Saturday, December 29, 2018

Manmarziyaan - 2018


ආදරය ගැන තියන ලොකු ලොකු නිර්වචන අස්සේ මං කැමතිම එකක් තියනවා ඕසෝගේ. 
"ඔබ මලකට ආදරේ නම් ඒක කඩන්න එපා. 
මලක් කැඩුවම මල ඉක්මනට පරවෙනවා. 
මලට මලක් විදියටම තියෙන්න හරින්න." 
-ඕසෝ 

ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මැරීගෙන ලව් කරත් ඒක කෙනෙක්ට දැනෙන්නේ නැතිව තියෙනවා. සමහර වෙලාවට ඇස් දෙක දිහා බැලුවත් ඇති; ලව් එක මාර තැනකට වදිනවා. මේ කෙමෙස්ට්‍රි එක හරිම අමුතු ලස්සන දෙයක්. ඒක වෙන්න ඇති ලෝකේ බිහිවෙන ගොඩක් නිර්මාණ ආදරය බේස් වෙල බිහිවෙන්නෙ. ආදරය රොමෑන්ටටයිස් වෙනවට මං හරිම කැමතියි. බියර් එකක් එක්ක කෙනෙක් ප්‍රේමයේ බුබුලු ගනිද්දි මම ගොඩක් වෙලාවට සපෝර්ට් කරනවා. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. පොඩි මෙඩිටේශිනියානු අත්දැකීමක්. හැබැයි ඒ අතරේ ඇසිඩ් පාරවලුත් ඉදල හිටල හුවමාරු වෙච්ච තැන් හම්බෙලා තියනවා. 

කාලයක් තිස්සේ තියන ලව් එකක් දිහා බලද්දි පොඩි බෝරිං ගතියකුත් එක්ක විශ්වාසය පිළිබඳ හැඟීමක් දැනෙනවා. දෙන්නා ගොඩක් වෙලාවට එක්කෙනෙක්. හැබැයි මේ දිග කාලයක් තිස්සේ පවතින සම්බන්ධතාවල දි ගොඩක් අයට සමහර සීමාවන් කඩා ගන්න අමාරුයි. කාලෙත් එක්ක ඒ සම්බන්ධතාවල නොගැලපීම් හම්බවුනත් ඔවුන් ඒ සම්බන්ධතාවන් වෙනුවෙන්ම බැඳී ඉන්න බලනවා. යුතුකමක් වශයෙන්. අලුත් අත්දැකීමක් වෙනුවට ඉපැරනි ප්‍රේමය ඇතුලටම ලොප් වෙනවා. විශ්වාසය වගේම ඔවුන් නිදහස අහුරගන්නවා. ඒ ප්‍රේමය වෙනුවෙන්. ඒත් අයිතිය කියන්නෙවත්, එක් වීම කියන්නෙවත් ප්‍රේමයම නෙවෙයි. 

ආදරය ගැන දිග ප්‍රෝලොග් එකක් මේ ලියවෙන්නෙ අලුත් ෆිල්ම් එකක් බැලුවා. තාම බලල ලොකු වෙලාවක් ගිහිනුත් නෑ. හැබැයි ෆිල්ම් එක මාව උස්සලා පොලොවෙ ගහන්න ගිහිල්ලා ආයෙ පුටුවෙ ඉන්දුවා. ෆිල්ම් එක අනුරග්ගෙ මන්මාර්සියන් - 2018. අනුරාග්ගේ අලුත්ම එක. අනුරාග් තමයි ඉන්දියන් ඉන්ඩස්ට්‍රි එකේ අමුතු පන්ච් වැඩ කරන්න හදන අයගෙන් ඉස්සරහින්ම ඉන්නේ. මන්මාර්සියන් ලියන්නේ කනිකා ධිලෝන්. ෆිල්ම් එක හිතන්නේ නැති ලෙවල් එකට වැඩ කරන්නේ අනුරාග්ගේ ට්‍රීට්මන්ට් එක නිසා. තුන්කොන් ආදර කතාවකට 'ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ' අවසානයක් අරං දෙන්න සහ ඒ අවසානය අවුල් නොකර අවසන් කරගන්න පුලුවන් වෙන්නෙත් අනුරාග් නිසා කියලයි මට හිතෙන්නෙ.

