Saturday, July 11, 2020

ඇවිලෙනසුලුයි (Inflammable) - 2020



‘සමනලී ෆොන්සේකා ඉන්න හින්දා හොඳ ෆිල්ම් එකක් කියලා හිතුවේ‘

MC Gold, mini theatre එකේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක බලලා එන ගමන් ඇන්ටි කෙනෙක් එහෙම කිවුවා. ඒ කතාව මතක් කරේ දරේ. ඇවිලෙනසුලුයි, අවුලව ගන්න ඒක හොඳ තැනක්. ලංකාවේ කොහොමත් තරු සංකල්පය පීචං වෙච්ච රටක්. ඉතිං එහෙම තත්වයක් උඩ වුණත් තාමත් නලුවෙක්, නිලියක් ගැන විශ්වාස කරලා ෆිල්ම් බලන්න මිනිස්සු එන එක කර්මානත්යක් විදියට හොඳ ප්‍රවණතාවක්.

ඇයි ඉතිං එහෙනම් බැන බැන යන්නේ?

මං ඇවිලෙනසුලුයි මීට කලින් බැලුවේ Jaffna Cinema Festival එකේ. ඉතිං මේ ළඟදි බැලුවේ දෙවෙනි පාරට. බලලා ගියේ වෙස්පා එකට. විකල්ප කලාවක ආශ්වාදය විඳින ඇඩ්වටයිසිං සෙට් එකක් එක්ක වුණත් එතන හිටපු ගොඩක් අයට ෆිල්ම් එක ලූස් වගේ දැනිලා. කතාව ලිහාගන්න ඇරිස්ටෝටලියානු අවසානයක් නැතත් කෘතියකට අවශ්‍ය ‘අවසානයක්‘ කියන අවසානයක් ඒ හැමෝම වගේ බලාපොරොත්තු වුණා. අඩුම තරමේ open-ended එකක්. 

Search Results

Web result

ඇයි අපි හැමෝම කතාව තමන් ඇතුලේ නැතුව එළියේ දකින්න කැමති.

නීට්ෂේ කියනවා, තමන්ගේ වැරැද්දක් ගැන කරන පාපොච්චාරනයකින් පස්සේ ඒක තමන්ට මතක නැති වුණත් අහන් ඉන්න කෙනාට ඒක මතකයි කියලා. මේ වුණෙත් එහෙම දෙයක්. දැන් චින්තට පාපොච්චාරනේ මතක නැතුව ඇති. spectator එකට නම් එක මතක ඇති. ඒත් තේරෙන්න නැති එක තමයි ඒ අයට තියන අවුල.

අවුල, හවුලේ තව අවුල් කරගමු.

Drak Web series එක ඉවර වුණා. පැටලිලා පැටලිලා තිබ්බ කාතාව 3rd season එකේ යම්තාක් දුරකට විසඳනවා. නියමිත අවසානයක් අවුල් නොකර ගේනවා. හැබැයි ඇවිලෙනසුලුයි ඉවරවෙන්නේ එහෙම සැනසීමෙන් නැගිටලා යන්න පුළුවන් විදියට නෙවෙයි. තාම ඉවර වෙලා නැති කතාව එහෙමම තියනවා. facts අරං ඒවා එකින් එක විසඳගන්න එක ඇත්තටම තමන්ට පුළුවන් වගේ වුණත් ලිහන එකෙන් වෙන්නේ තවත් පැටෙලෙන එක. ඉතිං ලිහලා ලිහලා පටලගන්න එක අපිට බාර දෙයක්.

ටැරැන්ටිනෝට පිස්සුද?

ටැරැන්ටිනෝ ගැන කිව්වම එක පාරටම මතක් වෙන්නේ ළඟ ළඟ කපා කොටාගෙන වෙඩි තියා ගැනීම් ගානකින් පස්සේ ඔක්කොම මැරෙණ එක. සහ film treatment එක ටිකක් වෙනස්. characters build වෙන විදියේ ඉඳන් color grading, editing, sounds සහ cinematography දක්වාම ඒක ආවේණිකයි. උද්වේගකරයි. ටැරැන්ටිනොගේ අභාෂයෙන් ඇවිලෙනසුලුයි, ඇවිලුනත් story එක නවත්න්නේ ලීන්ච් ගාව.

අනේ මන්දා මේ ලීන්ච්!

