කෑල්ලට වඩා මම හිතන්නේ වැදගත් වෙන්නේ ඔහු ඒ ටාගට් එක ඇචීව් වුණාට පස්සේ ජීවත් වෙන විදිය. ඔහු තමන්ටම ෆර්ම් එකක් දාගෙන ඒක පස්සේ කාලෙක මිලියන ගාණකට විකුණනව කියල සඳහන් වෙනවා. මේක ටෲ ස්ටෝරි එකකින් හදන ෆිල්ම් එකක්. මොටිවේශනල් ෆිල්ම් එකක් විදියට ගන්නත් පුලුවන්. 

සතුට ලුහුබඳින එක නවත්තන තැන සතුට තියනවා කියල දැන් මම විශ්වාස කරන්නේ. මිනිහෙක් වුණාම ටාගට්ස් ඇචීව් කර ගන්න ඕනි. ඒත් හෙට සතුට වෙනුවෙන් අද දුකෙන් ඉන්නෙ නැතුව මේ මොහොත සුන්දරව ගත් කරන්න. හෙට නැත්නම් ඊයෙ වෙනුවෙන් නැතුව මේ මොහොත හරියට ඉන්න. ලුහුබඳින්නේ නැති වුණාම අපිට ළඟා කර ගන්න දෙයක් නෑ. එතකොට, මේ දේ කරන්න ඕනි කියන බර ඔලුවට නෑ. බරක් නැති තැන හරිම සැහැල්ලුයි. ඒ සැහැල්ලුවම සතුටක්.

- තරිඳු ජයරත්න

1 comment:

  1. Ela machn...Film eka බලන්න තාම අවස්ථාවක් ලැබුණේ නෑ...ඉක්මණින්ම බැලිය යුතුයි කියල හිතෙනව දැන්නම්....

    ReplyDelete