මේන් ස්ට්‍රීම් ‍ෆිල්ම් එකක මෙටෆර්ස් පාවිච්චි වෙන්න ගොඩක් වෙලාවට හරිම ව්‍යාකූල විදියට. බලෙන් දැම්මා වගේ. මිනිස් සිතක තියන ඩුඅලිටි එක පෙන්නන්න අනුරාග් පාවිච්චි කරනවා හරිම සාකෑස්ටික් මෙටෆර්ස් ‍ෆිල්ම් එක පුරාම. හැබැයි ඒක ඒ ‍ෆිල්ම් එකට සෙට් නොවී තියෙන්නේ නෑ. ඒ ට්‍රීට්මන්ට් එක අස්සේ ඒක ඕකේ. සිංදුවක් අස්සේ වගේ තැන්වලදි තමා අනුරාග් ඒක ප්ලේස් කරන්නේ. ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක් ඒක. හැබැයි මුලු ‍ෆිල්ම් එක පුරාම ඒ මෙටෆර් එක විවිධ ස්වරූපයෙන් එනවා. අනික බොම්බේ වෙල්වට් වගේ කරලා ටිකක් නාගෙන හිටපු අනුරාග් ආයේ ශේප් එකේ ටිකක් ගොඩ එනවා මන්මාර්සියන් එක්ක.

රුමි කියන්නේ සරලව හිතන ඉක්මනින් කේන්තියන කාලයක් තිස්සේ ලව් එකක් තියන කෙල්ලෙක්. විකී කියන්නේ රුමීගේ කොල්ලා. ඉතිං පුරුදු විදියට මේ දෙන්නා මැදට එනවා විලන් කෙනෙක්. හැබැයි මේ විලන් අර සාම්ප්‍රදායික විලන් නෙවේ. ඔහු ටිකක් වෙනස් විලන් කෙනෙක්. විලන්මද කියල හිතෙන තරමටම මෙයා හරිම නෝමල්. මෙයා විලන් වගේ ආවට අර නොමේරු ප්‍රේමයක ජීවත්වෙන ලයිෆ් එක්ස්පිරියන්ස් නැතිව ඉන්න රුමීට වෙන ලෝකයක් හම්බවෙනවා. වෙන ජීවිතයක් දැනෙන්න ගන්නවා. මෙයා නිසා.

සම්බන්ධතාවයක් මැදට කෙනෙක්ට ඇතුල් වෙන්න පුලුවන් වෙන්නේ ඒ බැඳීම අස්සේ පොඩි ඉඩක් තියන නිසා. පිරෙන්න යම් රික්තයක් තිබ්බ නිසා. මේ ‍ෆිල් කිරීම ගොඩක් වෙලාවට අනියම් බැඳීමක් විදියට අපේ එදිනෙදා ජීවිතවලදි හම්බවෙනවා. අනියම් හරි අසම්මත හරි නම් වලින් හැඳින්වුවත් ඒකත් ප්‍රේමයම තමා. අර හිස්බව පිරවෙන සුන්දර ඩ්‍රග් එකක්. කෙනෙක්ට පුලුවන් පරන දේවල් අයින් කරලා මේ ඩ්‍රග් එකත් එක්කම ඉන්න. ඒත් ගොඩක් වෙලාවට ගොඩක් අය මේක ඩ්‍රග් එකක් විදියටම යූස් කරල තාවකාලික සතුටකින් ආයෙ පරන පුස්කාපු බැඳීම අස්සටම යනවා. සංස්කෘතික බැඳීම් වගේ දේවල් ඒකට බලපාන්න පුලුවන්. ඒත් ජීවිතේ කියන්නේ ජීවිතේ. ඒක තමන්ගෙ. මත්වෙන්න ඕනි තමන්. ඒත් ඒ අයට අනුව හොදම දේ 'ඒ ප්‍රේමය ප්‍රේමයක් විදියට ඔන්න ඔහේ තිබුනාවේ' කියල ඒ දිහා ආදරනීයව බලල පරන ප්‍රේමීය කු‍ටුම්භයට යන එක. 