ලීන්ච්ගේ ෆිල්ම්ස් කොහොමත් තේරෙන්නේ නෑ කියලා තමයි අපි දන්නේ. ඒ දන්නකම නිසාමයි අපි ලින්ච්ගේ ෆිල්ම් එච්චර ආසාවෙන් බලන්නේ. ‘අනේ මන්දා‘ මොකද මේ වුණේ කියලා හිත හිත ආයෙත් බලනවා. ඒක වෙනම ආතල් එකක්. ලීන්ච් ඇරිස්ටෝටලියානු විදියට කතාවක් කියලා කවදාවත් අපේ බලාපොරොත්තු කඩන්නේ නෑ. ලින්ච් ලින්ගේ ආතල් එක ගන්නවා. අපි ඒවා බලලා ලින්ච්ට වඩා අපි ආතල් එකක් ගන්නවා.

ආතල් කඩපු ආතල් එක

ඇවිලෙනසුලුයි ආකෘතියක් විදියට ටැරැන්ටිනො සහ ලින්ච් එකට අවුලලා තියනවා. ඉතිං ටැරැන්ටිනොගේ පිස්සුවයි, ලීන්ච්ගේ ‘අනේ මන්දා‘ කමයි එකට එකතු වුණාම කොහොමත් mass එකේ වගේම ජනප්‍රිය alternative එකෙත් ආතල් එක කැඩෙනවා. alternative එක කොහොමත් ඉන්නෙත් එකතරා frame එකක නිසා, ඒ frame එක කැඩුනම alternative එක, ඒක බාර ගන්න සූදානම් නෑ. ඉතිං මේ දෙකේම ආතල් කඩපු එකම තමයි ඇවිලෙනසුලුයි එකේ ඇවිලෙන ආතල් එක.

හම්බන්තොට ගෙනියන මරණය

ලංකාවේ වානිජ නගරය කොළඹ වුණාට දැන් දශක එක හමාරක වගේ ඉඳන් ලංකාවේ බලය කේනද්‍රගත වෙන්නේ හම්බන්තොට (දකුණ) වටා. සීග්‍ර දියුණවක් ළඟා කරගන්න හදපු හම්බන්තොට ආණ්ඩුමාරුවෙන් පස්සේ නැවතුනා. death city එකක් ළඟටම හම්බන්තොට පත් වුණා. ඒත් දැන් ආයෙත් වුණු බල පෙරලියත් සමඟ ඒ පැත්ත අළු ගසලා දාලා නැගිටියි. ඒ අමුතු මැරෙන-නොමැරෙන නගරයට තමයි මේ පිටිපස්සේ මරණයක් අරං ඉස්සරහා ආදරයක් තියං රතුපාට කාර් එක යන්නේ.

ඉස්සරහ මරණයක්. පිටිපස්සේ ආදරයක්.

ඇඩ්වටයිසිංවලම කරක් ගහපු නිසාමදෝ චින්තට දැන් වේගෙන් ලියන්න පුළුවන් ඇති. plot twist කරමින් වැඩේ ඇතුලේ හදාගන්න කතාවේ විනය මීට වඩා ටිකක් තිබ්බ නම් හොඳයි කියලා දැනුනත් මේ ආකෘති හරඹය ලංකාවේ අපිට ටිකක් වෙනස්. ධර්මසිරි ඒකාලේ කරපු ‘හංස විලක්‘ බලද්දි තාමත් අපිව හොල්මන් වෙනවා. ඇවිලෙනසුලුයි කාලෙකින් එහෙම ඇවිලෙන වැඩක් වෙයි. පිටිපස්සේ තිබ්බ මරණය, ආදරයක් වෙලා ඉස්සරහට එද්දී කොරෝනාවලට වහපු හෝල් ආයේ ඇරෙද්දි experimental සිනමාවක් ලංකාව අවුලවන්න ගත්තා. ඇවිලෙන්නේ චුට්ටක් වෙන්න ඇති. ඒත් අළුයට ඒවා හැංඟිලා තියෙවි. කාලෙත් එක්ක අවශ්‍ය අය අළු පිඹලා ඒවා මතු කරගනීවි. 

මැණිකේ මම ආයේ ගෙදර එනවා.

‘අවසානය කියන්නේ ආරම්භයක්. ආරම්භයක් කියන්නෙත් අවසානයක්.‘ Dark එකේ එක තැනක කියනවා එහෙම. 



- තරිඳු ජයරත්න.

1 comment:

  1. ඔබගේ වෙබ් අඩවිය අපගේ සින්ඩියෙහි පල කර ගැනීමට මේ ලින්ක් එකෙන් එන්න. https://techwishwayasyndi.blogspot.com/

    ReplyDelete