රුමීට පැටලෙනවා. ඩ්‍රග් එකයි ප්‍රේමයයි අතරේ ඇය අතරමං වෙනවා. ඩ්‍රග් එක එක්ස්පෙන්සිව් ඩ්‍රග් එකක්. ප්‍රේමය පැරනි මතක පිරුනු අතීතයක්. ඇයට අවසානේ ගන්නවෙනවා තීරනයක්.
"ඇයගේ ඇස් දෙක පියා ගත්තම මැවෙන්නේ කවුද කියන එක. ඒ මැවෙන කෙනා තමයි ඇයගේ ප්‍රේමය වෙන්නේ මින් මතුවට" 
රුමිගෙ රික්තය ‍ෆිල්වෙනවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි අපි දිහා හැරිලා බලන එක. අපි කොයිතරම් නම් ප්‍රේමනීය ඩ්‍රග්ස් මිස් කර ගන්න ඇද්ද. ජීවිතය හෙට කියල අද දවස කොච්චර කැප කරන්න ඇද්ද. මන්මාර්සියන් අපිව පොඩ්ඩක් කූද්දනවා ආයේ මේ ජීවිතය ගැන හිතන්න. ආදරය ගැන හිතන්න. ටාග්ර්ට්ස් ගැන හිතන්න. අපිට අපි ගැනම හිතන්න.

ජොනි ඩෙප් මෙහෙම කියනවා,
"ඔබ එකවිට දෙදෙනෙකු හා ප්‍රේමයෙන් වෙලේ නම්, දෙවෙනියව ‍තෝර ගන්න. මක්නිසාද යත් ඔබ පලමු කෙනාට සැබැවින්ම ආදරය කලා නම් දෙවැන්නෙක් හා ප්‍රේමයෙන් වෙලෙන්නෙ නැති නිසා." 

මන්මාර්සියන් ඉංග්ලිශ් නම වෙන්නේ 'හස්බන් මැටීරියල්'. ටිකක් අමුතුයි. මේක ලියන්නේ කාන්තාවක් නිසා නම ඇවිත් තියෙන්නේ ඒ පර්ස්පෙක්ටිව් එකෙන්. හස්බන් මැටීරියල්ස් කියන්නේ අර කලින් කතා කරපු ඩ්‍රග් එකමද..?
අනියම් හෝ අසම්මත විදියට අපිව සමහර මිනිසුන් (ගැහැණුන් හෝ පිරිමින්) ලං කර ගන්නේ, ලං වෙන්නේ මේ මැටීරියල්ස් නිසා ද? හැබැයි ඒ අය රුමීට වඩා වෙනස්. ටිකක් බයයි ෆ්‍රේම් එකෙන් එලියට ඇවිත් හිතන්න. කාලයක් හිටිය ප්‍රේමවන්තයා හෝ වන්තියගේ හිත රිද්දන්න බැරි කමට ඒ අය ආස මැටීරියල්ස් කැප කරනවා. ජීවත්වෙනවා අනෙකා වෙනුවෙන්. 
ඒත් තාමත් ඉදල හිටලා, සැරින් සැරේ ඇවිත් 'අසම්මත ප්‍රේමනීය ඩ්‍රග් එකක්' දොරට තට්‍ටු කරන්නේ මේ මැටීරියල්ස් නිසාම ද?

-තරිඳු ජයරත්න.

Sunday, December 9, 2018

Cold War 2018


සම්බන්ධතාවයක් කියන්නෙ හරි පුදුම දෙයක්. මේ ලෝකේ පවතින්නේ ඒ සබඳකම් නිසා. පරමාණු දෙකක් අතර ඉදන් සූර්‍යා සහ පෘතුවිය දක්වාත් එතැනින් එහාටත් හැමතැනම තියෙන්නෙ කනෙක්ටිවිටි. මිනිසුන් දෙදෙනෙක් අතර (විශම ලිංගික, සමලිංගික හෝ ඕනෑම ආකරයක) තියන මේ බැඳීමට ඇති ලොල් බවමයි පැවැත්ම. කෙනෙක් සමඟ බැදෙන්න අකමැතිව තනියම ඉන්න එකත් තනිකමට ඇති බැඳිම. 

Cold War - 2018 ගැන කොහොමද ලියන්නෙ කියල මේ කල්පනා කරන්නේ. අපේ මනස හරිම පුදුම දෙයක්. හරියට වැඩ ගන්නෙ නැති වුනාමත් මනස කම්මැලි වෙනවා. ෆිල්ම් එකක් ගැන කාලෙකින් ලිව්වේ නැතුව ඉදලම දැන් නියෝරෝන ඒ වෙනුවෙන් වැඩකරනවත් හොරයි. නිකොටීන් කියන්නේ එහෙම පාණ්ඩු නියුරෝන ස්පීඩ් කරන දෙයක්. ඉතිං නිකොටීන් ටිකක් පෙනහලුවලට ඉන්හේල් කරන ගමන් ආයෙත් කල්පනා කරන්නේ මේ Cold War ගැන. 

කෝල්ඩ් වෝ පෝලන්ත ෆිල්ම් මේකර් කෙනෙක් වන Paweł Pawlikowski ගෙ ෆිල්ම් එකක්. ඇකඩමි අවෝඩ්ස් හම්බ උනු Ida - 2013 ත් එයාගෙ. ඉඩා සහ කෝල්ඩ් වෝ දෙකම 4:3 රේශියෝ, බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් දෙකක්. ෆ්‍රේමින් පවෙල්ගෙ සිනමාවේ ගොඩක්ම හොද තැනක තියන දෙයක්. ඉඩා එකේ හැම ෆ්‍රේම් එකක්ම පේන්ටින් එකක් වගේ. ඒ තරම්ම රීඩබල්. 

හැබැයි අද මාතෘකාව 'කෝල්ඩ් වෝ'. 

දැන් වෙද්දි ෆිල්ම් එකක ඊස්තටික් පැත්තට වඩා මං හොයන්නේ ඒක කොච්චර මට දැනෙනවද කියන එක. මාර සිනමැටික් වීමට වඩා නිර්මාණයක් අපේ ඇතුළට කිඳා බහින එක තමයි දැන් වෙද්දි දැනෙන්නේ. කෝල්ඩ් වෝ කියන්නෙ එහෙම එකක්. ලොකු රික්තක් හදන පීස් එක්ක. 

අපි එක්ක හිටපු, අපිත් එක්කම සමහර අමාරු ලෙවල් පහු කරපු කෙනෙක් දැන් වෙද්දී ඉන්නේ වෙන කොහේවත්. ඒ තමන්ට අල්ල ගන්න බැරි තැනකට ඒ අය යන්නේ අපේ ඒ තිබ්බ අව්ලකට වෙන්න ඇති. අපෙන් ෆිල් වෙන්නෙ නැති දෙයකට වෙන්න ඇති. ඒත් දවසක ආයෙත් ආවොත්...! 

ඔහුට ඇය හමුවෙන්නෙ ඔහුගෙ වැඩකදි. ඔහුගෙ ඩ්‍රාමා (ඔපෙරා) එකක කාස්ට් එක හොයන තැනක. ඔහු ඇයට ගොඩක් ලං වෙනවා. ඇයත් එහෙමයි. ඔහු සූදානම් ඔහුගෙ වෘත්තීය ජීවිතය කැපකරලා ඇය එක්ක කොහේ හෝ තැනක හුදෙකලා වෙන්න. දෙන්න ඒකට සූදානම් වෙනවා. ඔහු ඒ කැපකිරීම කරල ඇය එනකම් සීතලේ රෑ වෙනකම් බලන් ඉන්නවා. ඇය නෑ. ඇයට ඇයගෙ ටාගට්ස් තියනවා. ඇය ඒ වෙනුවෙන් නවතිනවා. 

කාලයක් ගත වෙනවා. ඔහු දක්ශ මියුශීශියන් කෙනෙක්. හැබැයි දැන් ඔහු ක්ලබ් එකක පියානෝ ප්ලේ කරනවා. ආයෙත් අර ජීවිතය එනව ඔහු ළඟට. ඒත් එන්නේ ශෝ එකකට ආපු ගමන්. ඉක්මනින්ම වෙන් වෙන්න. ඔවුන් මොහොතකට හමුවෙලා ආයෙ වෙන් වෙනවා. 

ජීවිතය කියන්නෙ මේ හමුවීම් වෙන්වීම් වලට අර්ත හොය හොය එහෙමෙහෙ යන එක කියල හිතුනත්, අර්ත හොයන්න යන එකම තමයි ජීවිතයෙ වෙන ලොකුම ෆේලියර් එක. අර්තයක් කියන්නෙ හරිම කම්පැක් දෙයක්. අනික ඒක සාපේක්ශයි. ඉතිං නිදහස් බැඳීම් සමඟ හුදෙකලා වෙන්න. බැඳෙන්න. තේරුම් හොයන්නෙ නැතුව. 

සැකයත් ආදරය කියන පැකේජ් එකේ එන දෙයක් ගොඩක් වෙලාවට. හැම සම්බන්ධතාවයකම වගේ මේ සැකය අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි සබඳකමක් සබඳකමක් විදියට තියෙන්න ඇරියොත්, බැඳීම අනුරාගයක් වුනොත් සැකයට ඉඩ නැතිවෙලා යනවා. සමහරවිට සැකය රොමෑන්ටික් වෙනවා. 

දවසින් දවස හම්බ වෙලා ආයෙ වෙන් වෙලා වේදනා විඳලා, ආයේ හම්බවෙලා ආයේ වෙන් වෙලා වේදනාවෙන් ඉන්නවට වඩා හොදම දේ මොකක්ද..? දෙන්නගෙ ආදරයෙ නාමයෙන් මැරෙන එකද...?

කෙනෙක් සූසයිඩ් කරගන්න එක ඇත්තටම ෆේල් වීමක් නෙවෙයි. තමා වෙනුවෙන් ගන්න තීරනයක්. ජීවත්වෙන්න ලුහුබඳින අතරේ මරණය ලුහුබඳින්නත් කෙනෙකුට පුලුවන්. අෆයර් එකක් මරණයෙන් කෙළවර කරගන්න පුලුවන් නම්; සඳාකාලික බැඳීමක් විදියට දෙන්නෙක්ට තුරුල් වෙලා මැරෙන්න පුලුවන්නම්, ඒක ඇත්තටම හොඳ දෙයක්. ආදරණීය මරණයක්. ප්‍රේමනීය එක්වීමක්.

කෝල්ඩ් වෝ දේශපාලනික කෘතියකට වඩා මට, ප්‍රේමණීය කෘතියක්. ආදරය, මරණය රොමැන්ටටිස් කරන ‍ෆිල්ම් එකක්. මේ ඒ මරණීයාදරයට කෙටි සටහනක්.

-තරිඳු ජයරත්න, 
 ස්වර්ගයෙ සිට.